මුස්ලිම් අැමතිවරු මරන්න කිවුවා.. මුස්ලිම් පල්ලි කඩන්න කිවුවා.. නාමල් කුමාරගෙන් තවත් හෙලිදරුවුවක්

 

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දැනුවත්ව ත්‍රස්තවාදී ක්‍රියා රැසක් දියත් කිරීමට  ප්‍රංශයේ සිටින පුද්ගලයකුගෙන් මුදල් ආධාර ලැබුණු බව , ජනපති ඝාතන ක්‍රමන්ත්‍රණයක් පිළිබඳව කරුණු හෙළි කළ නාමල් කුමාර  (27) තවත් හෙළිදරව්වක් කරමින් කියා සිටියේය.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කටහඬ පරීක්ෂාවක් සඳහා හෙට දිනයේදී රජයේ රස පරික්ෂක හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද නියෝග කළේය.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළ දුරකථන සංවාද රැසක් අනාවරණ කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැය කිහිපයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සමඟ පැවැත්වූ බව කියන දුරකථන සංවාද ඇතුළත්  තවත් හඬපටයක් සහිත සීඩී තැටියක්ද ලබාදුන්නේය.

එම සීඩී තැටියේ අන්තර්ගත කරුණු පැහැදිලි කිරීම සඳහා අද මාධ්‍ය හමුවක් නාමල් කුමාර පැවැත්වූ අතර එහිදී නි‍යෝජ්‍ය පොලිස්පති නාලක දසිල්වා කලකට පෙර තමාට කළ තර්ජනයකට අදාළ දුරකථන සංවාදයක් ද මාධ්‍ය වෙත නිකුත් කළේය.

නැගෙනහිර පළාතේ මුස්ලිම් සහ දෙමළ ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ප්‍රංශයේ සිටින ඩයස්පෝරාවට හිතවත් පුද්ගලයෙකුගෙන් ලැබුණු මුදල්වලට අදාළ චෙක්පත් සහ රිසිට්පත් කිහිපයක්ද අද මාධ්‍යයට ඉදිරිපත් කළේය.

මේ අතර නි‍යෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමග තවත් දුරකථන සංවාදයක් මෙහිදී මාධ්‍ය වෙත ලබා දුන්නේය.

මේ අතර ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව දුරකථන සංවාද මුල්කරගෙන ඊයේ නාමල් කුමාර මහතාගෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටහඬ පරීක්ෂා කිරීම සඳහා  කටහඬ සාම්පල ලබා ගත් අතර හෙට දිනයේදී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණ කටහඬ සාම්පල ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂ ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාට වරකාපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක උත්සවයකට ආරාධනය කර ඔවුන්ගේ ජීවිත අවධානමකට ලක්කිරීමට උත්සහ කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ කෑගලු දිස්ත්‍රික්කයේ නියෝජිතයින් සඳහන් කළේය.

නාමල් කුමාර සිදුකළ ආරාධනය තමන් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු කාල්ටන් නිවස වෙත ගොස් අදාළ ආරාධනය මහින්ද රාජපක්ෂ මහතා වෙත සිදුකර ඇති බවද ඔවුන් අනාවරණ කළේය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ත්‍රස්ත විමර්ෂණ අංශයෙන් ඉල්ලීමක් කරන බවයි.

කෙසේ වෙතත් ඝාතන කුමන්ත්‍රණයක පාර්ශවකරුවෙකු වී සිටියදී මහින්ද රාජපක්ෂ මහතාට සහ ගෝඨාභය රාජපක්ෂ මහතා  වරකාපොල ප්‍රදේශයේ විහාරස්ථානයක උත්සවයකට ආරාධනා කළේ ඇයි ද යන්න අප අද නාමල් කුමාරගෙන් විමසා සිටියේය.

එහිදී අදහස් දැක්වූ  දුෂණ විරෝධි බලකායේ විධායක අධ්‍යක්ෂ නාමල් කුමාර සඳහන් කළේ විහාරස්ථානයේ චෛත්‍ය සඳහා මුල්ගල තැබීමට හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ආරාධනා කිරීමට විහාරාධිපති හිමියන් බලාපොරොත්තු වූ බවත් ඒ අනුව ආරාධනාවක් සිදුකළ බවයි.

කෙසේ නමුත් අදාළ දිනය ලබා ගැනීමට අපහසු වූ නිසා ඉදිරියේදී දිනයක් ලැබේවි යැයි අපේක්ෂාවෙන් ඉදිරිවැඩකටයුතු සිදුකරමින් පවතින බවයි.

මේ අතර හිටපු ජනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා රැඳවුම් නියෝග මත  මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයා විසින් තම දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

තවද එම ඉන්දිය ජාතිකයාව අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ උපදෙස් මත කායික, මානසික හා විකලාංග වෛද්‍ය සායනයක් ‍වෙත යොමු කරන ලෙසද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *