බොදු බල සේනා සහ මැල්කම් රන්ජිත් කාදිනල්වරයා අතර හමුවක්

බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ මැල්කම් රන්ජිත් කාදිනල්වරයා අතර හමුවක්  2017 දෙසැම්බර් මස(14) උදැසන කාදිනල් නිල නිවසේදී සිදු වී ඇතැයි වාර්තා වේ. .
මෙහිදී, රට තුල සිදුකෙරෙන වන්ද්‍යාකරණ වැඩ පිළිවෙල සහ ඉරිදා අමතර පංති පැවැත්වීමට විරුද්ධව කාදිනල්වරයා සිදුකල ප්‍රකාශයට ස්තූතිය පලකල  ඥානසාර හිමි 2012 වසරේදී මේ පිලිබදව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කල යෝජනාවලිය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මුදල් යොදවමින් සිදුකරන වන්ද්‍යාකරණ වැඩපිළිවෙලට අදාළ සාක්ෂි සහ විස්තර කාදිනල්වරයාට ලබාදෙන ලදි.
බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් බොදු බල සේනා සංවිධානය නියෝජනය කරමින් මෙම අවස්ථාව සදහා සහබාගි විය.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *