අනතුරු සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දරුවෝ 650 ක්‌ මරුට

අනතුරු සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන්
2016 දී පාසල් දරුවෝ 650 ක්‌ මරුට

එස්‌. එම්. විජයරත්න – බිංගිරිය විශේෂ

2016 වසර තුළ දී පාසල් දරු දැරියන් 1750 ක්‌ පමණ විවිධ අනතුරු හා ආපදාවලට මුහුණ පා ඇති බවට දීප ව්‍යාප්තව සිදු කළ සමීක්‍ෂණ වාර්තාවක්‌ තොරතුරු හෙළිදරව් කර ඇත.

මාර්ග අනතුරු, ස්‌වභාවික විපත්, දියේ ගිලීම් හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා පාසල් දරුවන් 650 කට අධික පිරිසක්‌ මරණයට පත් වී ඇති බවද සංඛ්‍යාලේඛන හෙළි දරව් කර ඇත.

මේ අවාසනාවන්ත තත්ත්වය සැළකිල්ලට ගෙන 2017 වසර ආරම්භයේදීම සිසු දරුවන්ට මාර්ග භාවිතයේදී සැළකිලිමත් වීමේ වැදගත්කම, මාර්ග සංඥා නිසි පරිදි හඳුනාගෙන මාර්ග නීති අනුගමනය කිරීමේ වැදගත්කම, මත්ද්‍රව්‍ය හා දුම්බීමේ ආදීනවයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 1,500 ක්‌ පාසල් දරුවන් හා ගුරුභවතුන් ඉලක්‌ක කරගෙන සංවිධානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

මේ අනුව වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම යන දිස්‌ත්‍රික්‌ක දෙක තුළ වැඩසටහන් 400 ක්‌ පමණ 2017 වසරේ පළමු කාර්තුවේදී සංවිධානය කර පැවැත්වීමට කටයුතු කරන බව කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු “දිවයින” කළ විමසීමකදී පැවැසීය.

උපුටා ගැනීම – දිවයින

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *