බුදු දහම විකෘති කිරීමට දේශපාලනඥයින් ද වගකිව යුතුයි-අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන්

වර්තමානයේ බුදු දහම විකෘති කිරීමට විවිධ නම්වලින් පුද්ගලයින් පෙනී සිටීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් ද වගකිව යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි පවසනවා.මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක දී උන්වහන්සේ පෙන්වා දුන්නේ නිසි ලෙස දහම් අධ්‍යාපනය නොලැබූ පිරිස් සමාජ විරෝධී ක්‍රියාවලට පෙළඹෙන බවයි.මහනුවර පොල්ගොල්ල ශ්‍රී බෝධිමල්කඩ විහාරස්ථානයේ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලේ සහතික පත් ප්‍රදානය හා දහම් පාසල් දරුවන් 250 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීම අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *