අල් ජසීරා පුවත් නාළිකාව වසා දැමීමට සූදානම්

ප්‍රචණ්ඩත්වය වැපුරවීමටත්, ත්‍රස්තවාදයට අනුග්‍රාහකත්වය දක්වන බවටත් චෝදනා නඟමින් ජෙරුසිලමේ පිහිටා ඇති අල් ජසීරා ජාත්‍යන්තර පුවත් කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායල් රජය සූදානම් වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ජන සන්නිවේදන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ජෙරුසිලමේ පිහිටි අල් ජසීරා පුවත් නාළිකාව වසා දැමීමට සිය රට තීර ණය කර ඇති බවත් එහි සේවයේ නියුතු මාධ්‍යවේදීන්ගේ සියලු වරප්‍රසාද අහිමි කිරීමට තීරණය කර ඇති බවත්ය.

එමෙන්ම ඊශ්‍රායල් සන්නිවේදන කටයුතු භාර අමාත්‍යවරයා වූ අයුබ් කාරා දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල් පලස්තීන ගැටුම් ක්‍රමයෙන් වර්ධන වීමට මුලික හේතුව වී ඇත්තේ අල් ජසීරා නාළිකාවේ අපක්ෂපාතී පුවත් වාර්තාකරණය නිසා බවයි.

මීට සති කිහිපයකට පෙර පැරැණි ජෙරුසිලම නගරයේ අල් අස්කා මුස්ලිම් පල්ලිය මුල් කොට ගනිමින් යුධමය තත්ත්වයක් ඇතිවූ අතර එම ගැටුම් උත්සන්න වීමට අල් ජසීරා පුවත් නාළිකාවේ පුවත් වාර්තාකරණය හේතුවූ බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙදන්යාහු පවසා තිබුණි.

කෙසේ වෙතත් තවත් කාලයක් මෙම නාළිකාව ඊශ්‍රායලයේ පැවතියේ නම් එය සිය රටට තර්ජනයක් වෙන බැවින් මෙලෙස වසා දැමීමට තීරණය කළ බව එරට රජය ප්‍රකාශකර තිබේ.

වැඩබිම

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *