වැරදුන කුරුමානම –

එවකට අපේ රටේ ඉඩම් අයිතියිතිය තිබුණේ එන්ගලන්තයේ රජවරුන් අතේය. ඉන්පසු එසමයේ රජවරුන් යටතේ ක‍්‍රියාකළ දැනඋගත් ශ‍්‍රී ලාංකීක ප‍්‍රභූවරුන් අතරද අති විශාල ඉඩම් ප‍්‍රමාණයක් තිබිණි. එ් අනුව කොළඹ කොල්ලූ පිටියේ ඇල්ප‍්‍රඞ් හවුස් ගාර්ඩන් හි පදංචි රෙජිනෝල්ඞ් අර්නසට් ස්ටිවන් ද සොයිසා මහතා සතුව තිබූ කලූතර දිස්ත‍්‍රීක්කයේ රයිගම් කෝරළේ උඩුගහ පත්තුවේ මාපුටුගල ග‍්‍රාමනිලධාරී වසමට අයත් එගොඩවත්ත සහ කටුකිතුල් කන්ද ඉඩම අක්කර 235යි රූඞ් 01යි පර්චස් 20කි. මෙහි වටිනාකම රුපියල් එක්දහස් එකසීය හැත්තෑ දෙකෝටියකට(11,72,00,00,000* අධික බව ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව ගණන් බලා තිබෙය.

මෙම ඉඩම ඉකුත් 2012 වසරේදී වංචනික ලෙස කූට ලෙඛණ ඉදිරිපත් කර හොර ඔප්පු මගින් අයිතිකර ගැනීම පිළිබඳ තොරතුරු අණාවරණය වී තිබෙයි.

ඉඩම් ඔප්පු සහතික කළේ
එංගලන්තයේ සර් මැක්ලම් ආණ්ඩුකාරවරයා

රෙජිනෝල්ඞ් ස්ටීවන් ද සොයිසා තමන්ට අයත් මෙම ඉඩම හත්වැනි එඞ්වඞ් රජුට රුපියල් දහ හතරදාහස් හයසීය දහසයකට (14,616*උකස් කර තිබෙන්නේ 1909 දීය. ඔහු පසුව මෙම ඉඩම බේරාගෙන 1914දී නැවතත් උකස් කර තිබෙන්නේ රුපියල් දහනවදහස් හයසීයහැට අටකටය(19,668* මෙම ඔප්පුව සහතික කර තිබෙන්නේ එංගලන්තයේ සර් මැක්ලම් ආණ්ඩුකාරවරයාය.

සල්ගාදු හෝටලයේ පානදුර තේ සහ රබ්ර් සමාගම

ද සොයිසා මහතා යළිදු මෙම ඉඩම බේරාගෙන ඔහුගේ බිරියට අන්තිම කැමති ප‍්‍රයක් මගින් පැවරීමෙන් පසු ඔහු 1940දී අභාවයට පත් වී ඇත. ඔහුගේ බිරිය ඇඞ්ලින් මුණසිංහ මහත්මිය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට හෝටල් හිමිකරුවෙකුවන රිචඞ් සල්ගාදු හෙවත් සල්ගාදු හොටල් හිමිකරුට විකුණා තිබේ. සල්ගාදු මහතා මෙම ඉඩම සංවර්ධනය කරමින් එහි තිබූ තේ සහ රබර් වගාවද නංවමින් ආදායම් උපයා ඇති අතර එ් නමින් සමාගමක් පිහිටුවා තිබේ. එය පානදුර තේ සහ රබ්ර් සමාගම ලෙස ව්‍යාප්ත වී ඇත.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාවට පවරාගැනීම

මේ අතර මෙරට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැතිණියව සිටි සමයේ 1972 ඉඩම් අමාත්‍යවරයාව සිටි හෙක්ටර් කොබ්බැකඩුව මහතා පාර්ලිමේනතුවේ සම්මත කළ පනතකින් පුද්ගලයෙකුට තබාගත හැකි උපරිම ඉඩම් ප‍්‍රමාණය අක්කර පනහ සීමාව ක‍්‍රියාත්මක වීමත් සමග ඊට වඩා වැඩියෙන් ඉඩම් තිබෙනම් එ් පිළිබඳ රජයට ප‍්‍රකාශයක් මගින් දන්වන ලෙසද නිවේදනය කර තිබෙයි. එ් අනුව කලූතර කටුකිතුල වත්ත හිමි පානදුර තේ සහ රබර් සමාගම සභාපතිවරයාව සිටි රිචඞ් සල්ගාදු තමන් සතුව තිබෙන අක්කර 235යි රූඞ් 01යි පර්චස් 20ක ඉඩම පිළිබඳ රජයට දැන්වීමෙන් පසු එය ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාවට පවරාගෙන මෙම සමාගමට වන්දි ගෙවා ඇත.

ආයොජන මණ්ඩලයට විකිණීම

එතැන් පටන් කටු කිතුල කන්ද මේ කී ඉඩම, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව සතුව පැවැතිණි. එහෙත් මෙවැනි විශාල ඉඩම් නඩත්තු කිරීමට හෝ සංවර්ධනය කිරීමට වතු ක්ෂෙත‍්‍රයේ පළපුරුදු නිළධාරීන් මෙම කොමිසන් සභාව තුළ නොමැතිකම නිසා එය ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව විසින් රාජ්‍ය වැවිලි සංස්ථාවට ගැටට් මගින් පවරා තිබෙන්නේ 1994 වසරේදීය. රාජ්‍ය වැවිලි සංස්ථාවද මෙම ඉඩම ආයොජන මණ්ඩලයට විකුණා ඇත.

ඉඩම් මංකොල්ල කරුවන්ගේ සූදානම

මෙම ඉඩමෙන් අක්කර එකසීය හතලිස් හයකුත් (146*රූඞ් තුනක් (3* සහ පර්චස් විසිඅටක් (28* තමන්ට අයත් බවට පාදුක්ක හොරගල ආසනයේ සහ අරුක්වත්ත යන ප‍්‍රදේශවල පදිංචංකරුවන් දෙදෙනෙකු ද අවිස්සාවේල්ල මාෙදාල ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකුද 2012 ජූනි 10වැනිදා හෝ ඊට ආසන්න කාලයේදී ඉඩම්
ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාවට දිවුරුම් ප‍්‍රකාශ තුනක් ඉදිරිපත් කර තිබේ. එ් දිවුරුම් ප‍්‍රකාශ අනුව කොමිසන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු කොමිසන් සභා රැුස්වීමකදී පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභා පනතට අනුව එවැනි ඉඩමක් මෙම කොමිසන් සභාවට
අයත් නොවන බවයි. එ් අනුව දිවුරුම් ප‍්‍රකාශ මගින් අයිතිය ප‍්‍රකාශ කළ තිදෙනාට කටු කිතුල කන්ද ඉඩම 2012 ජූනි 25 දා නිදහස් කර තිබේ.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂමේ නිළධාරන් අවධියෙන්

මෙයට එරෙහි වූ එම කොමිසන් සභාවේ සේවක පිරිස් ඉතාදැඩි ලෙස විරෝධය ප‍්‍රකාශ කරමින් මේ අකටයුත්ත පිළිබඳව එම වසරේම සැප්තැම්බර් 8 දා එවකට ජනාධිපතිවරයාට, විපක්ෂ නායකවරයාට, කතානායකවරයාට, ඉඩම් සහ මුදල් අමාත්‍යංශවල ලේකම්වරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්වන විදුර වික‍්‍රමනායක, අනුර කුමාර දිහානයක සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙන්ම එවකට ආරථීක කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අල්ලස් හෝ ¥ෂණ චොදනා විමර්ශන කොමිසමටත් පොලිස්පතිවරයාටත්, අපරධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවටත් පැමිණිළි කර ඇතත් එ් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක නොවූ නිසා සත්‍ය අණාවරණය කරගත නොහැකි වී තිබේ. එ් නිසාම කටුකිතුල කන්ද වංචනික ඉල්ලූම්කරුවන්ගේ සන්තකයට පත් වී තිබේ.

එයින්ද සිය සටන අත් නොහල ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ සේවක පිරිස් මෙම ඉඩම් දේපල රටේ මහජනතාව සතු එ්වා නිසා කොමිසන් සභාව වෙත මෑතකදී පත් වූ සභාපතිවරයාටද මේ බව පැමිණිළි කර තිබේ. ඉන් පසු නව සභාපතිවරයා වූ සම්පත් සභසිංහආරච්චි මහතා විසින් එ් පිළිබඳ සොයා බැලා විමර්ශන කටයුතු කිරීමට නීතිඥ්‍ය බී.එ්. ඩබ්ලිව් අබේගුණවර්ධන මහතාට භාරදී තිබේ.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ විමර්ශන නිළධාරී
නීතිඥ්‍ය බී.එ්. ඩබ්ලිව් අබේගුණවර්ධන

1972 දි පුද්ගලයෙකුට සතුවිය යුතු ඉඩම් අක්කර පනහ උපරීම සීමාව පනත යටතේ යටතේ කලූතර කටුකිතුල කන්ද ඉඩම එම වසරෙදී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන්සභාව වන්දි ගෙවා ලබා ගත් ඉඩමක්. මේ ඉඩම කොමිසන් සභාවෙන් අන්සතු කරන්න ක‍්‍රියා කර තිබෙන්නේ කොමිසමේම සහකාර අධයක්ෂවරයෙක් බවට සිදු කළ විමර්ශන කටයුතුවලදී අණෘවරණය වී තිබෙනවා. ඔහු ආයතන නීති සංග‍්‍රහයේ පනස් අටවන පරිච්චේදයේ උප ලේඛනයට ගැනෙන පැහැර හැරීම් හෝ වෂමාචාරයන් හි නිරත වී ඇති බව අණාවරනය වී තිබෙනවා.

කටුකිතුල කන්ද ඉඩම අන්සතු කිරිමට ඔහු එම කොමිසන් සභාවේ රැුස්වීමකදී ඉදිරපත් කළ පත‍්‍රිකාව වංචනික ලෙස සිදුකළ එකක් විම. කොමිසන් සභා පිළිගත් ක‍්‍රමවේදයට අනුව මෙවැනි විෂයකට අදාලව කොමිසන්
පත‍්‍රිකා සකස්කර ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ ඉඩම් උපරිම සිමා අංශය මගින් එම අධ්‍යක්ෂකගේ අත්සනින් යුතුව වූවත් එ් බව දැන දැනත් එම අංශය දැනුවත් කිරීමකින් තොරව අදායම් අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා විසින් අංක 8018 හා 2012.06.21 දරණ කොමිෂන් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීම විෂමාචාර ක‍්‍රියාවක් ලෙසට සැළකෙනවා.

මෙම ඉඩම් ගනු දෙනුව අතිශයින්ම වංචා සහගත සැකකටයුතු ක‍්‍රියාවක්. දැනටමත් ගොනුකරගෙන ඇති තොරතුරුවලට අනුව මෙම ඉඩම වංචනික පාර්ශ්වය අතට පත්වීමට අවකාශ නොදිය යුතව තිබෙනවා. තවදුරටත් කළ යුතව තිබෙන පරීක්ෂණයන් සඳහා ගතවිය හැකි කාලය ගැන නොසළකා ඉදිරියටම කරගෙන යායුතුයි.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොම්සන් සභාවේ හිටපු සභාපතිවරයා සහ විධායක අධ්‍යක්ෂවරයා ද අන්‍යවශය උනන්දුවකින් ප‍්‍රමාණවත් ලෙස කරුණු සොයා බලන්නේ නැතිව කොමිසමේ නිළධාරීන්ට සත්‍ය තත්ත්වය වටහා නොදී කටුකිතුල කන්ද ඉඩම, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව වසින් අයිතිවාසිකම් නොකියන බවට තීරණය කළ බව ඉඩම් කොමිසමේ ලේකම් පී.ඞී.පී.කේ සේනාර්තන මහතා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ සභාපති
සම්පත් සුභසිංහආරච්චි

කූට ලේඛන හෝ හොර ඔප්පු හදලා ඉඩම් මංකොල්ල කෑ පුද්ගලයින් පිළිබඳව මේ වනවිටත් අපට පැමිණිලි 173ක් ලැබී තිබෙනවා. ඒ හැම දෙනාටම එරෙහිව නිතිය කි‍්‍රියාත්මක කරන්න අපි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොම්සන් සභාව ලෙසට බැඳිලා ඉන්නවා. අසවල් පුද්ගලයා බේරාගන්න ඕනේ. එයා අසවල් ඇමතියාගේ පුද්ගලයා කියලා අපි කිසිවෙකුට වාරණයක් දාන්නේ නැහැ. හැම කෙනාටම එක හා සමානව නීතිය ක‍්‍රියාත්මක කරනවා. මේවනවිටත් ඉඞ්ම් මංකොල්ල කෑ අය සම්බන්ධ ලැබි තිබෙන පැමිණිලිවලට පරීක්ෂණ ආරම්භ කරලා තියෙකවා. සමහර සිදුවීම් විභාහග කරන්න අල්ලස් කොමිසමට භාරදීලා තියෙනවා.

ලකාවේ ආර්ථීක මර්මස්ථානවලින් මේ ඉඩම් මංකොල්ල කාලා තියෙනවා. කූට ලේඛණ සහ හොර ඔප්පු හදලා ඒ ඉඩම් පවරාගෙන. කලුතර කටුකිතල කන්ද වගේම එඩින් ෆෝරස්ට් වත්ත අක්කර 200ක් කුණු කොල්ලයට විකුණලා තියෙන්නේ අපේ කොමිසන් සභාවේම සමහර නිළධාරීන්ගේ මැදිහත් වීමේන්. සමහර වටිනා හෝටල් හදලා තියෙන්නෙත් හොරට ගත් ඉඩම්වලයි. තානාපති කාර්යාල හදලා තියෙන්නෙත් අපේ කොමිසන් සභාවට අයිති ඉඩම්වල අනවසරයෙන්. දැන් මම මේවාට එරෙහිව ක‍්‍රියාත්මක වෙන නිසා මට විශාල වශයෙන් ජිවිත තර්ජන තියෙනවා. මට විරුද්ධව ලොකු මඩ ප‍්‍රහාරයකුත් ක‍්‍රියාත්මක වෙනවා. ඒ අයට මාව ලොකු හිස රදයක් වී තිබෙනවා. මගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙන්න කියලා මට බුද්ධි අංශවලිනුත් වාර්ථා කරලා තියෙනවා. මේ තත්ත්වය තුළ මේවා මැඩලන්න හා කොල්ල කෑ වටිනා ඉඩම් ආයෙත් කොමිසන් සභාවට අත්පත් කර ගන්න අපිට මේවා සම්බන්ධයෙන් මහ ජනතාව තොරතුරු ලබාදෙමින් ඉන්වා. ඒ ඉඩම් අපි රජයට ගත්තොත් රජයට විශාල ආදායමක් තියෙනවා. මේවා හොරට අයිති කරගැනීම මගින් රජයට කෝටි ගණනක මුදලක් අහිමි කරලා තියෙනවා. ඒ මුදල අපි ආයෙත් රජයට උපයා දිය යුතුව තිබෙනවා.

 

රුක්මාල් සිල්වා

lakbima

 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *