ගතවූ මාස 6 ක කාලය තුළ ඩෙංගු මරණ 215 ක්‌

ගතවූ මාස 6 ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 70,000 ක්‌ සොයාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය.
කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්‌ත්‍රික්‌කවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් හමුවී ඇතැයිද ඇය කියා සිටියාය.
මෙම කාලය තුළ ඩෙංගු මරණ 215 ක්‌ වාර්තා වන බවද ඇය සඳහන් කළාය.

“දැන් පවතින කඩින් කඩ වැස්‌ස නිසා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්‌ දක්‌නට ලැබෙනවා. මේ නිසා නිරන්තරයෙන්ම තමන්ගේ නිවාස, පරිශ්‍ර සුද්ද කරගන්න. විශේෂයෙන්ම මදුරු විකර්ශන (පැඟිරි තෙල් වැනි) පාවිච්චි කරන්න. කුඩා දරුවන්ගේ ඇඟපත වැහෙන ඇඳුම් අන්දවන්න. උණ ඇත්නම් වහාම රජයේ වෛද්‍යවරයකු හමුවෙන්න. වෛද්‍යවරයකුගේ උපදෙස්‌ නැතිව අත්බෙහෙත් පාවිච්චි කරන්න එපා.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *