මෛත්‍රී සහ ගෝඨා ඝාතන සැලැස්මක්…

.

 මෛත්‍රී සහ ගෝඨා ඝාතන සැලැස්මක්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සිදු කළ බව කියන දුරකථන සංවාද කිහිපයක් ඊයේ දූෂණ විරෝධී බලකාය නැමති සංවිධානය මාධ්‍ය හමුවේ අනාවරණය  කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද දූෂණ විරෝධී බලකාය නැමති සංවිධානය අනාවරණය කරයි. ඒ සම්බන්ධයෙන් එම සංවිධානය අද (13) පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහි දැක්වුනේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා දුරකථන සංවාදයේදී සඳහන් කරන්නේ අගමැතිවරයාට ලකුණු වැටෙන පරිදි සැලසුමක් සකස් කර අගමැතිවරයා උලුප්පා දක්වන ආකාරයෙන් කටයුතු කළයුතු බවයි.

2020 වසරේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බවත් බැරිම අවස්ථාවක් පැමිණිය හොත් පාතාල නායයෙකු හරහා කළ යුතු දෙයක් සිදුකළ යුතු බව  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව දූෂණ විරෝධී බලකාය ඊයේ සිදු කළ හෙළිදරව්ව පිළිබඳව අද ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ දූෂණ විරෝධී බලකා සංවිධානය ඊයේ (12) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බවයි.

 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *