ලිංගික සදාචාරය විමසීමට ලක්කරමු – සී, එස්. ලූවිස් (1 කොටස)

ලිංගික සදාචාරය විමසීමට ලක්කරමු – (සී, එස්. ලූවිස්) 1 කොටස

ලිංගිකත්වය පිළිබඳ ක්‍රිස්තියානි සදාචාරය විමසීමට ලක්කරමු. මෙය කිතුණුවන් විසින් පිරිසිදුකමේ ධර්ම ගුණය, බඹසර, පතිවුර්තාව යන නම්වලින්ද මෙම ගුණය හඳුන්වනු ලබයි. කිතුණු පිරිසිදුකමේ ගුණය, ”සමාජ විනීතකම” සමඟ පටලවා ගත යුතු නැත. (වචනයේ එක් අර්ථයකින්) සභ්‍යත්වය ශිෂ්ඨ බව හෝ යෝග්‍යතාව උචිත බව, යෝග්‍ය බව පිළිබඳ සමාජ නීතිය මිනිස් ශරිරය කොපමණ ආවරණය විය යුතුද කුමන ප්‍රදේශ නිරාවරණයව තිබිය හැකිද යන්න එම සමාජ නීති අනුව පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප විය හැකිය. එලෙස කිතුණු පවිත්‍රතාවයේ නීතිය සියලූ කිතුණුවන්ට සෑම කලටම එකලෙසමය.

සමාජයේ යෝග්‍යතාව පිළිබඳ නීති වෙනස්ය. පැසිපික් දුපත් ප්‍රදේශවල ඉතා අවම ශරිර ආවරණ්‍යක් ඇති ගැහැණු ළමයෙකු සහ වික්ටෝරියානු මුළු ශරිරය ආවරණය කරන ලද දෙදෙනාම එම සමාජ නීතිය අනුව ,යෝග්‍යය විනීත විය හැකිය. ඉහත සඳහන් කල දෙදෙනාම ඔවුන්ගේ ඇදුම් අනුව එක ආකාර යෝග්‍ය විය හැකිය. ෂේක්පියර්ගේ සමයේදී සදාචාර සම්පන්න කාන්තාවන් භාවිතා කල භාෂාව 20 වන ශතවර්ෂයේදී භාවිතා කරනු ලැබිය හැක්කේ අත්හැර දමනු ලැබු ස්ති්‍රයන් විසිනි.

මනුෂ්‍යයෝ තමන්ගේ යුගයේ සහ ස්ථානයේ පවතින යෝග්‍යතාවයේ, ඔබින බවට පිළිගත් නීති කඩ කරන්නේ නම්, ඔවුන් එසේ කරන ක්‍රියා මගින් තමන් හා අන්‍යයන් තුළ තෘෂ්ණාවන්, වැරදි ආශාවන් ප්‍රබෝධ කරන්නෝ නම් ඔවුන් පවිත්‍රතාවට විරුද්ධව ක්‍රියා කරති. ඔවුන් එසේ කරන්නේ නොසැලකිලිමත් බවින් හා නොදන්නා බවින් වන්නේ නම් ඔවුන් වැරදි විලාශයන්, හැසිරීම් පිළිබඳ වරදකරුවන් බවට පත් වේ. බොහෝ විට සිදුවන ලෙස අන්‍යයන් අපහසුතාවයට පත්කරන පිරිස මුරණ්ඩුකමින් එසේ හැසිරෙන විට ඒ හැසිරීම අසංවරකම මෙන්ම කාරුණික නොවේ. අන්‍යයන් අපහසුතාවයට පත්කිරිම අකාරුණික බවක් වේ.

යෝග්‍යතාව පිළිබඳ තදබල ප්‍රමිතීන් පිවිතුරු බවට සාක්ෂි වශයෙන් මම නොසිතමි. මාගේ ජීවිත කාලයේදී මා දැක ඇති නීති මහත් සරල සහ මහත් සැනසුමට කරුණක් ලෙස මම දනිමි. මෙම වර්තමාන යුගයේ මෙම අපහසුතාවය දකිමි. විවිධ පුද්ගලයින් එකම ප්‍රමිතිය පිළිනොගනිති. එවිට අප සිටින්නේ කොතනදැයි අප නොදනිමි. මෙම ව්‍යාකුලත්වය පැවතීමේදී වැඩිහිටි හෝ පැරණි මෝස්තරවල ජනයා තරුණ හෝ නිදහස් ලෙස හැසිරෙන ජනයා පැරණි මිනුම් දඩු අනුව දෘෂ්‍ය හෝ නොනිසි ලෙස නොසැලකිය යුතුය.

එමෙන්ම තරුණ ජනයා තම වැඩිහිටියන් ඉතා ලැජ්ජාශීලි ලිංගික කරුණු පිළිබඳ ඔිනෑවට වඩා කෝලයක් දක්වන, උග්‍ර සදාචාර වාදීන් ලෙස ඔවුන් තමන්ගේ ප්‍රමිතිය පහසුවෙන් පිළිනොගන්නා බැවින් නොසැලකිය යුතුය. අන්‍යයන් තුළ ඇති සියලූ යහපත් දේ විශ්වාස කිරිමට ඇති ආශාව මගින් අන්‍යයන් අපහසුතාවයට පත්කල හැකි අතර එය බොහෝ ප්‍රශ්ණවලට විසඳුම වේ.

පිවිතුරු බව පවිත්‍රතාවය සියලූ කිතුණු ගුණ ධර්ම අතර මහත්ම ජනප්‍රසාද නොවන ගුණය වේ. එයින් ඉවත් වීමක් නොමැත. කිතුණු නීතිය වන්නේ ඔබගේ සහකරු හෝ සහකාරිය සමඟ පුර්ණ විශ්වාසකමින් යුතු විවාහය හෝ පුර්ණ වැලකීමය. විරතියය. මෙය එපමණ දුෂ්කර හා අපගේ ස්වභාවික ලැදියාවට පටහැනිය. එක් පසෙකින් කිතුදහම හෝ ලිංගික ජන්මයෙන් ඇතිවන ලිංගික ආශාව වැරදි විය යුතුය. ලිංගික ආශාව දැන් වැරදි මගට ගොස් ඇත. මේ දෙකින් එකක් වැරදි එකට ගොස් ඇත. කිතුණුවෙකු ලෙස මා සලකන්නේ ලිංගික ආශාව නොමඟ ගොස් ඇති බවය.

මා හට මෙසේ සිතීමට තවත් කරුණු තිබේ. ලිංගික ජීවිතයේ ජීව විද්‍යාත්මක අරමුණ මානව වර්ගයා බෝකිරිමය. එය ආහාර ගැනීමෙන් ශරිරය නඩත්තු කරන ලෙසය. එනමුත් අපි අපට ආහාර ගැනීමට ආශාව ඇති වන සෑමවිටම, අපට හැකිතරම් ආහාර ගන්නේ නම් විය හැකි ලෙස අපි ඔිනෑවට වඩා ආහාර ගැනීමට ඉඩ ඇත. එනමුත් ඉතා භයානක ලෙස පමණට වඩා වැඩි නොවිය හැකිය. එක මනුෂ්‍යයෙකු දෙදෙනෙකුගේ ප්‍රමාණයට ආහාර ගැනීමට පුළුවන. නමුත් ඔහු දස දෙනෙකුගේ ප්‍රමාණයට ආහාර ගනීවියැයි කිව නොහැකිය. ඔහුගේ ආහාර රුචිය පමණට වඩා ජීව විද්‍යාත්මක අරමුණට වඩා ස්වල්පයක් එහා යා හැකිය. නමුත් අති විශාල සුවිශාල නොවේ. නමුත් සෞඛ්‍යය සම්පන්න, නිරෝගී තරුණයෙක් තමුන්ගේ ලිංගික රුචිය තමන්ට හැෙඟන සැමවිටකම සම්පුර්ණ කරගැනීමෙන් දරු උපතක් ඇති කිරිමට හේතුකාරක වන්නේ නම්, ඔහු වසර දහයක් තුලදී පහසුවෙන්ම මනුෂ්‍යයෙකුගෙන් සැදී කුඩා ගමක් බිහි කරයි. මෙම රුචිය ආශාව හාස්‍යජනකය. අතිශය අසාධාරණය. දරුණු අස්වාභාවික කි්‍රයාවකි.

තවත් උදාහරණයක් සලකමු. ඇදුම් එකිනෙකා උනා දමමින් කාමුක ලෙස කරන නැටුම් බැලීමට මහත් ජනකායක් රැස්විය හැකිය. ඔබ යම් රටක වේදිකාවක් වෙත වසන ලද බඳුනක් රැගෙන විත් එහි ආවරණය සෙමින් ඉවත් කරනවා යැයි සිතන්න. අන්තයේදී එය කුමක්දැයි දකින විට එහි ඇත්තේ පිසින ලද මාංශ බව දකින විට ඔබ සිතන්නේ කුමක්ද? මෙම රටේ මිනිසුන්ට ආහාර රුචිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවය. විවිධ රටවල ඇති දැඩි වු අය ඒ ආකාරයෙන් මනුෂ්‍යයින් අතර ලිංගික ඇල්ම පිළිබඳ ප්‍රශ්ණයක් ඇති බව නොදනින්නේද?

මතු සම්බන්ධයි

 

 

……………………………………………………………………………………………………………………………………………………….
ඉහත ලිපියේ කර්තෘ පිළිබඳ හැඳන්වීමක්
සී. එස්. ලූවිස් 1898 දී අයර්ලන්තයේදි උපන් අයෙකි. මල්වෙන් විද්‍යාලයේ එක් වර්ෂයක් අධ්‍යාපනය ලැබීය. ඉන් පසු පොෟද්ගලික අධ්‍යාපනය ලැබීය. ඔහු ඔක්ස්පර්ඩ්, විශ්ව විද්‍යාල උපාධියක් ලැබ මැඩගලින් විද්‍යාලයේ 1925-1954 දක්වා ආචාර්යවරයෙකු ලෙස සේවය කළේය. ඔහු මධ්‍යගත යුගයේ පුනරුදය සාහිත්‍ය පිළිබඳ කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධුරයක් හෙබවීය. ඔහු සුප්‍රසිද්ධ දේශකයෙකු වු අතර බොහෝ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් කෙරෙහි බලපැවැත්මක් ඇති කලේය.
සී. එස්. ලූවිස් බොහෝ වර්ෂ ගණනක් අදේවවාදියෙකු විය. ඔහු කිතු දහමට හැරීම මහත් පී්‍රතියෙන් විස්තර කර ඇත. 1929 ති්‍රත්ව යෙදුම ලෙස මම දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ බවට පිළිගතිමි….. ඔහු මුළු එංගලන්තය පුරා අධෛර්්‍යයට පත්ව සිටි හා කිතු දහමට ප්‍රතිචාර දැක්වීමට මනාපයක් නොදක්වා සිටි අයෙකු විය. මෙම අත්දැකීම ආගම් පිළිගැනීමට අකමැති හා උදාසීන අය අවබෝධ කරගැනීමට සී. එස්. ලූවිස් හට උපකාරි විය. ලේඛකයෙකු ලෙස සී.එස්. ලූවිස් හට ඉතා දක්ෂ හැකියාවන් තිබු අතර ඔහු ඉතා තාර්කික තීක්ෂණ හා මනසකින් යුත් අයෙකු විය. ඔහුගේ ලේඛණ ශෛලිය, පැහැදිලි හා ජීවමාන විය. ඔහුගේ සුප්‍රසිද්ධ ප්‍රචලිත කෘතින් සමහරක් වනුයේ
Problem of Pain
Screwtape Letters
Mere Christianity
Four Loves
Posthumous Prayer
Letters to Malcolm

ඔහු ළමුන් සඳහා පොත් මෙන්ම විද්‍යා ප්‍රබන්ධද රචනා කරන ලදී. ඔහුගේ කෘතීන් ලෝකයේ මිලියන ගණනකට පරිවර්තනය ලෙස ප්‍රචාරණය වී ඇත. ඔහු 1963 නොවැම්බර් 22 ඔක්ස්ට්රිඩ්හි ඔහුගේ නිවසේදී ස්වර්ගස්ත විය.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *