“මම ජාත්‍යන්තරයට ඕනි විදිහට වැඩ කරන්න සුදානම් නෑ” ,මහජන ආරක්ෂක අමාත්‍ය පවසයි.

යුක්තිය මෙහෙයුමට ජාත්‍යන්තරය බලපෑම් කළත් එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තරය මෙය නතර කිරීමට බලපෑම් කළද මෙරට මත් ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ ” යුක්තිය” මෙහෙයුම නොකඩවා සිදුකරගෙන යන බවයි ඔහු සඳහන් කරන්නේ.මීගමුව කොට්ඨාස ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.ලබන ජූනි 30 වෙනි දින වනවිට මෙම මෙහෙයුම හේතුවෙන් රටේ විශාල වෙනසක් සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

 

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *