ඉස්ලාම් රූමතියකට යකෙක් වැහිලා !

මිනිසුන්ට යකුන් ප්‍රේතයන් භූතයන් සහ මළවුන් ආරූඪ වන බවට ලොව පුරා පැතිරයන විශ්වාසයන් තිබේ.

මේ විශ්වාස ආගමික සංස්කෘතික පදනම් අනුව විවිධ ස්වරූප ගනී.

නිදසුනක් ලෙස මෙම ආරූඪ වීම් වල බහුවිධ ස්වරූපයක් ඇතැයි බෞද්ධ සංස්කෘතික පසුබිම තුළ විශ්වාස කෙරේ. එමෙන්ම කිතුනුවන් විශ්වාස කරන්නේ මෙම ආරූඪ වීම් සාතන්ගේ බලයක් ලෙසිනි.

සාමාන්‍යයෙන් ලොව බොහෝ ආගම් වලට වඩා ගුප්ත විශ්වාස පිළිබඳ අඩු තැකීමක් කරන ඉස්ලාම් ආගමෙහි මෙය යක්ෂයාගේ හෙවත් ෂයිතාන්ගේ  බලයක් ලෙස විශ්වාස කෙරේ.

එම බලය ක්‍රියාවට නංවන යක්ෂ සේනාව ඉස්ලාම් භක්තිකයන් හඳුන්වනුයේ ජීන්(Jinn) ලෙසය.

මේ විඩියෝවේ සිටින රූමතියද එබඳු යක්ෂාවේශයකට පත්වූ තැනැත්කියකි. එහිදී ඇය ලවා “අල්ලාහු අක්බර්” කී පසු ඒ යක්ෂාරූඪය පහව යයි.

කිතුනුවකු මෙසේ යක්ෂාරූඪයට පත්වූ පසු බයිබලය හිස මත තබා යාඥා කිරීමෙන්ද බොදුනුවෙකු ආරූඪයට පත් වූ පසු පිරිත් පොත හිස මත තබා බුදු ගුණ කීමෙන්ද මෙසේ යක්ෂාරූඪ පහව යන බව පෙනෙන්ට තිබේ.

ඒ අනුව මෙය සැබවින්ම බාහිරින් පැමිණෙන බලයක්ද එසේ නැතහොත් යම් යම් පුද්ගලයන්ගේ අසාමාන්‍ය මානසික කුළුගැන්වීම් නිසා ඇතිවන තත්වයක්ද යන්න පිළිබඳව නැවත සිතා බැලීමට අපට සිදුවේ.

තිලක් සේනාසිංහ  (ලක්බිම )

 

 

 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *