කොදෙව්වන්ගෙන් ක්‍රිකට් වාර්තාවක් !

මංගල ටෙස්ට් තරගාවලියට එක්වු Shamar Josephගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ වසර 27කට පසු ඔස්ට්‍රේලියාවේදි ටෙස්ට් ක්‍රිකට් ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය ලකුණු 08ක ජයක් වාර්තා කරමින්.

Shamar Josephගේ සුපිරි පන්දු යැවිම හමුවේ ඔස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 207කට සීමා වුයේ 1997 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක් හිමිකරදෙමින්.

මෙම තරගයේ පලමු ඉනිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 311ක් ලබා ගත් අතර ඔස්ට්‍රේලියාව පලමු ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලු‍ 09කට ලකුණු 289ක් ලබා සිටියදියි.එහිදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 193කට සීමා වුණා. ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 216ක ඉලක්කයක් හිමිවුණා.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *