වදවීමේ තර්ජනයට ලක්ව ඇති දිවියෙකු සහාසික ලෙස ඝාතනය කිරීම/ ඝාතනය කරවීම,ඇතුළු වන ජීවි අපරාධ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොලිස්පතිට පැමිණිල්ලක්…

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියෙකු 2018 ජුනි මස 21 දින මරා දැමීම ඉතා කණගාටුදායක තත්ත්වයන් බව පරිසරවේදීහු කියා සිටිති.
වඳවී යන සත්වයෙක් වන මෙම දිවියා යම් කිසි පුද්ගලයෙකු මරා දමන්නේ නම් එය බරපතල ලෙස නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27.(14), 28(ඉ) ව්‍යවස්ථාවලට පටහැනි තත්ත්වයෙන් ක්‍රියා කර ඇති බවත්,විශේෂයෙන් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 60 වගන්තිය සහ 60 (ආ) වගන්තිය සැළකීමේදී දිවියාගේ ආරක්ෂාවමිනිසුන්ගේ ආරක්ෂාව බරපතල ලෙස අනතුරේ හෙලීමක් බව පරිසර සංවිධාන සහ පරිසර වේදීන් ප්‍රකාශ කරති.
එමෙන්ම කිලිනොච්චිය වනජීවී නිලධාරීන්ද දිවියා ආරක්ෂා කරගැනීමට අවස්ථාවට උචිත නොවන ආකාරයකට රජාකාරි සිදු කර ඇති අයුරු පෙනෙන්නට ඇති බවක් පෙනී යන අතරම දිවියා මැරීමට දායක වූවන් වීඩියෝ පරික්ෂා කොට හෝ හඳුනාගත යුතු අතරම වනජීවි නිලධාරීන් වෙනුවෙන්ද වෙනම පරික්ෂණයක් සිදු කළ යුතු බවට පරිසර වේදීහු වැඩි දුරටත් කියා සිටී.
දිවියා ඇල්ලීමට යාමේදී දිවියාගේ පහරදීම හේතුවෙන් වනජීවි නිලධාරියෙකු තුවාල ලැබීමත් සමග වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ දිවියා ඇල්ලීට අවශ්‍ය පිරිස් හා උපකරණ රැගෙන ඒම සඳහා බව පැවසෙන අතර වනජිවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්වීමත් සමග ප්‍රදේශවාසීන් නැවත දිවියා සෙවීමට යාමේදී දිවියා විසින් නැවත වරක් පහර දීමෙන් සාමාන්‍ය වැසියන් තුවාල ලැබ ඇති අතර වනජීවි නිලධාරීන් සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් නොවූවේ නම් දිවියා මරා දැමීම වලකා ලීමට හැකි වන බවටත්පරිසරවේදීන් කියා සිටිති.
මෙම සත්වයා ඝාතනය කිරීමට පෙර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ස්ථානයටගොස් ඇති බවත්, කෙසේ වෙතත් මෙම සතාගේ ජීවිතය ආරක්ෂා කිරීමට සහ එම සතාගේ හැසිරීම/ සත්ව චර්යාවන් පාලනය කිරීමට පොලීසිය සහප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී ඇතුළු අය අපොහොසත් වී ඇති අති බවත් විශේෂයෙන් රජයේ නිලධාරීන් සහ ඒ අවස්ථාවේ සිටි පුද්ගලයින් මෙම වනජීවි අපරාධයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ බවත් පරිසරවේදීන් කියයි.
සිදුකර ඇති මෙම වනජීවි අපරාධය සම්බන්ධව සම්පූර්ණ විමර්ශනයක් සිදුකර අදාල වැරදි සදහා අනුබල දී ඇති අයද ඇතුළු සියලු සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සදහාසීගිරිය හි පිහිටි පාරිසරික හා සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරුන් වන සුජීව ජාසිංහ සහ සුදර්ශනී ප්‍රනාන්දු යනඅය විසින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මගින් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක සංශෝධිත පනතේ 60 (ඉ) වගන්තිය යටතේ ක්‍රියා කිරීමට මෙම දැනුම් දීම පොලිස්පතිවරයා වෙත කර ඇත. මෙම පැමිණිල්ලේ පිටපත් තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති වෙත ද යොමු කර ඇත.
එකී පැමිණිල්ලට අදාල දැනුම් දීම පහත දැක්වේ…

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *