ඉන්දියාවට චීනය ඇමරිකාව ඔස්ට්‍රේලියාව – තෙලේ බලය ට ගිවිසුම් ගසයි

ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අලෙවි දෙපාර්තමේන්තුවේ කළමණාකාර අධ්‍යක්ෂ චෙන් චෙන්ග්මිම් Chen Chengmim යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූහ

ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත් නොවන ආකාරයට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම පියවරට එළැඹිණි. පසුගිය සමයේ ඉන්ධන නැව්ගත කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LiOC) විශාල අභියෝගයකට මුහුණ දෙනු ලැබීය. මෙම ගැටලු‍ව විසඳීම සඳහා අමාත්‍යාංශය විවිධ උපාය මාර්ග සොයා බැලූ අතර ඊට පිළියමක් ලෙස ඉන්ධන නිෂ්පාදනය කරන රටවල පිහිටුවා ඇති පිළිගත් ඛනිජ තෙල් සමාගම්වලින් ශ්‍රිලංකාවට ඉන්ධන සැපයුම පිළිබඳ විමසන ලදී. එහි අරමුණ වූයේ මෙරට තුළ ක්‍රියාත්මක බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලයන් තුළින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සිදු කිරීමයි. ඒ අනුව මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි විය.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කරන ලදී.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *