”තරඟයට වැඩ කර ඉදිරියට එන්න” -අගමැති ගෙන් අභියෝගයක්

එක්සත් ජාතික පෙරමුණේ සියළුම මැතිඇමතිවරුන් ඉදිරි මාස කිහිපයක දී තරඟයට වැඩ කර ප්‍රතිඵල පෙන්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

මැති ඇමතිවරුන් ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබුවේ සංවර්ධන කටයුතු සඳහා යහපාලන ජාතික රජය ආරම්භ කර තිබෙන රටපුරා ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවේදිය.

යහපාලන රජයට මාස 3 සම්පූර්ණ වන විට ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කළ බව සිහිපත් කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ග්‍රාම ශක්ති වැඩසටහන හරහා රටේ සංවර්ධනය ක්‍රියාත්මක වන බව කියා සිටියේය.

ග්‍රාමීය මාර්ග පොදු පහසුකම් ඇතුළු කටයුතු සඳහා රජය කෝටි 8000 ක් වෙන් කර ඇති අවස්ථාවේ තරඟයට වැඩ කර ඉදිරියට පැමිණිය යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ජාතික රජයේ මැති ඇමතිවරුන්ට කරුණු දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පෘතුගිසි හමුදා කන්ද උඩරටට පැමිණෙද්දි බලනට ළගාවන තුරු නිහඩව සිටි පළවන විමලධර්මසූරිය රජතුමා ඔවුන් බලනදි පරාජය කළ බවත් පෙන්වා දුන්නේය.

පෘතුග්‍රිසි හමුදා බලනට එනතෙක් පහර නොදිම සම්බන්ධයෙන් විමලධර්මසූරිය රජතුමාට තමාට මෙන්ම බැනුම් ඇසීමට සිදුවූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජය දැන් නියම මාර්ගයට ඇතුළු වී ඇති හෙයින් වැඩ පෙන්වා ඉදිරියට එන්නැයි ද රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමතිවරුන්ට දැනුම් දුන්නේය.

මුළු දිවයිනම ආවරණය වන පරිදි වැඩමුළු 150 ක් පවත්වා එක්සත් ජාතික පාක්ෂිකයන් දැනුම්වත් කිරිමට එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධාය, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා කටයුතු යොදා ඇත.

ජාතික සංවිධායක නවීන් දිසානායක මහතාගේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක මේ වැඩමුළු මාලාවට කොට්ඨාශයකින් පාක්ෂිකයන් දහ දෙනා බැගින් තෝරා ගෙන කොට්ඨාශ 3792 ක් මගින් 40000 ක් සහභාගී කරවා ගැනීමට අපේකෂිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අනුමැතිය යටතේ අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් කරනු ලබන මේ වැඩපිලිවෙල හරහා යහපාලන ජාතික රජය සම්පූර්ණ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති ගැන දැනුම්වත් කිරිමට අපේක්ෂිතය

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *