ආණ්ඩුව අසාර්ථකයි කියලා ජනාධිපති කිව්වා – එස්.බී.

අග‍්‍රාමාත්‍ය රනිල් විමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්විසභංගයට සහය පල කිරීමේ දහසය දෙනාගේ කණ්ඩායමේ ප‍්‍රමුඛ කාර්ය භාරයයක් ඉටු කළේ හිටපු අමාත්‍ය එස්.බී දිහානායක මහතාය. විශ්වාසභංගයෙන් එම කණ්ඩායම ලද පරාජය හා ඔවුන්ගේ දේශපාලනයේ හෙට දවස ගැන ඔහු සමග කළ සාකච්ඡුාවක කෙටි සටහනකි. මේ.

විශ්වාසභංගය සාර්ථක කර ගන්න බැරිවුණේ දුමින්ද දිශානායකයි මහින්ද අමරවීරයි සහය දැක්වූ නැති නිසා බව කතාවක් තියෙනවා එ්ක ඇත්තක්ද?

අපි මුල ඉඳලා අග වනතුරුම අපේ පක්ෂයේ හතලිස් එක්දෙනාම එකට ඉන්න ඕනාය කියන ස්ථාවරයේ හිටියා. එහෙම ඉන්න බව අපි වගේම අපේ ජනාධිපතිතුමාත් දැක්කා. වෙනත් පාට පක්ෂවල අයත් දැක්කා. අපි එක තැනක ඉඳලා විශ්වාස භංගයට යායුතුයි කියන මතයේම හිටියා. හතලිස් එකෙන් දෙන්නෙක් අනිත් පැත්තට ගියා. අනිත් තිස්නව දෙනා ගැන අපි ගණන් හදාගෙනමයි හිටියේ. මමනම් කාටවත් ඇඟිල්ල දික් කරන්න කැමති නැහැ.

ඇත්තටම ඔබ තුමන්ලා විශ්වාසභංගය පරදින බව දැනගෙන හිටයෙම නැද්ද?

පක්ෂයේ වෙනත් පිරිසක් මේ විශ්වාස භංගයට විරුද්ධ වෙලා අගමැති තුමාට පක්ෂපාතී ස්ථාවරයකට යන්න සූදානමින් හිටියා. එදා පැවති වාතාවරණය උඩ කිසියම් ස්ථාවරයකට එන්න ජනාධිපති තුමාට බැරි උනා. එතුමාත් මධ්‍යස්ථ ස්ථාවරයක් ගත්තා. එතකොට අපේ පක්ෂයේ බෙදිල්ලක් ආවා. බෙදිල්ල ආවාම අපිට තේරුනා විශ්වාස භංගය අපිට ජයග‍්‍රහනය කරන්න බැරිවන බව. එ් අනුව අපිත් එක්ක එකට හිටි සුළු පක්ෂ ගණනාවටම මම කිව්වා තමන්ගේ පක්ෂයත් එක්ක ගිහිං තමන්ගේ දේශපාලන ආරක්ෂාව සපයා ගන්න කියලා.

දුමින්දයි දිහානායකයි මහින්ද අමරවීරයි එක්ක දහසහය දෙනාගේ ගණ්ඩායමේ සමහරුන් පෑහීමක් නැහැවගේ නේද?.

එ්ක පක්ෂයේ අභ්‍යන්තරයේ කාරණයක්. එ් දෙන්නා තවමත් පක්ෂයෙත් සංධානයෙත් ලේකම්වරුන් හැටියට ඉන්නවා. එ් අයගේ පක්ෂයේ සහ සන්ධානයේ තමයි අපි ඉන්නේ. අභ්‍යන්තරයේ මොනම ප‍්‍රශ්න තිබුණත් නිල වශයෙන් ඔවුන් දෙදෙනා අපේ ලේකම්වරුන් ලෙසට පිළිගත යුතුයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන එනකොට ඔබ තුමන්ලා දහසය දෙනා
ශ‍්‍රීලනිපය හැටියටත් කැබිනට්ටුවක් ලෙසටත් එහි මැති ඇමතිවරුන් එක්ක එකට හිටියේ නැහැ නේද?.

නැහැ අපි ශ‍්‍රීලනිපයත් එක්කත් එකට හිටියා. කැබිනට්ටුවත් එක්කත් එකට හිටියා වගේම සංධානය හැටියටත් එකට හිටියා. එ් විතරක් නොවේ අපි ජනාධිපතිවරයා එක්කත් එකට හිටියා.
එහෙමනම් විශ්වාසභංගය ගැන පරස්පරතා තිබුණේ කොහොමද?

ගරු අගමැති තුමාට විරුද්ධව මේ විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ එජාපයේම පිරිසක්. එ් අය මේ ගැන පත්තරවලටත් කියලා තිබුණා. මේ පිරිස කණ්ඩායම් හැටියට වගේම තනි තනිවමත් ඇවිත් ජනාධිපති තුුමාව හමුවුණා. ඇවිත් අගමැතිතුමාව තියන්න එපා කිව්වා. මේ පිරිස එජාපයෙන් බහුතරයක් බවට පත්වෙනකොට මට හැඟන විදිහට ජනාධිපතිතුමාත් මේ කරණය ගැන අගමැතිතුමාත් එක්ක කතා කරනවා. එ් වගේම අගමැති තුමාගේ පක්ෂයේ ජ්‍යෙෂඨයින් එක්කත් එතුමාගේ පක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායමේ අය එක්කත් සහ අගමැති තුමා ජනාධිපති තුමා හා කතානායක තුමා අතර පැවැති සාකච්ඡුාවලදීත් අගමැතිතුමාට මේ තනතුරෙන් ඉවත්වෙනන කියන යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා.

අපේ පක්ෂයේ ඇතැම් අය විශ්වාසභංගය ගැන කතා කළ එජාපයේ කණ්ඩායම එක්කත් කතා කළා. ඊට සමගාමීව එ්කාබද්ධ විපක්ෂයේ අය එක්කත් කතා කළා. මේ කාරණා පිළිබඳව සාකච්ඡුා කළ අය විටින් විට ජනාධිපතිවරයාවත් දැනුවත් කළා. මේ වෙනවිටත් මම හා තිලංග වැනි අය මේ විශ්වාසභංග යෝජනාවට සම්බන්ධ වී හිටියේ නැහැ. විශ්වාසභංග යෝජනාව නොනැවතී ඉස්සරහට යන්න පටන් ගත්තාහම එහි
ජයග‍්‍රහණය‍්‍රතහවුරු කර ගන්න ගණන් ඉලක්කම් හදා ගන්නනම් මීට වඩා කැපවීමෙන් වැඩ කරන්න අවශ්‍යවන බව දැනුනා. අන්න එතනදී තමයි මම තිලංග ශා අනුර පි‍්‍රයදර්ශන වැනි අය විශිවාසභංගයට සහභාගී වුණේ.

ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න මධ්‍යම කාරක සභාවේදී යෝජනාවක් ගෙනත් කොහෙමෙ හරි සම්මත කරන බව ඔබ කිව්වා නේද?.

එහෙම යෝජනාවක් අනුර ප‍්‍රියදර්ශන යාපා ගෙන ආවා. මම එ්ක ස්ථීර කෙරුවා. එය සම්මත කරන්න මධ්‍යම කාරක සභවේ බහුතරය එකඟ වෙන්න ඕනේ. මධ්‍යම කාරක සභාව එය කැමැත්තෙන් අනුමත කරයි.

ඔබ කියන විදිහට කැමැත්තෙන් අනුමත කරයි කියන කාරණය පසුබිම පැහැදිළි කළොත්?

අපේ පක්ෂය එ්කමතිකව තීන්දුවක් ගත්තා අගමැති තුමාට තනතුරෙන් ඉවත්වෙන්න කියන්න. මේ කාරණය අපි අගමැති තුමාට ගිහිං කිව්වා. එතුමා යා යුතුයි කියන කාරණය. එ් ගැන අපිට එ්කමතිකත්වයක් තිබුණා. අපේ මධ්‍යම කාරක සභාව් ඉන්න අය ශ‍්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව, ආර්ථීකයේ කඩා වැටීම පිළිපබඳව, පහුගිය කාලයේ සිදු වූ හොරකම් හා ජාවාරම් පිළිබඳව දැනුවත් භාවයක් තිබුණා. එ් නිසාම මධ්‍යම කාරක සභාව අපටත් වඩා ඉදිරියට ගොස් මේ යෝජනාව අනුමත කොරුවා.

විශ්වාසභංගයට සහය වූ දහසය දෙනාගෙන් සමහරු ජාතික ලැයිස්තුවෙන ආපු අය. ඔබතුමන්ලාව මන්ත‍්‍රී කමෙන් නෙරපා හැරියොත් මොකද වෙන්නේ. දේශපාලන අනාතයෝ බවට පත්වෙන්නේ නැද්ද?

නැහැ අපි එහෙම දේශපාලන අනාථයෝ බවට පත්වෙන්නේ නැහැ. මම හිතන්නේ නැහැ එහෙම සිද්ධියනක් වෙයි කියලා. මෛත‍්‍රීපාල සිරිසේන කියන්නේ ඊට වඩා උතුම් මනසක් තියෙන පුද්ගලයෙක්.

එහෙම වුණොත් මෙකද වෙන්නේ?

එහෙම වුණොත් අපි අනාථ වෙන්නේ නැහැ. මේ දේශපාලන බිමේ ඉන්න මිනිස්සු අපිව අදටත් වඩා ඉහළින් පිළිගනීවි. එය අපිට දේශපාලන වශයෙන් වාසියක් මිසක අවාසියක් නම් වෙන්නේම නැහැ. එය තදබල දේශපාලන වාසියක්. අපේ පක්ෂයේ එහෙම දේ සිද්ධ වෙන්නේ නැහැ.

මොකක්ද ඔබ කියන දේශපාලන වාසිය?

ආණ්ඩුවේ කවුරු කැමති වුණත් අකමැති වුණත් මේ රටේ මිනිස්සුන්ට දැවැන්ත දේශපාලන කලකිරීමක් තියෙනවා. පළාත් පාලන ඡුන්දයේදී අපේ කිසි කෙනෙක් නැති තැනත් අපේ මිනිස්සු පොහොට්ටුවට ඡුන්දය දුන්නා. එහෙම ඡුන්දය දුන්නේ ආණ්ඩුවට තියෙන විරෝධය නිසායි. මේ ආණ්ඩුවේ ඉන්න අපිව මිනිස්සු දැක්කේ ශ‍්‍රී ලංකා කාරයෝ හැටියට නොවෙයි. මිනිස්සු අපිව දැක්කේ යූඑන්පී කාරයෝ හැටියටයි. එ් නිසායි එ් අය අපිට විරුද්ධව ඡුන්දය දුන්නේ. අපේක්ෂකයෝ නැති තැන්වලත් අපේ මිනිස්සු පොහොට්ටුවට ඡුන්දය දුන්නා.

එය ආණ්ඩු විරෝධයක් වගේම ශ‍්‍රීලනි පාක්ෂිකයින් මහින්ද රාජපක්ෂට තිබූ ලෙන්ගතුකමක්. ඒ කාරණා හිරි හරියට බලපාලා තමයි මේ ඡුන්ද ප‍්‍රථිඵලය ආවේ. මිනිස්සු ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස කල කිරලා ඉන්නකොට එ් තැනම තමයි අපිත් හිටියේ. පහුගිය කාලය පුරාම මිනිස්සුත්, අපිත් විතරක් නෙමේ ජනාධිපතිතතුමාත් ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස කල කිරිලායි හිටියේ.

මේ කලකිරුණු තත්ත්වයෙන් ගැලවෙන්න මොකවත් කළේ නැද්ද?

අපි මේ ආණ්ඩුව හදාගන්න බැලූවා. ආර්ථිකයත් හදා ගන්න බැලූවා. අගමැතිතුමා ගත්තු සමහර තීරණ තීන්දු වෙනස් කරන්න බැලූවා. සමහර එ්වා වෙනස් කෙරුවා. තවත් සමහර එ්වා නතර කෙරුවා. තවත් සමහර එ්වාට බලහත්කාරයෙන් මැදිහත් වී අවලංගු කෙරුවා. යූඑන්පීයේ සමහර වැඩවලට අපි විරුද්ධ වුණාම එ් අය ඔවුන්ගේ යෝජනා බැරිම තැන වමෙන් ගේනවා. දකුණින් ගේනවා. එහෙමත් නැත්නන් උඩින් හෝ යටින් ගේනවා. අපි එහෙම විරුද්ධ වෙන්න තරම් ජාවාරම්කාර ගතියක් ආණ්ඩුව තුළ තිබුණා. ආයෙත් බැරිම තැන මනසින් හෝ අපි ආණ්ඩුවේ මේ ජාවාරම් ගතිවලට එරෙහි වුණා. ජනාධිපතිතුමාත් සමහර විටෙක ආණ්ඩුව ආසාර්ථකයි කියලා ප‍්‍රසිද්ධ වේදිකාවේ කිව්වා.

පොහොට්ටුව ජයග‍්‍රහණය කෙරුවා. රටේ ජනමතය එතැනට ගියා. අපිත් එ් තැනටම ගියා. අපි එළියට බහින්නේ එතැනටයි.

ඔබ කියන්නේ රට තුළ ආයෙත් මහින්ද ගැන ලෙන්ගතුකමක් ඇතිවෙලා කියලාද?

කවදාවත් මහින්ද ගැනනම් ආයෙත් මේ රටේ ජනතාවට එහෙම ලෙන්ගතු කමක් ඇති වෙන්නේ නැහැ. එ් ඡුන්ද ප‍්‍රථිඵලය තුළ ආණ්ඩු විරෝධය සහ මහින්ද රාජපක්ෂ ලෙන්ගුකම කියන කාරණා දෙකම තියෙනවා. මහින්ද රාජපක්ෂ එක්ක අපිට ගැටළුවක් තිබ්බේ නැහැ. අපි එතුමාට වැඩ කරපු අයනේ. ජනාධිපතිවරණයේදී අපි වැඩ කෙරුවේ මහින්ද රාජපක්ෂටයි.

අද ඔබට මොකද වෙලා තියෙන්නේ?

අපි එතුමාගෙන් අයින් වුණේ එතුමා ශ‍්‍රීලනිපය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දුන්නාට පස්සේ. අපි කොහේටවත් හෙළවුනේ නැහැ. අපි පක්ෂයේම හිටියා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂයෙන් එළියට යන වෙලාවේ මම කිව්වේ මම එක් වතාවක් පක්ෂයෙන් එළියට ගිය එක ගැන දුක් වෙන පුද්ගලයෙක් බවයි. දැන් මම ආයෙත් කවදාවත් පකෂය දාලා යන්නේ නැහැ. මොනම ප‍්‍රශ්න තිබුණත් මම පක්ෂයත් එක්ක ඉන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය උනාට පස්සෙත් මම හිටියේ ශ‍්‍රීලනිපයේ. ඉන් පස්සේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපේ පක්ෂය භාර ගත්තා.

. මම, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවරධන සහ විජිත් විජේමුණි ද සොයිසා අපි පළවෙනියා වෙන අය ඇදගෙන වැටුනේ ගමේ ඉන්න ශ‍්‍රී ලංකා කාරයෝ හිතුවේ අපි යූඑන්පීයට ගියා කියලායි. එ් අපේ පාක්ෂිකයන්ගේ වැරදි. අපි කොහේවත් ගියේ නැහැ.
ශ‍්‍රීලනිපයේම හිටියා. හිටපු ජනාධිපතිතුමා විසින් ශ‍්‍රීලනිපය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට භාර දෙකොට අපිත් මේ හවුල්කාර ආණ්ඩුවට එක්වුණා මිසක යූඑන්පීයට ගියේ නැහැ.

අපි හවුල්කාර ආණ්ඩුවත් එක්ක එකතුවුණාට මහින්ද රාජපක්ෂ එක්ක අමනාප වුණේ නැහැ. එතුමා එක්ක
ප‍්‍රතිපත්තිමය ගැටළු තිබුණා.
ඔබ තුමන්ලා හිටපු ජනාධිපතිවරයාවත් හමු වුණාලූ නේද. පෙහොට්ටුවට හෝ එකාබද්ධයට එකතුවෙන්න එතුමාත් එක්ක යම් එකඟතාවයක් එහෙම තියෙනවාද?

පොහොට්ටුවටවත් එ්කාබද්ධයටවත් එකතු වෙන්න අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එජානිසයේ ඉඳලා විපක්ෂයේ වාඩිවෙන්න අපේ බලාපොරොත්තව තියෙනවා.

ඔබ වත්මන් ආණ්ඩුවේ හොරකම් ¥ෂණ ගැන කතා කරනවා. මහින්දානන්ද අලූත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ කැරම් බෝඞ් හා දාම් ලෑලි මිලදී ගැනීමේදි සිදු වූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතවයත් ඔබේ කණ්ඩායමේ දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා සාධාරණීකරනය කරනවා නේද?

ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් සතොස වෙත භාර දුන් ඇණවුමකට කැරම් බොඞ් දාම් ලෑලි ගෙන ආවේ සතොස. ක‍්‍රීඩා අමාත්‍යංශය කළේ එ්වා බෙදා හැරීම පමණයි. අපි දැක්ක විදිහටත් අධිකරණයේ නීතිඥ්‍යයෝ තර්ක කරපු විදිහට එය පොදු දේපොල යටතට ගැනෙන්නේ නැහැ. මට දැනෙන්නේ මේක නිකම්ම නිකන් දේශපාලන පළිගැනීමක් මිසක් මහින්දානන්දට කිසිම චෝදනාවක් එල්ල කරන්න බැහැ.

විශ්වාසභංගයෙන් අගමැතිවරයා පරාජය වුණානම් ඉන් පස්සේ අගමැති වෙන්න හිටියේ ඔබද මහින්දද?

මටනන් අගමැති වෙන්න කොහෙත්ම උවමනාවක් නැහැ. මහින්ද කෙසේ වෙතත් නිමල් සිරිපාල පත් කරන්න අපි තීන්දුවක් අරගෙන හිටියා.

විපක්ෂ නායක තනතුරට මොකද වෙන්නේ?

අපි තවම එ් ගැන හිතලාවත් කල්පනා කරලාවත් නැහැ. සම්පන්දන් මැතිතුමාව විපක්ෂ නායකත්වයට ගෙන එන යෝජනාව කළේ අපි. එදා නිල වශයෙන් අපි හිටියේ එජනිසයේවත් ග‍්‍රීලනිපයේවත් නොව ආණ්ඩුවේ. එජාපයත් නිලවශයෙන් හිටියේ ආණ්ඩුවේ. විපක්ෂයට කියලා වැඩි ආසන ගණනක් තිබුණේ දෙමළ ජාතික සංධානයටයි. දෙමළ ජාතික සංධානයේ නායකයා සම්පන්ධන් මන්ත‍්‍රිවරයා. එතුමා විපක්ෂ නායකත්වයට අපි යොජනා කළා.

ප‍්‍රශ්න විසඳන්න පාර්ලිමේනතුව වසා දැම්මා. එසේ කිරීමෙන් ප‍්‍රශ්න විසඳෙයි කියලා ඔබ හිතනවාද?

අපි ඉල්ලා අස්වුණා. එ් අතරට ඇමතිවරු නියොජ්‍ය ඇමතිවරු දහසය දෙනෙක් හිටියා. එය ගැටළු සහගත තත්ත්වයක්. අපි දරූ තනතුරු තාවකාලිකව හෝ කාවරෙකුට හෝ භාරදීලා නිරාකරණය කර ගන්න අවශ්‍යව තිබෙනවා. ආණ්ඩුව ඉස්සරහට යන්න ඕන නිසා එ්වා සැළසුම් කරන්න ටික කාලයකට පාර්ලිමේන්තු සැසිවාර කල්දැමීම කළා. මෙවර එළඹෙන වෙසක් උත්සවයත් විශේෂත්වයක් දරනවා. මුළු රටම වෙසක් කලාපයක් බවට පත්කර තිබෙනවා. එ් නිසාත් පාර්ලිමේනතු සැසිවාර කල් දැම්මා.

ඉවත් වී ගිය දහසය දෙනාගේ හෙට දවසේ දේශපාලන ක‍්‍රියාකාරකම් කොහොම වෙයිද?

අපි ජනාධිපති තුමාගේ නායකත්වය යටතේ සන්ධානයේ සියළු පක්ෂ එක්ක වැඩ කරන්න පටන් ගන්නවා. එ්කාබද්ධ පෙරමුණක් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. අපි දේශපාලන ෂත්වයෝ. පක්ෂයක දේශපාලනඥ්‍යකුගේ බලාපොරොත්තුව වෙන්නේ ස්ථාවර පක්ෂයක් හදාගැනිම සහ බලය ලබා ගැනීමයි.

 

සාකච්ඡුාව – රුක්මාල් සිල්වා

lakbima

 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *