මේ වසරේ ගත වූ දින 28ට තවත් අලි මරණයක් ,20 වෙනි අලි මරණය.

මැදවච්චිය මහදිවුල්වැව වෙල් යායේදී වන අලියෙකු අනවසර විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.වයස අවුරුදු 8ක් පමණ වන මෙම වන අලියා කුඹුර මැදින් ගමන් කරමින් සිටියදී ගොවියෙකු විසින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් එම ස්ථානයේම මියගොස් ඇති බවයි අනුරාධපුර වනජීවී නිලධාරීන් සදහන් කර සිටියේ.

2024 ගත වූ දින කීපය ඇතුළත හදිසි අනතුරු හා මෙවැනි විදුලි රැහැන්වල පැටලීම නිසා මිය ගිය 20වන අලියා මෙම අලියා බවයි රජරට පාරිසරික සංවිධාන පෙන්වා දෙන්නේ

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *