”වර්ෂාව නිසා එක පැත්තකින් කණගාටු වෙනව තවත් පැත්තකින් සතුටු වෙනව”- ජනාධිපති

වර්ෂාව හොදින් ලැබෙනව කියන්නේ අනිවාර්යෙන්ම ආර්ථික වර්ධන වේගය 2.5-3.0% දක්වා ඉහල යන බව ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ග‍්‍රාම ශක්ති සංවර්ධන වැඩපිලිවෙල බදුල්ලේදී ප‍්‍රගති සමාලෝචනය කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

‘මේ දිනවල වර්ෂාව නිසා එක පැත්තකින් කණගාටු වෙනව වගේම තවත් පැත්තකින් සතුටු වෙනව. අපි දැන් පහුගිය අවුරුදු හතරක් රටේ තුනෙන් එකකට වැඩි ප‍්‍රමාණයක දැඩි නියගයකට මුහුණ දුන්න.

මම ඉතාම සතුටට පත් වෙනව පසුගිය සතිය දෙක ගත් විට අනුරාධපුර කලා වැව පිටාර ගලන්න ගත්තේ අවුරදු හතරකින් පස්සෙ. වලවේ ජලාශය පිටාර ගලන්න ගත්තෙ මං හිතන්නේ අවුරුදු පහකට විතර පස්සෙ.

කිසිම සංවර්ධන කාර්යක් නොකර ආණ්ඩුව නිකං හිටියත් හොදට වර්ෂාව ලැබෙනව නම් GDP 2.5-3.0%ක් නිකම්ම නගිනවා. ඒ නිසා වර්ෂාව හොදින් ලැබෙනව කියන්නේ අනිවාර්යෙන්ම ආර්ථික වර්ධන වේගය 2.5-3.0% ස්වභාව ධර්මයාගෙන්ම ලැබෙන ආශිර්වාදයක්

 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *