ඉතිහාසය වෙනස්‌ කර ආලෝකයට අප ගෙන ආ ඡේසු උපත

ඉතිහාසය වෙනස්‌ කර ආලෝකයට
අප ගෙන ආ ඡේසු උපත

ආයෙත් නත්තල් ඇවිත් සුපුරුදු විදිහට සැරසිලි, පාට බුබුළු, නත්තල් ගස්‌, කැරොල්, අලුත් ඇඳුම්වලින් ලෝකයම චමත්කාර වෙලා. නත්තලට නොයෙක්‌ දෙනා නොයෙක්‌ දේ කරනවා. ප්‍රීතිමත් නත්තලක්‌ ප්‍රාර්ථනා කරනවා. ප්‍රීතියෙන් බලන් ඉන්නවා. සතුටින් හිටියට නම් කමක්‌ නැහැ. ඒත් මට හිතෙන්නේ බොහෝ දෙනකුට නත්තල කියන්නෙ චමත්කාරයෙන් පිරුණු වාර්ෂික මංගල්‍යයක්‌, නැත්නම් සල්පිලක්‌ විතරයි. නත්තල තුළින් කියෑවෙන අර්ථය තේරුම් ගන්න අප බොහෝ දෙනකුට ඒ තරම් උනන්දුවක්‌ නැති ගානයි.

ඇත්තටම මොකක්‌ද නත්තල කියන්නේ?

ඡේසුතුමන් උපන් දවස කියලා පොඩි ළමයෙක්‌ වුණත් කියයි. ඕව ඒක ඇත්ත. ඒක උතුම් දවසක්‌.

ඡේසු සමිඳාණෝ වසර 2016 කට පෙර පලස්‌තීන නම් රටේ විසූහ. එම රටේ වැසියෝ යුදෙව්වෝ වූහ. ඒ කාලේ පලස්‌තීනය ඇතුළු මධ්‍යධරණී මුහුද අවට සියලු රටවල් රෝම අධිරාජ්‍යයට යටත්ව තිබිණි. අගෝස්‌තුස්‌ අධිරාජ්‍යයාණන් රෝම රාජ්‍යය ආණ්‌ඩුකරන සමයේ ඡේසුස්‌ වහන්සේගේ උත්පත්තිය සිදු විය.

ඡේසුස්‌ වහන්සේ දේශනා කළේ යුදෙව්වන්ගේ මව්බස වන අරමීය බසින් වුව ද එවකට ග්‍රීක ශිෂ්ටාචාරය ද දේශ දේශාන්තරයන්හි පැතිර ගොස්‌ තිබී ඇත. නත්තල යන වචනය අරුත්බර වූයේ මෙළොවට දෙවියන් වහන්සේගේ පුත්‍රයා එනම්, මුළු විශ්වයේම ගැළවුම්කරු වූ ඡේසුස්‌ වහන්සේ මෙළොව එළිය දුටු දා ය. නමුත් ඡේසුස්‌ වහන්සේ බෙත්ලෙහෙමේදී උපන් වසර ගැන මතභේද පවතී. උන්වහන්සේ ක්‍රි. ව. 4 දී උපන් බව සමහරෙක්‌ කියති. තවත් සමහරකුගේ මතය වන්නේ එම උපත ක්‍රි. ව. 1 දී සිදු වූ බවය. කෙසේ වුව ද උන්වහන්සේගේ උපත මුල් වතාවට සමරනු ලබන්නේ ක්‍රි. ව. 300 දෙසැම්බර් 25 වැනිදාය.

කාලයේ ඇවෑමෙන් අපි දශක කීපයක්‌ ඉදිරියට ගමන් කර ඇත්තෙමු. අද සමාජය නත්තල සමරන්නේ ඒ අතීතයට වඩා හාත්පසින්ම වෙනස්‌ ආකාරයටය. අද අප රට විශාල අර්බුද රාශියකට මුහුණ පා ඇත. ජීවන වියදම, බඩු මිල අහස උසටම නැඟ තිබේ. එදිනෙදා ජීවිකාව කරගත නොහැකි තත්ත්වයකට කීදෙනකු නම් පත් වී ඇත්ද? එනමුත් අද සමාජය මේ නත්තල වෙනුවෙන් කෙතරම් ධනස්‌කන්ධයක්‌ වැය කරන්නේ දැයි සිතා බලන්න. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සාප්පු සංකීර්ණ පිරී ඉතිරී යන්නට සෙනඟ ඇත. ඒවාට ඇතුළු වන්නට පැය ගණන් පෝළිම්වල පොර කති. දහස්‌ ගණන් වියදම් කර රෙදිපිළි මිලදී ගනිති ලක්‌ෂ ගණනින් කඩවල වෙළෙ¹ම ඉහළ නැඟ තිබේ. නත්තල වෙනුවෙන්ම පිටරටවලින් ගෙන්වන කළුකුන් මස්‌, කුකුල් මස්‌, මත්පැන්, වයින්, චීස්‌, රසකැවිලි ආදිය විකිණී යන්නේ උණුකැවුම් මෙනි. ඒවායේ මිලද සඳහන් වන්නේ එසේ මෙසේ ගණන්වලින් නොවේ. නත්තල් තෑගි දීම සඳහා තබා ඇති නත්තල් හැම්පර්ස්‌වල මිල කෙනකුට විශ්වාස කිරීමටත් අසීරුය. නමුත් ඒ මිල ගෙවා ඒවා ගැනීමට අනන්තවත් පාරිභෝගිකයෝa සැදී පැහැදී සිටිති.

නත්තල වෙනුවෙන් පවත්වන නත්තල් උත්සව ප්‍රියසම්භාෂණ, සංගීත සැඳෑ, නැටුම් ගැයුම් ආදිය පවත්වන කොළඹ ප්‍රමුඛ පෙළේ හෝටල්වල ඒ සඳහා නිකුත් කරන ටිකට්‌ පත් අලෙවි වන්නේ දස දහස්‌ ගණනිනි. ඒවාට සහභාගි වීම සඳහා මිලදී ගන්නා ඇඳුම් ආයිත්තම්, කොණ්‌ඩා සැකසීම සඳහා ද ඔවුන් වැය කරන්නේ සුළුපටු මුදලක්‌ නොවේ. සැබවින්ම තාවකාලික සතුටක්‌ පතා ඉතා සුළු මොහොතක්‌ වෙනුවෙන් ඔවුන් මෙසේ වියදම් කරද්දී මුදල් නොමැතිකම නිසාම දෙමවුපියන්ට සිය දරුවන් වෙනුවෙන් කිසිවක්‌ කර කියා ගැනීමට නොහැකිව වේදනාවෙන් ඉන්නා සැටි මාගේ දැස්‌වලින් දැක ඇත. ඒ සදාතනික බඩගින්න නිසා තමන්ගේ දරුවන්ගේ මරණය දිහා බලාගෙන ඉන්න පුළුවන් තිරිසන් ආශාවක්‌ තරමට මිනිසත්කම පිරිහී තිබෙන සැටි මා දැක්‌කා. “පුතේ නුඹේ බඩගින්නට කිරි එරෙන්නෙ නැතුවා මටපිටට ඇලුණ බඩපොත්තට හැකි ද ඉතින් දිරිය දෙන්න”. මේ නත්තලේදී ඔබට කේක්‌ කෑල්ලක්‌ කටට ගන්න වරම් ලැබුණොත් රසවත් නත්තල් භෝජන සංග්‍රහයක්‌ භුක්‌ති විඳින්න ලැබුණොත්, බත් කටක්‌ දවසකට වරක්‌වත් කන්න විදිහක්‌ නැතුව ඉන්න දිළින්දොa අනන්තවත් අප රටේ ඉන්න බව චුට්‌ටක්‌ මතක්‌ කර ගන්න. අලුත් ඇඳුම් ඇඳගෙන, විලාසිතා, සැන්ට්‌, පවුඩර් දාගෙන පල්ලි යනකොට සපත්තු දෙකක්‌, සුදු ගවුමක්‌ නැතුව ඉස්‌කෝලෙ යන්න විදිහක්‌ නැතුව අධ්‍යාපනයට වරම් නැති දසදහසක්‌ දිළිඳු දරුවෝ මේ රටේ ඉන්න බව මතක්‌ කර ගන්න. රත්තරන් කන කර වළලු දාලා ජැන්ඩියට යනකොට, පුංචි කරාබු කුට්‌ටමක්‌වත් නැතුව කනකර පාළුවට ගිය දැවැද්දක්‌ නැති නිසා නිසි වයසට දීගයන්න බැරුව ලතැවෙන අනන්තවත් දූ දරුවන් මේ රටේ ඉන්න බව මොහොතකටවත් මතක්‌ කර ගන්න.

එදා සීතල බෙත්ලෙහෙමේ ඡේසුස්‌ වහන්සේ උපන්නේ පොරවා ගන්නටවත් රෙදි කඩක්‌ නොමැතිවය. ගැබ්බර මරිය මවුතුමිය සිය කුළුඳුල් දරුවා බිහිකිරීමට මුවාවීමට තැනක්‌ නොමැතිව කෙතරම් නම් අසරණ වෙන්නට ඇත්ද? ලෝකයක්‌ වෙනස්‌ කරන්නට හේතු වූ ඒ අසිරිමත් උපතේ කතාන්දරය එලෙසක නම් ශතවර්ෂ ගණනාවකට පසු එම උපතම සිහිපත් කරන්නට මෙසේ අනවශ්‍ය ලෙස අධිකව වියදම් කිරීම සිනහවට කරුණක්‌ නොවේද? එදා ඡේසුතුමන් මෙන් අසරණ වූ කිරිදරුවන් කීදෙනකු නම් ගවමඩුවලදී නොව ඔබට මට හොඳින් පෙනෙන මහපාරවලදී අපට හමුවෙනවා ඇත්ද? මරියතුමියලා, ජුසේ තුමන්ලා කීදෙනකු නම් දවසකට අපට හමුවෙනවා ඇත්ද? අද වර්තමාන සමාජයේ පැවිදි පූජකවරුන්ගේ බුදු සරණ, ඡේසු පිහිට හම සුදුවූ ඉංග්‍රීසි කතා කරන ධනවතුන්ට පමණක්‌ සීමා වී ඇත. චාටු බස්‌ දොඩවන, හෘද වස්‌තුව ගලවා දෙන්නට කතා කරන ඇතැම් පටු ආත්මාර්ථකාමී පැවිදි පූජකවරු හා දේශපාලුවනට පසුගාමී ධනේෂ්වර චින්තනයට අනුව ජනතා ජන විඥනය සකස්‌ කරන කුලී ලියන අප්පුලාට මේවා නොතේරේ. නොතේරෙන තරමට ඔවුන් අන්ධ වී ඇත. සියල්ලම ආර්ථිකමය දෘෂ්ටියකට බද්ධ කිරීමේ සමාජ සංස්‌ථාව බිහිකරන ලද දිළිඳුකම, දරිද්‍රතාව සියලුම සංවේදී ක්‌ෂේත්‍රයන්හි හරයන් නිශේධනය කොට සමාජයේ අධම වූත් නොමිනිස්‌ තත්ත්වයකට ඇද දමා තිබේ. බයිබලය අතේ තියාගෙන රයිµලය සාධාරණීකරණය කරන අයත් තවම අපේ රටේ ඉන්නවා. සාහසිකයන්ගේ සාහසිකත්වයට වඩා බුද්ධිමතුන්ගේ නිහඬභාවය නිසා තමයි මේ ලොව විනාශ වන්නේ. තේරුම් ගැනීම දැනගැනීමට වඩා ගැඹුරු බව මට හැඟේ. අප දන්නා මිනිසුන් බොහෝය. නමුත් අපව තේරුම් ගත් මිනිසුන් ඇත්තේ අතළොස්‌සකි. ඔබ මගේ දරුවන්ට ධනවත් වීමට උගන්වන්න එපා, සතුටින් සිටීමට උගන්වන්න. එවිට ඔවුන් යම් දිනක වැඩිහිටියන් වූ පසු ජීවිතයේ මිල නොව අගය හඳුනාගනු ඇත.

ඡේසුස්‌ වහන්සේගේ උපතේ අර්ථය වන්නේ දුගී දුප්පතුන්ගේ හද පතුලේ ඉකිබිඳින කැකෑරෙන දොaර ගලන වේදනාව ගලා යද්දී නිහඬතාවයේ විලාපය බිඳින්න උන්වහන්සේ අලුත් මංපෙත් සොයා ආව. මන්ද හාත්පස සිසාරා පවතින්නේ අප විසින් දිළිඳුන්ට, කම්මැලි නැති අසරණයන්ට, දුක්‌තයන්ට, වේදනාබර වූවන්ට, කිසිම පිළිසරණක්‌ නැති වූවන්ට දිනා දිය යුතු ලෝකය දිනා දෙන්නටයි.

මේ උතුම් නත්තලේ අප විසින් මෙනෙහි කළ යුතු කරුණු මේවා බව මාගේ වැටහීමය. දුක්‌ කරදර, ගැටලු, කම්කටොලු, හොර මැරකම්, දූෂණ, අසාධාරණය පිරුණු මේ කාලකණ්‌ණි ලෝකය තුළ ස්‌වර්ග රාජ්‍යයක්‌ බිහිකිරීමේ දුරස්‌ථ සිහිනය අල්ප මාත්‍රයක තරමින් වත් සැබෑවක්‌ කරන්නට කැමති නම්, භව තණ්‌හාවෙන් තොරව වස්‌තු තණ්‌හාවෙන් හිස්‌ දේවල් පසුපස පිම්මේ දිවීම නතර කරලා සිත නමැති ඇස පහදා ගෙන, සිsතින් දිළිඳුව සිටීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට මේ නත්තල ඔබට ආලෝකයක්‌ වේවා. ඒ ආලෝකය ආලෝකවත් කරන්න මේ ලිපිය කියවන ඔබ සැමට මම නිහතමානීව ආගම් භේදයකින්, ජාති භේදයකින්, දුප්පත්, පෝසත්, උගත්, නූගත් භේදයකින් තොරව ආරාධනා කරමි. ඔබ සැමට සුබ නත්තලක්‌ වේවා. ඡේසු පිහිටයි.

සෙනෙහසේ නවාතැන ආයතනයේ නිර්මාතෘ,
දේශනාවාදී භාවනායෝගී
* අසංග පියතුමා

උපුටා ගැනීම “දිවයින”

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *