මුස්ලිම් එඬේරුන් සහ ක්‍රිස්තියානි ගොවීන් අතර ගැටුම්

පසුගිය 24 වෙනි ඉරිදා දිනයේ නයිජීරියාවේ මධ්‍යම ප්‍රදේශයේ ප්ලෙටෝ ප්‍රාන්තයේ සිදු වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 86 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගැටුම් ඇති වූයේ මුස්ලිම් එඬේරුන් සහ ක්‍රිස්තියානි ගොවීන් අතර බව සඳහන් වේ .

රටේ උතුරුදිග ප්‍රදේශවල සැරිසරන මුස්ලිම් එඬේරුන් ,කෙමෙන් රට මැද දෙසට සිය ගව රංචු ගෙන ඒමට පටන් ගෙන ඇත .  නියඟය සහ බොකෝ හරාම් ත්‍රස්ත ප්‍රහාර  ඊට ප්‍රධාන හේතු වශයෙන් හඳුනාගෙන ඇත .

කෙසේ නමුත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්ලෙටෝ ප්‍රාන්තය වැනි ප්‍රදේශවල ගොවීන් සමග ඔවුන් ගැටුම් ඇති කර ගන්නා තත්ත්වයකට පැමිණ ඇත. මෙය ආගමික මෙන් ම ගෝත්‍රික ගැටුමක් ලෙස වර්ධනය වීමේ විශාල අවධානමක් තිබෙන හෙයින් නයිජීරියා රජය මේ පිළිබඳ විශාල අවධානයක් යොමු කරන බව සඳහන්වේ.

ඉරිදා සිදු වූ ගැටුම්වලට ප්‍රතික්‍රියා කිරීමක් ලෙස ප්‍රදේශයේ ඇඳිරි නීතිය පැනවීමට රජය ක්‍රියාකර ඇත . මෙම මරණ සඳහා වග කිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමට ක්‍රියා කරන බව ජනාධිපති මුහමදු බුහාරි සඳහන්කළේය .

Chamara Sumanapala

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *