රාවණා – හෙළ ඉතිහාසයෙන් සැඟවී ගිය පරපුරක කතාව

අපේ රටේ ඉතිහාසය සොයන බොහෝ දෙනා, මහාවංශය තුළින් මහානාම හිමියන් පෙන්වා දුන්විජය රජුගෙන් එහා කිසිවක් මේ බිමේ නොතිබුණා සේ දකී. කුමාරයකු යැයි කියන හිස මුඩු ගා පිටුවහල් කළ මංපහරන්නවුන් පිරිසකගේ නායකයා වූ විජය ලක්දිවට පැමිණීමට පෙර මෙය,යකුන්, භූතයන්, නයින් හා වෙනත් සර්පයන් සිටි භූමියක් පමණකැයි, බොහෝ දෙනෙක් බොහෝ කාලයක් තිස්සේ විශ්වාස කළහ. නමුත් විජයට පෙර පැවති ශ්‍රී ලාංකික හෙළ ඉතිහාසයක් ගැන සාධක සහිත කථිකාවතක් අද සමාජයේ මතුවී තිබේ. 

මේ, ඒ සම්බන්ධව සපයාගත් තොරතුරු සමූහයක් පිළිබ‍ඳව කළ සටහනකි.෴

ලංකාපුරය මෙන්ම ඉන්දියාවේ කොටසක්ද තම පාලනයට ගෙන රජකරන රාවණ රජු, ඔහුගේ යටතේ පවතින ඉන්දියානු භූමියේ පාලන කටයුතු පවරන්නේ තමාගේ නැගණිය වන සුපර්නිකාටයි. ඇය, සිය සොහොයුරාගේ නියමයන් අනුව යමින් ඉන්දියාවේ යාගහෝම කරන බමුණන් ගේ පුද පූජා වලට අවහිර කරයි. මෙහිදී බමුණන්ගේ දුක්ගැනවිල්ල මත, තත්ත්වයපාලනය සඳහා භාරතයේ දශරථ රජතුමා විසින් සිය පුතුන් දෙදෙනා වන රාම හා ලක්ෂ්මන් එවනුලබයි. මොවුන් සුපර්නිකා හමුවී, සුපර්ණිකාගේ කන් හා නාසය කපා පන්නා දමයි. සුපර්නිකාගේ සේනාවද විනාශ කරයි. කන් හා නාසය කැපීමෙන් සිය සොයුරියට කළ අවමානයෙන් කිපෙනරාවණා, භාරතයට ගොස්, වනයේ පල වැල නෙලමින් සිටින අවස්ථාවක රාමගේ බිරිඳ වන සීතාකුමරිය පැහැරගෙන එයි. රාම කුමරු තම බිසව වන සීතා සොයා හනුමාන් ප්‍රමූඛ හමුදාවක්ද සමග ලංකාවට පැමිණෙයි. රාවණාගේ සොයුරා වන විභීෂණගේ ද සහය ලබා ගන්නා රාම කුමරු, දසවසරක දිගු කාලීන යුද්ධයකින් පසු, විශාල තාක්ෂණයක් හා යුධ උපකරණ මෙන්ම දඩුමොණර නම් යානා ඇතුලත් ගුවන් හමුදාවක්ද සහිත, හිස් දහයක් ඇති රාවණා රජු පරදවා, සීතා කුමරිය දබේරාගෙන, විභීෂණ ලංකාපුරයේ රාජ්‍යත්වයට පත් කර ජයග්‍රාහීව ආපසු යයි.වාල්මිකීගේ රාමායනය

අති ප්‍රබල රජෙකු වන රාවණා, දුෂ්ටයාගේ චරිතයට යොදමින්, ඔහුව පරදන රාම කුමරු වීරයෙකු බවට පත් කරන ඒකාකාර ඉන්දීය සිනමා සිත්තමක් වන් රාමායනය, භාරතවාදී වාල්මිකී විසින් රචනා කරන්නේ එසේය. රාවණ පරදවන රාම ලක්ෂ්මන් මෙන්ම ඊට සහය වන විභීෂණ පමණක් නොව හනුමාන් නම් වානර නායකයාද දේවත්වයට පමුණුවා, තවමත් පුද පූජා පවත්වනු ලැබෙයි. 

කෙසේ වුවද රාවණා යනු ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍යයේ බවට පත්කර, පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍යය පාලනය ගෙනගිය පාලකයෙක් බව ඓතිහාසික සාධක අනුව හෙළිදරව් වෙයි. ඔහු ප්‍රබල රජෙකු බව රාමායනයෙන් ම ද සනාථ වේ. රාවණා මෙන්ම ඔහුගේ අතීත පරම්පරාවද, අවිහිංසාව පදනම් කරගත් සූර්යවන්දනාවේ යෙදුණු පිරිසක් විය. සිය දේශ සීමාවට අයත් ඉන්දියාවේ කොටස පාලනය කිරීම සඳහා, රාවණා සිය නැගණිය වන සුපර්ණිකා පත්කරයි. සුපර්ණිකා, සිය සොයුරාගේ මග යමින් බිලිපූජා හා සත්ත්ව හිංසනයට එරෙහි වෙයි. යාගහෝම කරමින් බිලිපූජා පවත්වමින් තමපැවැත්ම සකස් කරගෙන සිටි ඉන්දියාවේ බමුණන්, බිලි පූජා වැනි හිංසාවාදී ක්‍රියා වලට විරුද්ධ යන මෙම රාවණගේ නීතිරීති නිසා තවදුරටත් එම කටයුතු සිදුකරගත නොහැකිව රාවණ කෙරෙහි වෛර බඳිමින්, ඔහු විනාශ කිරීමට නොයෙකුත් කූඨ උපක්‍රම ක්‍රියාත්මක කිරීමට පටන්ගන්නේ මෙම අවධියේදීය. භාරතයේ දශරථ රජුගේ පුත්‍රයන් දෙදෙනා වන රාම හා ලක්ෂ්මණ මේ කටයුත්ත සඳහා ඔහුන් යොදාගනු ලබයි.

වනවාසයට ගොස් සිටින රාම හා ඔහුගේ බිරිඳ සීතා මෙන්ම ලක්ෂ්මණද දැන හෝ නොදැන බමුණන්ගේ මෙම උපක්‍රම වලට හසුවෙති. ඔවුන් සුපර්ණාකා සොයා පැමිණෙන්නේ තවුස් වෙස් ගෙනය. හින්දු සාහිත්‍යෙය් මීනාක්ෂි හෙවත් මත්ස්‍ය ඇස් ඇත්තියක ලෙස හඳුන්වන සුපර්ණිකා,අතිශය රූමත්ය. රාම යනු මහා උතුමෙක් ලෙස රාමයනයේ සඳහන් වුවද, මිනිසුන් තවමත් පුද සත්කාර කළද, සුපර්ණකා දුටු පමණින් රාම ඇයට වශී වී සීතාද අමතක කර දමන්නට තරම් සූදානම්  වේ. ඔහු ස්ත්‍රීන් කෙරෙහි ලොල්වූ පුද්ගලයකු බව අපට පෙනෙන්නේ සුපර්ණකා කුමරිය මහවනයේදී මුණගැසීමත් සමඟ දක්වන හැසිරීම නිසා ය. එහෙත් මෙය නොඉවසන ලක්ෂ්මණ, බමුණන්ගේ ඉගැන්වීම් මත සුපර්ණකාගේ කන් හා නාසය කපා දමන්නට තරම් සැහැසි වේ. (ගැහැනියකගේ කන් හා නාසය කපා දමන්නට තරම් පහත් හා අධම වූ මිනිසුන්දේවත්වයෙන් පුදන්නට තරම් ඉතිහාසය වැරදී ගොස් ඇත.) කෙසේ වුවද, දස වසරක් තරම් දීර්ඝ වූ මහා යුද්ධයක ආරම්භය සනිටුහන් වන්නේ එසේය. තම නැගණියට කළ අවමානයට පළිගැනීමක් ලෙස රාවණා විසින් සිය පුෂ්පක යානයෙන් රාමගේ බිරිඳ සීතා රැගෙන ලංකාවට පැමිණෙයි. මෙය කිසිසේත්ම ගැහැණූ හොරකමක් නොවන බවත් රාවණා යනු ගැහැණූ හොරෙක් නොවන බවත්රාමායනයෙන්ම පැහැදිලි වේ. සීතා සිරකාරියක ලෙස සිරකරතැබීමට රාවණා කිසිම විටකදී උත්සාහ නොකරයි. සිරගෙයක් තුළ සිරකරනු වෙනුවට අශෝකඋයනේ මනරම් නිවසක් සාදවා සීතාව එහි රඳවා තබන රාවණා, ඇයට අතවත් තැබූ බවක් සඳහන් නොවේ. ඔහු ඇය සමග කිසිම සම්බන්ධයක් නොපැවැත්වූ බව, සීතා කළ අග්නි පූජාවෙන් ද සනාථ වේ. අවසානයේ සීතාගේ රාමාත් සමඟ යුදවැදීමට ඔහු කිසිදු උත්සාහයක් නොදරයි. සාකච්ඡා කර ගැටළුව නිරාකරණය කරගැනීමට රාවණා දරන උත්සාහය අවසානයේදී අසාර්ථක වන්නේ, දිගින් දිගටම රාම හා ලක්ෂ්මණ බමුණන් සමඟ එක්වී යුද්ධයකට අර ඇඳීම නිසාවෙනි. බමුණන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ රාවණා විනාශ කිරීමයි.


මෙහිදී රාවණගේ සොයුරා වන විභීෂණ
, තම සොහොයුරා සතු සියලු යුද රහස් රාමා අතට පත්කොට රාවණ පරදවාලීමට ඔහුගේ උපරිම දායකත්වය රාමාට හිමිකර දෙන්නේ රටත්,ජාතියත් මහා පාවාදීමකට ලක්කරමින්, ලංකාපුරයේ රජකම ලබා ගැනීම උදෙසාය. අමරණීයකත්වය හිමිකරගෙන සිටි රාවණා මැරීමට නම් හීය විදිය යුතු ස්ථානය පවා විභිෂණ රාමට හෙළි කරයි. එනම් අමෘතය සඟවා තැබූ රාවණාගේ නාභියයි. දස වසරක යුද්ධයෙන් පසුව රාවණ නම් අසහාය යුග පුරුෂයා, සුපර්ණකා කුමරියට සියලු දේ පවරා දී මිය ගියද, රාමාට හෝ ලක්ෂ්මණටද මෙයින් කිසිදු යහපතක් හිමි නොවේ. සීතාව නිදහස් කරගත්තද බමුණන්ගේ‍ කේළාම් අසා රාමා ඇය අත්හැර දමයි. ඒ වනවිට ඇය රාමාගෙන් නිවුන් දරුවන් දෙදෙනකු ලබාසිටියද රාමාට ඒ කිසිවක් වැදගත් නොවේ. වාල්මිකීගේ රාමායනයේ සඳහන් කරන පරිදි,තම නිර්දෝශී බව, (එනම් කාන්තාවකට අපචාර නොකළ බවට රාවණගේ නිර්දෝශී බවමය.) ඔප්පු කිරීම සඳහා සීතාට අග්නි පරීක්ෂණයක් පවා කිරීමට සිදුවිය. 

දස වසරක් ලංකා පුරයේ රඳවාගෙන සිටි සීතාට රාවණගෙන් කිසිදු අන්ත්‍රාවක් නොවූ බව සනාථ වීමට එම සිදුවීම ම ප්‍රමාණවත්ය. එසේ නම් රාවණ යහපත් මිනිසකු නොවේ යැයි ඉතිහාසයට තීන්දු කළ නොහැකිය. මෙබඳු බො‍හෝ පරස්පරතා රාමායනය කෘතිය පුරාවටම දැකිය හැක්කේ,සත්‍ය සඟවා, හෘද සාක්ෂියට පිටුපා, භාරතවාදී මනසකින් යුතුව රාමා ශ්‍රේෂ්ඨයෙකු බව පෙන්වීම සඳහාම අරමුණු කොට රාමායනය රචනාකර ඇති නිසා බව පැහැදිලිය. කෙසේ වුවද පසුකලකදීරාමාගේ නොසැලකිල්ලෙන් සීතා හෙළකින් පහලට පැන සියදිවි නසාගන්නා අතර, ලක්ෂ්මණ ද රාමාගේ පිළිකුල් සහගත ක්‍රියා කලාපය නිසා අයෝධ්‍යාවේ සයුර නදියට පැන සියදිවි නසා ගනී. අවසානයේ රාමාද එම නදියටම පැන සියදිවි නසාගත් බව ඉතිහාසයේ සඳහන් වේ. සුපර්ණිකා පන්නා විභීෂණ ලංකාපුරයේ රජ වුවද, ඔහුගේ අවසාන කාලය දක්වාමත් මිනිසුන් ඔහු රජකු ලෙස පිළිනොගත් බව සඳහන් වේ. එහෙත් මරණින් පසු ඔහු රාම මෙන්ම දෙවිකෙනකු වීම උභතෝකෝටිකයකි. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මියගිය රාවණ අතීතයේ වැළලී යද්දී රාම හා විභීෂණ දේවත්වයට පත්ව, අනාගතයටත් පැමිණියේ කෙසේදැයි ගැටළුවකි. එයට සැබෑ හේතුව නම් එකල සිටම අද දක්වාත්, ඉන්දියානු බලපෑමෙන් තොරව මෙරට ජනයාට හුස්ම ගැනීමටවත් නොහැකිවීම නිසා වන්නට ඇතැයි සිතිය හැකිය.

 ලංකාවේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පළමු රජතුමා කවුදැයි විමසුවහොත් ලැබෙන පිළිතුර වන්නේ විජය රජතුමා යන්නයි. ඒ මහාවංශයට අනුවයි. මහා වංශය යනු විජය කුමාරයා ලංකාවට පැමිණ රාජ්‍යත්වයට පත්ව, ඔහුගෙන් පසු පඬුවස්දෙව්, පණ්ඩුකාභය, තිස්ස, දුටුගැමුණු, මහසෙන් ආදී රජවරුන්ගෙන් පසු  ලියවුණු ලංකා ඉතිහාසය සටහන් වී ඇති ග්‍රන්ථයකි. ඒ නිසා මහාවංශ කතුවරයා වූ මහානාම හිමියන්ට අනුව පළමු රජතුමා විජය යැයිද, සිංහලයන් විජයගෙන් පැවතේ යයිද කීම එකහෙළා පිළිගත යුතු නොවේ.

මක්නිසාද යත්, මහා වංශයේ සඳහන් නොවුවාට, මහාවංශ කතුවරයාට වසර සිය ගණනකට කලින් භාරතයේ ලියැවුණ කෘතින් වල, ලංකාවේ සිටි රජවරුන් ගැන සඳහන් වී තිබීමයි. ඉන් එකක් නම්,  වාල්මිකි විසින්ම රචිත රමායනයයි. එසේම රාවණා කල්පිතයක් පමණකැයි කිසිවෙකුටත් නොකියන්න තරම් හේතු සාධක, රාවණ රජු හා බැඳුණු, කිසිම රජෙකු හානොබැඳුන තරම් ස්ථාන රැසක්, ලංකාව පුරා විහිදී තිබේ. ආයුර්වේදයට සම්බන්ද කෘති රැසක කතෘවරයා රාවණ රජු බව, ඉන්දියානු ආයුර්වේදයේ සඳහන් වේ. ඔහු සතු ශක්තීන්, තාක්ෂණය,දැනුම ගැන ඉන්දීය ඉතිහාසයේ පවා සඳහන්වේ. ඒ අනුව, රාවණ රජුටත් පෙර ලංකාවේ රජවරු සිටින්නට ඇතැයි නිගමනය කළ හැකිය.

රාවණා ප්‍රබල රජෙකු වූවද, ලංකා රාජ්‍යය ගොඩනැගුවේ රාවණ නොවේ. එය ගොඩනැගුවේඔහුගේ ආදීතම මුතුන්මිත්තන් විසිනි. ඔවුන් අතරින් සූර්යපුත්‍ර, සූර්ය පුත්‍රගේ පුත් ධර්මරාජ,ඔහුගේ පුත් හේතිරාක්ෂස, ඔහුගේ පුත් විද්‍යුත්කේෂ, ඔහුගේ පුත් සුකේෂ හා සුකේෂගේ පුත් සුමාලි ප්‍රධානතම වේ. සුමාලි යනු රාවණගේ මවු පාර්ශවයෙන් මුත්තණුවන්ය. සුමාලිගේ පුත්‍රයා පුලත්‍ය (පුලතිසි) ඍෂිවරයාණන් වූ අතර, ඔහුගේ පුත්‍රයා වූයේ විශ්‍රාවාස මුනිවරයා නැතහොත් රාවණගේ පියාණන්ය. පසුව මිණිමිහි දේශයේ නැතහොත් ලංකාවේ සැබෑ උරුමය සියතට ගත් රාවණා, ඒ වන විට සීගිරිය මුලික කොට පාලනය ගෙන ගිය තමාගේම සහෝදරයකු වූ කුවේර රජු පලවා හැර ලංකා රාජ්‍ය යටත් කොටගෙන ලංකාවේ රජු බවට පත්වන්නේ සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළපැමිණියකු ලෙසය. ඔහු කුවේර (වෛශ්‍රාවන) ට අභයදානය දී ඉන්දියාවට පිටුවහල් කරන්නේ සිරකරුවකු ලෙස නොව ඉන්දියාවේ තම පියාට අයත්ව තිබූ ප්‍රදේශයක භාරකාරත්වයටද පත්කරමිනි.

 

රාවණා
දේව වෘත්තාන්තයක් බවට පත්ව මුඛයෙන් මුඛය පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ විස්තරය අනුව,  මහා බ‍්‍රහ්මයාගේ පුත‍්‍රයකු ලෙස සැලකෙන පුලස්ති මුනි නමින් ප්‍රකට සෘෂිවරයා, රාවණ රජුගේ සීයාය. ඔහු පුලතිසිපුරය (අද පොළොන්නරුව) සිය රාජධානිය කරගත්තේය. අදද පරාක්‍රම සමුද්‍රය අසල දක්නට ඇති ප්‍රතිමාව ඔහුගේය. පුලස්ති සෘෂිවරයාගේ පුත‍්‍රයා විශ‍්‍රාවස් මුනි,රාවණ රජුගේ පියාය. විශ‍්‍රාවස් මුනිට විවාහ දෙකකි. ඔහුගේ පළමු විවාහය සිදුවූයේ ඉන්දියාවේ කාන්තාවක් වන රකුස් ගෝත්‍රයට අයත් රකා සමඟය. මේ ඉන්දීය කුමාරියට ලැබුණු පුත‍්‍රයා කුවේර ය. විශ‍්‍රාවස් මුනිගෙන් පසු ලංකාවේ පාලනය හිමි වූයේ ඔහුගේ පුත‍්‍ර කුවේර රජුටය. කුවේරට රජ කම දී විශ‍්‍රාවස් මුනි වනගතව තපස් රැක්කේය. එදා විශ‍්‍රාවස් මුනිගේ රජ මාළිගාව වූයේ වර්තමාන සීගිරියයි. අද සීගිරිය තියනවාට වඩා තට්ටු ගණනක් යට මාළිගාව පැවතුණි. කුවේර රජුද, රාජ්‍ය පාලනය කළේද සීගිරිය තම රාජ්‍ය බල කේන්ද්‍රස්ථානය කොට ගනිමිනි.විශ‍්‍රාවස්මුනි රජුට පෙර ලක්දිව රජකළ යක්ෂ ගෝත්‍රික සුමාලින් රජු මෙකල සිටියේගිරුවාපත්තුවේය. මේ සුමාලින් රජුට බලවත් ආධ්‍යාත්මික ශක්තියක් තිබිණි. එම රජු තමඅධ්‍යාත්මික බලය හරහා රටේ අනාගතය සිතින් විමසා බැලුවේය. සුමාලින් රජුට රූමත් දියණියක සිටී. ඇය කේශිණීය. (නොහොත් කයිකේෂි) ඇයට සුභානු හා මරීච නමින් සොයුරන්දෙනෙකි. කේෂිණීට දාව උපදින වැඩිමහල් කුමරු රටේ රජකමට භාග්‍ය වන්ත බවත්, ඔහු බලවන්ත බවත්, බුද්ධීමත්යමතු බවත්, විශිෂ්ටයකු වනු බවත්, සුමාලින් රජු දුටුවේය. එසේ නම් ඇය ලවා රාජ්‍යත්වයට උරුමය ඇති කුමාරයකු බිහි කළ යුතුය. ඒ ලේ උරුමය ලබා ගැනීම සඳහා ඇත්තේ එකම උපක‍්‍රමයකි. එනම්, තම පුතාට රජකම භාරදී තපස් රකින විශ‍්‍රාවස් මුනි වෙත දියණිය යවා, මොවුන්ට දාව කුමාරයකු උපදවා ගැනීමයි.

හිරන්‍ය කාශ්‍යප රජුගෙන් පසුව, නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වන්නේ රාවණා රජුය. හින්දු සාහිත්‍යට අනුව පුලතිසි යනු මහා භ්‍රමයාගේ මනසින් ඉපදුනා වු පුතයෙකි. එයින් අදහස් වන්නේ පුලතිසි සෘෂිවරයා ඉතා බලවත් හා ප්‍රඥාවන්ත කෙනෙක් වූ බවය. මේ නිසා රාවණ රජුට තම සම්බවයේදි බ්‍රාහ්මණ හා රාක්ෂ සම්මිශ්‍රණයක් සිදුවිය. තම පියා වන විශ්‍රාවස්මුණි යටතේම ශිල්ප හැදැරු රාවණ, අහංකාර හා කලහකාරි අයෙක් බවත්, ඉගෙනීමේ අතිදක්ෂයෙකු වු අතර වේද ග්‍රන්ථයන් පරතෙරටම හැදැරුවෙක් බවත් සඳහන්වේ. චතුර්වේදයෙන් එක් වේද ග්‍රන්ථයක් ලියා ඇත්තේ රාවණය. ඔහු වීණා වාදනයේද අති දක්ෂයෙක්වූ අතර, දක්ෂ රණ ශුරයෙක් ද විය. මෙම අධ්‍යාපනයෙන් අනතුරුව රාවණ, ගෝකන්නේ දී උග්‍ර තපස් රැකීමක නිරත විය. හින්දු සාහිත්‍යට අනුව නම් උග්‍ර තපස් රැකි රාවණ මේ තපස් රැකීම සිදු කර ඇත්තේ මහාබ්‍රහ්මයාගෙන් වර ලබා ගැනීමටය. එහිදී දස වතාවක් ඔහු තම හිසමහාබ්‍රහ්මයාට පුජාකල අතර, ඔහු තම හිස සිදගන්නා වාරයක් වාරයක් පාසාම තවත් හිසක් මතු වූ බවත්, අවසානයේදී දස වන හිසද සීදීමට යාමේදී මහාබ්‍රහ්මයා පැමිණ ඔහුට වරම් දුන් බවත්,වරය ලෙස රාවණ විසින් අමරණියත්වය හෙවත් අමෘතය ඉල්ලා සිටි බවත්, ඔහු එය ඔහුගේ නාභියේ රඳවා ගත් බවත්, එය රැදී පවතින තාක් කල් ඔහුගේ අමරණිය බව රැදී තිබෙන්නට සලස්වා තිබුණු බවත් සඳහන්ය. (රාවණා මැරීම සඳහා රාම රාවණා යුද්ධයේදී රාවණගේ බාල සොයුරෙකු වන විභීෂණ විසින් මෙම රහස රාමාට හෙළි කර, ඒ අනුව නාභියට ඊය විද රාවනා නැසූ බව රාමායනයේ ද සඳහන්ය.) මෙයට අමතරව මහා බ්‍රහ්ම විසින් රාවණ විසින් පුජා කල හිස් දහයම නැවතත් රාවණට දුන් බව සදහන් වන අතර, ඒ අනුව  රාවණා හිස් දහයක් ඇති අයෙකු ලෙස හින්දු සාහිත්‍යයේ දක්නට ලැබේ. නමුත් මෙයින් අදහස් වන්නේ හිස් දහයක අතිමහත් වූ ඥානය සහ හිස් 10 ත් සමගව තිබුණා යැයි කියැවෙන අත් විස්සෙන් ඔහුගේ නොයේක විධ වූ හැකියාවන් ය.ඒ අනුව, සුමාලින් රජු තම දියණිය කැඳවා, විශ‍්‍රාවස් මුනි හමුවී ඔහුගේ සිල් බිඳ ඔහු සමඟ විවාහගිවිස, දරුවන් ලබන්නැයි උපදෙස් දුන්නේය. පිය රජුගේ උපදෙස් පිට කේශිණී කුමාරිය විශ‍්‍රාවස් මුනිගේ තාපස ශීලය බිඳීමට ඔහු සොයා ගියාය. පළමු දවස විශ‍්‍රාවස් මුනි සිටින තැනට ගොස් හැසිරුණාය. දෙවැනි දවස ද එසේම කළාය. විශ‍්‍රාවස් මුනි බලවත් සීල ව‍්‍රතයක යෙදී සිටී දින ගණනක් ගියත් කේෂිණීට විශ‍්‍රාවස් මුනිට කාමය උපදවන්නට නොහැකි විය. අවසානයේ සත්වැනි දින විශ‍්‍රාවස් මුනි ඉදිරිපිට නුග ගසෙහි නුග මුලක් අල්ලාගෙන ඇය ඇඳ සිටි ඇඳුම උනා දැමුවාය. (මේ වස්ත‍්‍රය කැඩී වැටුණ බව ද ඇතැමෙකු පිළිගනිති.) මේ සිදුවීමෙන් පසු කේශිණීගේ අරමුණ විශ‍්‍රාවස් මුනිට පැහැදිලි විණ.

‘‘ඔබ කවුද….?’’ විශ‍්‍රාවස් මුනි විමසීය. මම කේෂිණී. සුමාලින් රජතුමාගේ දියණිය. මට ඔබට සේවය කරන්නට වුවමනායිඇය කියාගෙන ගියාය. මෙහිදී මුලින්ම විශ‍්‍රාවස් මුණි කේෂිණී නහවා පිරිසුදු  කළේය. කේෂිණී උණු දිය නාන්නට ප‍්‍රිය කළ නිසා, විශ‍්‍රාවස් මුනි තමන් සිටි තැනකඩුවෙන් බිම හාරා උල්පතක් මතු කළේය. එය කන්‍යා උණුදිය උල්පතයි. දෙමළ ජනතාව විසින්‘‘කන්‍යා’’ යන්න, කින්නියා ලෙස උච්ඡාරණය කළ හෙයින්, මෙය කින්නියා උණුදිය උල්පත ලෙසින් අද ද පවතී.

විශ‍්‍රාවස් මුනි කේෂිණීව නහවා පිරිසුදු කොට නව යුග දිවියක් ඇරඹුවේය. ඔවුන්ට දාව දරුවන් කීප දෙනෙක් ලැබිණි. එයින් වැඩිමලා ශ්‍රී රාවණායි. විභීෂණ, කුම්භකර්ණ, ඛාර, අයිරාවණ,සුපර්ණිකා(සොයුරිය), දුෂාන, කුම්හාණ (සොයුරිය) ආදීන් අනෙක් අයයි.

 විශ්වස් මුණිගේ වැඩිමහල් පුත්, එනම් තම සහෝදරයා වන සීගිරියේ රජ කළ කුවේර සමග,ලංකාපුරය අත්පත් කර ගැනීම සඳහා, රාවණා තම මවගේ යක්ෂ ගෝත්‍රික නෑයන්ගේ උදව්වෙන් යුද්ධයක් කළේය.  රාවණ විසින් සීතාව පැහැරගෙන ඇවිත් රාමාගෙන් පැරදුන බව කියමින්අදටත් රාවණ රජු පුළුස්සන හින්දූන් පවා, රාවණා යනු ඉතා ශ්‍රේෂ්ඨ හා නිර්භීත පාලකයෙක් බවත්, රාවණ රජ සමයේ ලංකාව සමෘද්ධිමත් බවත්, රාවණ රජුගේ සමයේ රටවැසියන් සියල්ල ඉතාමත් සැපයෙන් ජීවත් වූ බවත් පිළිගනී. ඒ අනුව ඉතා බලවත්, යුද ශක්තියෙන් අනූන රාවණ රජු යුද්ධයෙන් රාමට පැරදුනාද යන වග සැක සහිතය. රාමායණයට අනුව රාමගේ හිතවතකුබවට පත්වන විභිෂණ, රාම- රාවණා යුද්ධයේදී රාමට උදව් කරන අයෙකි. ඒත් ඉන්දියානු කණ්නාඩිය ගලවා බලන කල නම් විභීෂණ යනු ඉතිහාසයේ මුල්ම පවා දීම කරපු පුද්ගලයායි. පරාජය වීමට තිබූ රාමට විභීෂණ උදවු කරන ලද්දෙ ලංකා රාජ්‍යත්වය අපේක්ෂාවෙනි. මෙසේ තමාගේ දේෂයටත් ජාතියටත්, එකකුස උපන් සහෝදරයාටත් ද්‍රෝහි වූ විභිෂණට අදත් දෙවියෙක් මෙන් සලකා පුද සත්කාර කෙරේ. කුම්භකර්ණ එනම් රාවණ රජුගේ අනෙක් සහෝදරයා,ඉන්දීය දේව කථා වලට අනුව, උග්‍ර තපස් රැකීමෙන් අනතුරුව මහා බ්‍රහ්මයා කුම්භකර්ණට වරයක් ඉල්ලීමට අවස්ථාව දුන් විට සදාකාලීක නින්දක් ඉල්ලා ඇති බවත්, රාවණ රජුගේ බලපෑම මත මේ වරය වසරකට මාස හයක් නිදාගැනීමටත්, ඉතිරි මාස හය අවදී වී සිටින්නත් ලෙස වෙනස් කර තිබේ. නමුත් කුම්භකර්ණ යනු එකල රාවණගේ පාලනය යටතේ ඉතා සශ්‍රීක වූ කෘෂිකර්මාන්තය භාරව සිටි පුද්ගලයාය. (ඇමති වරයාය.) එම අවධියේ කෘෂිකර්මාන්තයපැවතියේ කල්යල් බලා කරන පදනමේය. එනම් පවතින කාලගුණික තත්ව යටතේ කළකෘෂිකර්මාන්තයකි. ඒ අනව මාස 6 ක් වගා කරන කුම්භකර්ණ, ඉතිරි මාස 6 රාජ්‍ය පරිපාලනකටයුතු වල නිරත විය. ඒ අනුව මාස 6 ක් නිදාගන්නා කතන්දරය ගොඩනැගී ඇතැයි සැලකියහැකිය.

කෙසේ වෙතත් කුම්භකර්ණ රාම රාවණා යුද්ධයේදී රාවණ රජුගේ පාර්ශවයේ සටන් කල අයෙක් වුණ අතරම, රාමට නැවත සීතා ලබා දෙන ලෙස ඉල්ලා ඇති නමුත්, අංහකාර රජෙක් වූ රාවණ එයට එකග වී නැත. ඛාර, (රාවණ රජුගේ සහෝදරයෙක්) හෙළ අධිරාජ්‍යයේ උතුර දිග ප්‍රදේශපාලනය කළ ඉතා දක්ෂ රණ ශූරයෙක් වූ අතර‍, ඓරාවණ – රාවණ රජුගේ අනෙක් සහෝදරයා. පාද+තල+යට ( පාතාල) රාජධානියේ පාලකයා විය. රාම රාවණා යුද්ධයට කරුණක් වූ සුපර්ණිකා (රාවණ රජුගේ සහෝදරිය) දණ්ඩකාරණ්‍ය හී පාලිකාව වූවාය. ඇගේ සැමියා වනවිද්යුත් කුමරුද පාතාල රාජධානිය පාලනයට එක්විය. දුෂාන, (රාවණ රජුගේ සහෝදරයා) ජනස්ථාන් හී උපරජු විය. කුම්භාණි – (රාවණ රජුගේ සහෝදරිය)  රූප ශ්‍රීයෙන් අනූන අයෙක්බවත් පසුව තපසට ගිය බවත් සදහන්ය. රාවණ රජුගේ පුත්‍රයා ඉන්ද්‍රජිත්ය.

මෙවන් ශක්තියක් හා බල පරාක්‍රමයක් සහිත ලංකාවේ සිටි දක්ෂම රජකෙනෙක් වශයෙන් දැනට සොයාගත් මූලාශ්‍ර වලින් තහවුරු වන රාවණ රජු, එවන් වානර හමුදාවක් අතින් පරාජය වූවයි පිළිගත නොහැකිය. එකල ලංකාවේ යක්ෂ, නාග, දේව හා රාක්ෂ වශයෙන් කුල තිබුනේ යැයි සැලකේ. යක්ෂ යැයි හදුන්වා ඇත්තේ යකඩ භාවිතා කල නිසාවෙනි. රකුස් = රකු+කුස් යනු කුස රැකීමට ගොවිතැන් කල අයයි. නාවිකයින් නාග විය. මේ සියල්ලන්ම සංස්කෘත භාෂාවට යද්දී අමනුෂ්‍යන් බවට පත් වී යක්ෂයන් බවට පත් කර තිබේ. කෙසේ වුවත්, යක් ගෝත්‍ර නාමය අතීතයේදීත් භාවිතා වූ බව දක්නට හැකි අවස්ථාවක් වන්නේ,  මහා වංශයටත් වඩා පැරණි ලියැවිල්ලක් වන වරිග පූර්ණිකා නමැති යක් ගෝත්‍රික පුස්කොල පොතෙහි ශ්‍රි රාවණ අධිරාජ්‍යයා ගේ නාමය කෞරාණ මන්ඨක ලෙස සදහන් වීමයි. මෙහි කෞරාණ යන්නෙහි සිංහල තේරුම සියල්ල සම්පූර්ණ කරන ලද වන අතර මන්ඨක යනු යකාය. එනම් රාවණ රජු සියල්ල සම්පූර්ණ කල යක් ගෝත්‍රිකයෙක් බව පැහැදිලිය. මෙයිනුත් රාවණ රජුගේ තිබූ හැකියාවන් තහවරු කරන සාක්ෂි ශක්තිමත් වේ.

තවත් පුරාවෘත්තයකට අනුව රාවණ රජු යුද්ධයෙන් මිය ගියේ නැත. රාමගේ විෂ පොවන ලද හී පහරින් මුර්ජා වූ රාවණ රජු අදටත් රාවණ+ගල නමින් හැදින්වෙන පර්වතයේ ඇති කුටියක සගවා ඇත. දිනක ඔහු මේ සිහිමුර්ජාවෙන් මිදී අවදි වනු ඇත. රාවණ රජු විසින් ස්වර්ග, මත්ස්‍ය හා පාතාල යන තුන් ලොවක් පාලනය කල බව කියැවේ. ( බුදු දහමේ අංඝුත්තර නිකයේ , තික හී ආනන්ද වග්ගයේ එන මේ හා සමාන ලෝක, සමාන්තර ලෝක සංකල්පයට අනුව රාවණ රජු මේ හා සමාන ලෝක 3 ක් පාලනය කලා විය හැකිය. බුදු දහමට අනුව එකල පෘථිවිය හැදින් වූයේ ජම්ඹූද්වීපය නමිනි.) තවත් සමහර කතා පුවත් වලට අනුව නම් විභීෂණගේ පවා දීම් හා ඔහුවිසින් රාවණගේ අවි ඔහුටම එරෙහිව භාවිතා කරීම නිසා යුද්ධයෙන් පරාජය වු රජු වෙනත් සමාන්තර ලෝකයකට පලා ගිය බව කියැවේ. ඉසුරුමූණියේ ඇති තාරකා ලංජනය (Star Gate)ඇති තැන අතීත ලෝකයේ ලෝක ලෝක අතර ගමන් සදහා යොදගත් බව පැවසේ. 
සුර්ය ශක්තියෙන් බලය ලැබූ  ගුවන් යානා තාක්ෂණය මෙන්ම ඒවා ආරෝපනය පිණිස නැවතුම් පොලවල් පවා නිර්මාණය කළ රාවණා, ලෝකයට මමීකරණ හෙවත් සිරුරු නරක් නොවී තබා ගැනීමේ තාක්ෂණයද දායක කල බව සදහන් ය. රාවණා මේ ආකාරයෙන් සම්බන්ධතා පැවැත්වු බැබිලෝනියන් ශිෂ්ටාචාරයෙන් හමු වුණු මැටි ඵලකයක තිබූ  “බැබිලෝනියාවේ එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ,අහසින් පැමිණි සිංහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්” දැක්වෙන සටහනෙන්, රාවණා ගේ දක්ෂතා  තහවුරු වේ. මෙහි,සිංහ මිනිසුන් නමින් සිංහලයන් / හෙළයන් හඳුන්වන අතර, සිහගිරි යනු සීගිරියයි. අහසින් පැමිණි යනු දඩුමොණරයයි. (රාවණාගේ අහස් යාත්‍රා) මෙම   බැබිලෝනියන් මැටි පුවරුවල සිංහ මිනිසුන් සහ  රාවණා රජුගේ දඩුමොණරයට සමාන අහස් යාත්‍රා වල රූප ද ඇඳ තිබේ.

 සේ නමුත් රාම රාවණ යුද්ධයෙන් පසුව රාවණ රජු ගැන හෝ ලංකාවේ රාජාවලීය ගැන කරුණු සොයාගැනීම අපහසුය. නැවතත් ලංකාවේ රාජාවලිය ඇරඹෙන්නේ බුදුන් වහන්සේට සමකාලීන යුගයේ සෙල්ලිපි වලිනි. රාජාවලියට අනුව නම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් දවස් 7 කට පසු විජය ලංකාවට ගොඩබසින ලදි. ඒ වන විට රාවණ මිය ගොස් හෝ පලා ගොස් වසර 1844 ක් ගෙවී තිබුණි. (ඒ අනුව රාවණා අවුරුදු 4500 කට පෙර සිට ඇත.) රාජාවලියේ සදහන්වේ. බුදුන්වහන්සේට සමකාලීනව සිටියේ පණීත රජුය. රාජාවලිය හා හෙළ හවුලේ සොයාගැනීම් වලට අනුව රාවණ රජු ජීවත් වන්නෙ බුදුන් වහන්සේටත් පෙරය. නමුත් මහායන බුද්ධ ධර්මයේ එන චීන බසින් ලියවුණු ලංකාවතාර සූත්‍රයට අනුව, බුදුරජාණන් වහන්සේ  ලංකාවතාර සූත්‍රය දේශනා කරන්නේ රාවණ රජුටය. ඒ අනුව රාවණා රජු බුදුන් වහන්සේට සමකාලීනය. ලංකාව ථෙරවාදී බෞද්ධ රටක් වූ බැවින් ලංකාවේන් මේ ලංකාවතාර සුත්‍රය සොයාගැනීමට අපහසුය. බුදුන් වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කළ බව ථෙරවාදී බුදු දහම පිළිගත්තද, එහිදි උන් වහන්සේ කල දේශනාවන් මොනවාදැයි ථෙරවාදී බුදුදහම තුල සොයාගත නොහැකිය. බුදුන් වහන්සේලංකාවට වැඩි තුන් අවස්ථාවේම ධර්මය දේශනා කල අතර, බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මය සියල්ලම ආනන්ද මහ රහතන් වහන්සේ විසින් පළමු ධර්ම සංගයනාවේදී ප්‍රකාශ කරන ලදි. නමුත් ථෙරවාදී බුදු දහම තුල නැති ලංකාවතාර සුත්‍රය,  මහායන බුදු දහමේ ප්‍රධාන සුත්‍රයකි. 

ලංකාවතාර සුත්‍රය ලියා ඇත්තේ චීන බසිනි මෙම ලංකාවතාර සුත්‍රය දේශනා කරන ලද්දෙ රාවණ රජු උදෙසා බව ලංකාවතාර සුත්‍රයේ ම සදහන් වේ. ඒ අනුව ලංකාවතාර සුත්‍රය රාවණ රජුට දේශනා කරන ලද්දේ වී නම් රාවණ රජු බුදුන් වහන්සේ බැහැ දුටු අයෙක් විය යුතුය. අති විශාලප්‍රඥාවක් තිබුණා වූ රාවණ රජු, මෙම ධර්මය ඇසීමෙන් බුදුන් සරණ නොගියායැයි සිතිය නොහැකි. විශ‍්‍රාවස් මුනි, එනම් රාවණ රජුගේ පියා සූර්ය වන්දනාවේ යෙදුණු, සූර්ය ආගම ඇදහුවෙකි. නමුත් ඔවුන් බුදු දහම ගැන නොදැන සිටියවුන් නොවේ. රාවණ ඉතිහාසයට අවුරුදු 4 500 ය වැඩිය. රාවණ රජු බුදු දහම දර්ශනයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි. රාවණා අපගේ ගෞතම බුදුන් නොව, ඊට පෙර සිටි බුදුවරයෙකුගේ යුගයක වසන්නට ඇතැයි සමහරුන්ගේ විශ්වාසයයි.

අතීතයේ වැළලී ඇති ශ්‍රේෂ්ඨ මිනිසකුගේ මළසිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණපරීක්ෂණයක් කිරීමට උත්සාහ තළ යුතුව ඇත. එයට හේතුව මෙම මරණය අභිරහසක් වූ නිසාපමණක් නොව, ශ්‍රේෂ්ඨ ජාතියක අභිමානය එමගින් යළිත් ලෝකයට හඬගා පැවසිය හැකි හෙයිනි. අදින් වසර 6000 කට පමණ පෙර මෙරට විසූ මෙම ශ්‍රේෂ්ඨ මිනිසාගේ යුගය පිළිබඳව මෙරට ලිඛිත ඉතිහාසයේ වැඩි යමක් සඳහන්ව නැතත් ඉන්දියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව දීර්ඝ විස්තරයක් කිරීමට තරම් වාල්මිකී කරුණාවන්ත වීම එක්තරා භාග්‍යයකි. එහෙත් වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ රාවණ ඉදිරියේ කළු පැල්ලමක් තබන්නට ඔහු උත්සාහ දරා ඇත්තේ එවකට ඉන්දියානු පාලකයන්ගේ සහ බමුණන්ගේ බලපෑම නිසා වන්නට ඇත. එනිසාම රාවණගේ සැබෑ කතන්දරය කුමක් දැයි අද වනවිට බොහෝ දෙනෙකු ගවේෂණය කිරීමට උත්සාහ දැරීම යහපත් ප්‍රවණතාවයකි.

රාවණා සතුව තිබූ අධිතාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ඥානය,  මින් වසර 6000 කට පෙර ගුවන්යානා නිපදවිය හැකි තාක්ෂණයක් හා අදහාගත නොහැකි තරම් පුදුම සහගත වූ වෛද්‍ය විද්‍යාව, රාම – රාවණා යුද්ධයෙන් පසු රහසක් ලෙසම වැළලී ගිය බව වාල්මිකී සඳහන් කරයි. සැබැවින්ම රාවණ යනු ලෝකයේ පහල වූ බලසම්පන්නම පුද්ගලයකු බව එම සාක්ෂිවලින් පැහැදිලිවෙයි. අප උත්සාහ දැරිය යුත්තේ අපගේම ඉතිහාසයේ වැළලී ගිය මහා යුගපුරුෂයාගේ සැබෑ තොරතුරු අනාවරණය කිරීමටය.
අන්තර්ජාලයේ ඇතුලත් දත්ත හා තොරතුරු පදනම් කරගෙන සකසන ලදි.
– ඡායාරූප අන්තර් ජාලයෙන් –

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *