හින්දු කාන්තාවන් ආගමික බැම්මෙන් නිදහස්

ඉන්දියාව තුළ සිටින හින්දු කාන්තාවන්ට තමන් කැමති  ඕනෑම පූජනීය ස්ථානයකට යාමටත්, එම ස්ථාන වන්දනාමාන කිරීමටත් අවස්ථාව ලබා දිය යුතු බව මුම්බායි මහාධිකරණය නියෝග කර තිබෙනවා.
මහාරාෂ්ට ප‍්‍රදේශයේ වසර සියයක පමණ සිට සාම්ප‍්‍රදායිකව පිරිමි පුද්ගලයන් පමණක් වන්දනා මාන කටයුතු සිදු කළ පූජනීය ස්ථානයකට කාන්තාවන් ඇතුල් වීම හේතුකොට ගෙන පසුගියදා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා.
එයට විරෝධය පළ කරමින් බුමාටා රන්රාගිනි සංවිධානය පෙත්සමක් ගොනු කර තිබූ අතර එය සලකා බැලීමෙන් අනතුරුවයි මුම්බායි මහාධිකරණය එම නියෝගය සිදු කර ඇත්තේ.
එමෙන්ම හින්දු කාන්තාවන්ට හින්දු පූජනීය ස්ථාන වෙත ඇතුල් වීමට බාධා කරන පුද්ගලයන්ට  මාස 6 ක සිර දඩුවමක් ද ලබා දීමට නියෝග කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *