ඇමති මංගලගෙන් කතෝලික සභාවට මිනී මැරුම් චෝදනා…..

අප අදහන ආගම් වල ඇත්තේ මානව හිමිකම් බවත් ඒවා අමුතුවෙන් කියා දීමට උවමනාවක් නැති බවත් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා රළු ප්‍රතිචාර දක්වයි.

ඇමතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා කර ඇත්තේ කතෝලික ආගම මර්දනීය අතීතයක්ද සහිත බව පෙන්වාදෙමිනි.

කතෝලික සභාව විසින් අන්‍යාගමිකයන්ට එරෙහිව දියත් කරන ලද භීෂණය මානව හිමිකම් වල මූලාරම්භය ඇති වීමට හේතු වූ බව ද ඇමතිවරයා සඳහන් කරයි.

තම ආගම පිළිනොගන්නා හා ප්‍රශ්න කළ පුද්ගලයන්ට කතෝලික සභාව විසින් දෙතිස් වද දී මරා දැමීමද අන්‍ය ආගම්වලට එරෙහිව ආධිපත්‍ය පැතිරවීමට කුරුස යුද්ධයක් ඇති කළ බවද ඇමතිවරයා සිහිපත් කරයි.

lankacnews

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *