ලිංගික සදාචාරය විමසීමට ලක්කරමු – සී, එස්. ලූවිස් (2 කොටස)

එක් විවේචකයෙක් ප්‍රකාශ කරන ලද්දේ සඳහන් කරන ලද ලෙස පිසින ලද ආහාර බඳුනක් සෙමින් වේදිකාවක නිරාවරණය කරනවා බැලිම සඳහා දහස් ගණන් ජනයා යම් රටක රැස් වන්නේ නම් එම රටේ ජනයා සාගින්නේ පෙළෙන ජනාතාවක් විය හැකි බවය. ඔහුගේ මතය වුයේ ඇඳුම් උනා දමා කරන නැටුම් නැරඹීම සඳහා සහභාගි වන්නේ ලිංගිකත්වය පිළිබඳ දුෂිත වු අයට වඩා ලිංගිකත්වය නමැති සාගින්නේ පෙළෙන අය බවය.
මා එකඟවන්නාවු කරුණක් නම් ඉහත සඳහන් කරන ලද ලෙස විශේෂයෙන් පිසින ලද රසවත් මාංශ බඳුනක් නිරාවරණය දැකීමට යම් ජනතාවක් ආශා වන්නෝ නම් ඔවුන් සාගතයකින් පෙළන අය බවය. එමෙන්ම විමසිය යුත්තේ එම රටේ ආහාර ස්වල්පයක් හෝ බොහෝ අනුභව කරන්නේද යනුය. එමෙන්ම වේදිකාවන්හි නිරාවරණ දර්ශණ වලට හේතුව ලිංගිකත්වය පිළිබඳ සාගතයක්ද යන්න, විමසිය යුතුය. එමෙන්ම මෙම යුගයේ බොහෝ දෙනෙකු ලිංගික ජීවිතයෙන් වැලකීම සිදුවන්නේද? එවැනි සාක්ෂි නොමැත. වර්තමානයේ ලිංගික ඇසුරේ ප්‍රතිඑල අවම කරන විවිධ සුරඬිත මාර්ග හඳුනාගෙන ඇත. එය විවාහය තුළ මෙන්ම විවාහයෙන් බැහැර ලිංගික සම්බන්ධතාවය පිළිබඳව ද එසේමය. මෙම යුගයේ විවාහයෙන් බැහැර ලිංගික එක්වීම පිළිබඳ විරෝධය අඩුවී ඇත. එය සැබවින් නොදියුණු සමාජ යුගයට පසුව එබඳු එක්වීම් හා චර්යා පිළිබඳ වැඩි නිදහසක් ලබන යුගයකි. අප දක්නා ලෙස අනෙකුත් ආශාවන් මෙන් ලිංගික ආශාවද නිදහසේ ආශාවන්හි ගැලීමෙන් වර්ධනය වේ. ආහාර නැතිකමින් කුසගින්නේ පෙළෙන අය ආහාර ගැන සිතති. එමෙන්ම කෑදරකමට ඇබ්බැහිවුවෝද නිතර ආහාර ගැන සිතති. හාමත් වුවන් මෙන්ම රුචිය ඇවිස්සීමෙන් ද ආහාර ගිලදැමීමට යොමු වේ. ලිංගික ආශාවන් සම්බන්ධව ද එසේමය.
තුන්වැනි කරුණක්ද ඇත. සැබවින් ආහාර නොවන දේ අනුභව නොකරන ඉතා කුඩා ජනතාවක් ඇත. එමෙන්ම ආහාර අනුභව කිරිම වෙනුවට අහාර සම්බන්ධව වෙනත් දේ කරන ඉහත දැක්වු ලෙස ඉතා කුඩා ජනතාවක්ද ඇත. ආහාර රුචිය සම්බන්ධව වැරදි ලෙස කි්‍රයා කරන අය සිටිති. නමුත් ලිංගික රුචිය පිළිබඳ වැරදි ලෙස කි්‍රයා කරන සංඛ්‍යාව ඉතා බොහෝ අධිකය. එය සුව කිරිමට දුෂ්කර මෙන්ම භයානක රුචියකි. මෙම කරුණු පිළිබඳ විස්තර දැක්වීමට මම කණගාටු වෙමි. එසේ වුවත් මම එසේ කල යුතුය. ඊට හේතුව වන්නේ පසුගිය වර්ෂ 20 ක් පමණ කාලය තුළ ලිංගිකත්වය පිළිබඳ මහත් දැඩි ව්‍යාජයක් නැතහොත් බොරු කාරණා නිතර අසන්න ලැබුවෙමු. අප ඒවා ඇසීමෙන් රෝගී වනතුරු අසා ඇත්තෙමු. එම කථා අතර ප්‍රකාශ වන්නේ අනෙකුත් ආශාවන් මෙන්ම ලිංගික ආශාවද ස්වභාවික එකක් බවය. ඒ කරුණ පිළිබඳ නිහඩවීම හොඳ බවත් එවිට සියල්ල මනහර බවත් ඔවුන්ගේ අදහසය. නමුත් එය එසේ නොවේය. ඔබ කරුණු දෙස බලන විට, එම ව්‍යාපාරය ඔබ්බට විමසන විට ඔබට කරුණු එසේ නොවන බව දැකිය හැකිය.
ඔවුන් ඔබට පවසන්නේ ලිංගිකත්වය අවුලක්වී ඇත්තේ එය නිහ~ කිරිමට උත්සාහ කරන නිසා බැවින් යනුය. නමුත් පසුගිය වසර 20 ක් පමන කාලය එය එසේ සිදු නොවීය. ලිංගිකත්වය ගැන දවස පුරා කථාකර ඇත. නමුත් එහි තවම අවුලකි. ලිංගිකත්වය නිශ්ශබ්ද කිරිම ප්‍රශ්ණයක් නම් එය ඇවිස්සීමෙන් කාරණා නිවැරදි විය යුතුය. නමුත් එය එසේ නොවේය. නමුත් කාරණය ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සිදුවී ඇත. මා සිතන ලෙස මනුෂ්‍ය වර්ගයා එය නිහ~ කිරිමට ආරම්භයේදී උත්සාහ කරන ලද්දේ එය එබඳු අපිරිසිදු අශෝභන තත්වයකට පත්වීම නිසාය. වර්තමාන ජනයා පවසන්නේ —ලිංගික ජීවිතය ලැජ්ජාවට කරුණක් නොවන බවය.˜ ඔව්හු එයින් කරුණු දෙකක් අදහස් කරති. ඔවුන් ප්‍රකාශ කරනු ඇත්තේ මිනිස් වර්ගයා තම වර්ගයා කෙලෙස හෝ බෝ කිරිම ලැජ්ජාවට කරුණක් නොවන බව විය හැකිය. නැතහොත් එමගින් සතුටක් ලබන බව ලැජ්ජාවට කරුණක් නොවන බව විය හැකිය. ඔවුන් එසේ පවසන්නේ නම් ඔවුන් නිවැරදිය. කිතුණු දහම ප්‍රකාශ කරන්නේද එයමය. එම කරුණ හෝ තෘප්තිය කාරණය නොවේය. ප්‍රශ්ණයය එයය. පුරාණ කිතුණු ගුරුවරු පවසන ලද්දේ මනුෂ්‍ය වර්ගයා පාපයට වැටීමක් කිසිදා සිදු නොවුයේ නම් ලිංගික තෘප්තිය දැනට වඩා වැඩිවීමට ඉඩ තිබු බවය. සමහර හිස අවුල්වු කිතුණුවන් කථා කරන්නේ කිතුදහම ලිංගිකත්වය, ශරීරය හා සතුට යන මේවා ඒ තුලම නපුරු ලෙසය. නමුත් ඔවුන් වැරදිය. කිතුදහම මහත් ආගම් අතර ශරිරය සහ එහි කි්‍රයාකාරිත්වය තදින්ම පිළිගන්නා දහමකි. එයින් අදහස් කරන්නේ ද්‍රව්‍යමය යහපත් බවය. දෙවියන්වහන්සේම වරක් මිනිස් ශරිරයක් ගත් සේක. ස්වර්ගයේදී අප හට යම් ශරිරයක් ලැඛෙනු ඇත. එය අපගේ ස්වර්ගීය සතුටේ කොටසක් වනු ඇත. එය අලංකාර වන අතර ඒ තුළ ශක්තිය තිඛෙනු ඇත. කිතු දහම අනිකුත් කිසිදු දහමකට වඩා විවාහය උතුම් කොට ඇත. ලොව ඇති අතිමහත් ප්‍රේම ගීතයක්ම පාහේ කිතුණුවන් විසින් නිපදවා ඇත.
ලිංගිකත්වය ඒ තුළට නරක දෙයක් යැයි යමෙක් පවසන්නේ නම් කිතුදහම එයට සැනින් විරුද්ධ වෙයි. එසේ වුවත් සැබවින් ජනයා මෙසේ ප්‍රකාශ කරන්නේ නම් —ලිංගිකත්වය ලැජ්ජාවට කරුණක් නොවේ˜ කියන්නේ නම් ලිංගිකත්වය අද පත්වී ඇති තත්වය ගැන ලැජ්ජාවීමට යමක් නැතැයි කියන්නේ නම්¦
ඔවුන් පවසන්නේ එය නම්, මා සිතන ලෙස ඔවුන් වැරදිය. මා සිතන ලෙස ඒ පිළිබඳ ලැජ්ජාවීමට සියල්ල ඇත. ඔබගේ ආහාරය රසවිඳීම ගැන ඔබට ලැජ්ජාවීමට කිසිවක් නැත. නමුත් ලැජ්ජාවීමට කරුණ වන්නේ මුළු ලෝක ජනගහනයෙන් දෙකෙන් කොටසක්ම ආහාර ගැනීම ඔවුන්ගේ එකම ජීවිත උද්යෝගයවී ආහාර පිළිබඳ චිත්‍ර නරඹමින් තොල්වලින් කෙල හලමින්, රස විඳින්නේ නම් ඒ ගැන ලැජ්ජාවීමට හේතුවක් වනු ඇත. ඔබත් මමත් වර්තමාන තත්වයට පෞද්ගලිකව වගකිව යුතු යයි මම නොකියමි. අපගේ මුතුන් මිත්තෝ අප හට මෙලෙස ආවරණය කරගත් ශරිර ව්‍යුහයක් දී ඇත. අප වැඩී ඇත්තේ ලිංගික පවිත්‍රතාවය පිළිබඳ ලැජ්ජා භිය පිළිබඳ වට පිටාවකය. අපගේ ලිංගික හැඟීම් අවුස්සා මුදල් උපයා ගැනීමට කැමති ජනයා සිටිති. මන්ද යමෙක් තදින්ම යමකට ඇලී සිටින්නේ නම් ඔහුට එය අලෙවි කිරිම පිළිබඳ ඇත්තේ සීමා කල නොහැකි උවමනාවක් විය හැකිය. දෙවියන්වහන්සේ අපගේ තත්වය දන්නා සේක. දෙවියන්වහන්සේ අප හට ජයගැනීමට කරුණු නැති ලෙස අප විනිශ්චය කරන්නේ නැත. නමුත් කාරණය වන්නේ අප හට වැරදි ආශාවන් ජයගැනීමට අවශ්‍ය අවංක කම සහ ඒ පිළිබඳ අවංක උත්සාහයක යෙදීමට ඇති අවශ්‍යතාවයය.
අප සුවය ලබන්නට පෙර අප හට සුවය ලැබීමට අවශ්‍යතාවය තිබිය යුතුය. යමෙකුට උපකාරයක් සැබවින්ම අවශ්‍ය නම් එය ලබා ගත හැකි වනු ඇත. අද වර්තමානයේ සමහරුන්ට කැමතිවීද අපහසුය. අප හට යමක් සැබවින්ම අනවශ්‍ය විට එය අවශ්‍යයයි සිතීමට පුළුවන. සුප්‍රසිද්ධ කිතුණුවෙකු තමන් සේවයෙකුව සිටි අවදියේ බොහෝ විට පිරිසිදුකම ඉල්ලා යාච්ඤා කලේය. නමුත් වසර ගණනකට පසුව ඔහු අවබෝධකර ගත්තේ ඔහු තම තොල්වලින් —ස්වාමිනී, මා පවිත්‍ර කල මැනව˜ කියා ඉල්ලා සිටියත්, තවත් අන්දමකින් එයට එක් කලේ —කරුණාකර එය දැන්ම ඉටු නොකරන්න˜ යනුවෙනි. මෙය අනිකුත් ශීල ධර්ම සම්බන්ධයෙන් ද විය හැකිය. සම්පුර්ණ පවිත්‍රතාවය ලබාගැනීම එය දැන්ම ආශා නොවීමට විශේෂ දුෂ්කරතාවයන් තුනක් ඇත.
පළමුව අපගේ ආවරණය වු ස්වභාවය, අප පරික්ෂා කරන යක්ෂ ආත්ම, වර්තමාන මනුෂ්‍යයින් තෘෂ්ණාවට පොළඹ වන්නාවු මාධ්‍යයන්, හා ව්‍යාපාරයන්, සියල්ල එක්වු විට යමෙක් සිතන්නේ, ලිංගික රුචිය සාමාන්‍ය එමෙන්ම සෞඛ්‍ය සම්පන්න කාර්්‍යයක් වන අතර එය වළක්වා ගැනීම අසමාන්‍ය විකෘති ස්වභාවයක් බවය. විවිධ දැන්වීම් පිට දැන්වීම්, චිත්‍රපට, වර්තමාන අන්තර්ජාල අසැබි දර්ශණ දැක්වීමට උත්සාහ කරන්නේ ලිංගික ආශාවන් නිදහසේ භුක්ති විඳීම සෞඛ්‍ය සම්පන්න, ස්වභාවික සෞන්දර්්‍යයේ කොටසක් ලෙස අවංක සහ සතුටින් සිටීමේ ක්‍රමවේදයක් ලෙසය. නමුත් එය අසත්‍යයකි. සියලූම බලවත් ව්‍යාජයන් බොරුකාරකම් මෙන්ම එයද යම් සත්‍යයන් මත පදනම් වී ඇත.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *