විකල්ප යෝජනා තිබේ නම් IMF සමඟ සාකච්ඡාවකට සූදානම් වන්න – ජනපතිගෙන් පක්ෂ නායකයන්ට දැනුම් දීමක්

  • මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැඟිය හැක්කේ කෙසේද කියා සැලැස්මක් සියලු දේශපාලන පක්ෂවලට තිබිය යුතුයි.
  • 2023 වසරේ ලද තීරු බදු ආදායම වෙනුවෙන් ජනපතිගෙන් රේගු දෙපාර්තමේන්තුවට ප්‍රණාමය.
  • රජයේ අපේක්ෂිත ආදායම් ඉහළ නංවා ගැනීමට රේගු සේවාව වඩාත් කාර්යක්ෂම විය යුතුයි.
  • රේගුව ඇතුළු රාජ්‍ය ආදායම් උපයා දෙන දෙපාර්තමේන්තු ඉදිරියේ දී නවීකරණයට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවද කියා සිටියේය.

පොරොන්දු දේශපාලනයෙන් සිදු වූයේ රටේ ආර්ථිකය විනාශ වීම බවත්, මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සියලු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රේගු මූලස්ථානයේ දී ඊයේ (27) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමිනි.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *