ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය සමඟ එක්වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.අද (29) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවකදී ඔහු සමගි ජන බලවේගය සමඟ එක් වී ඇති අතර එහිදී ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළ බවයි වාර්තා වෙන්නේ. 1980 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස සිය හමුදා ජීවිතය ආරම්භ කළ ඔහු ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ මූලික පුහුණුව ලබා 1981දී ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන ලුතිනන්වරයකු ලෙස පත්ව තිබෙනවා. යුද්ධය වෙනුවෙන් එතුමා දැක්වූ සුවිශේෂී දායකත්වය හේතුකර ගෙන වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, උත්තම සේවා පදක්කම, දේශ පුත්‍ර පදක්කම ආදී සම්මාන රාශියකින් පිදුම් ලැබීමටද ජෙනරාල් දයා රත්නායක සමත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *