“විදුලි ඇමැතිගේ තක්කඩි වැඩ වලට විරුද්ධ වුණා”

අන්තනෝමතික ආකාරයට විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති විදුලි බල අමාත්‍යවරයාගේ උවමනාව අනුව ඉවත් කිරීමට දරණ උත්සාහය හෙළා දකින බවත් එම තීරණයට උත්තර ලංකා සභාගය එකඟ නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති පා.ම.විමල් වීරවංශ මහතා පවසයි.

ඒ වගේම කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමට අදාළව හෙට (24) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන පනතට එරෙහිව උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරු ඡන්දය පාවිච්චි කරන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

උත්තර ලංකා සභාගයේ සභාපති පා.ම.විමල් වීරවංශ මේ බව පවසා සිටියේ අද (23) පැවැති මාධ්‍ය හමුවේදීය.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *