” අපරිමිත බිළිදා” නමින් කථා කරන ලද නැමැත්තා කව්රුන්ද?— දේශක චාල්ස් හැඩන් ස්පර්ජන්

” අපරිමිත බිළිදා” නමින් කථා කරන ලද නැමැත්තා කව්රුන්ද?—  දේශක චාල්ස් හැඩන් ස්පර්ජන්

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍ය ස්වභාවය ගැනීම පිළිබඳ අප හට විශේෂ කරුණු සතරක් සඳහන් කල හැකිය.
> ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාලික බව
>ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අනාගත වාක්‍යයන්
>ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඉතිහාසය
>ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දේව ධර්මය එම කරුණු සතරය.

මේ සියල්ල මෙම ලිපිය මගින් සලකා බැලිය නොහැකි නමුත් පාඨක ඔබගේ අවධානයට එය ලක් කරමි. අපගේ අවධානයට පත්විය යුතු කරුණක් නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය ස්වභාවය ගෙන මෙලොව ඉපදීමට පෙර ජීවත්වු තැනන්වහන්සේ ලෙස හඳුනා ගැනීමය. කිතුණු වියතෙක් ප්‍රකාශ කල ලෙස, ජේසුස්වහන්සේට ආරම්භයක් නොවීය. එතුමාණෝම ආරම්භය විය. එම ප්‍රකාශණය කිතුණු ශුද්ධ ග්‍රන්ථය වන බයිබලය විසින් ජේසුස්වහන්සේගේ පුර්වයේ සිට පැවතීම සනාථ කර ඇත.
පහත දැක්වෙනශුද්ධ ලියවිලි පාඨ කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න.
සඟ ලොවට නැගී බැස ආවේ කවරෙක්ද? සිය දෑතින් සුළග අල්ලාගත්තේ කවරෙක්ද? සිය සළුවෙහි ජලය ඔතා ගත්තේ කවරෙක්ද? මහ පොළවේ සීමා පිහිටෙව්වේ කවරෙක්ද? ඔහුගේ නම කුමක්ද? ඔහුගේ පුත්‍රයාගේ නම කුමක්ද? නුඹ එවැනි කෙනෙකු දන්නෙහිද?
නමුත් ඛෙත්ලෙහෙමේ එප්‍රාත, යුදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන් ඊශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය. උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වුයේය.
ජේසුස්වහන්සේ විසින්ම ප්‍රකාශ කරන ලද මෙම කරුණු ගැන සලකා බලන්න. “මම ඉහළින් වෙමි.” (ජොහාන් 8:23) ජේසුස්වහන්සේ මනුෂ්‍ය ස්වභාවය ගෙන මෙළොවට පැමිණීමට ක්‍රි.පු. 2091/1915 පෙර මොලොව ජීවත්වු ඊශ්‍රායෙල් ජාතින්ගේ පියා ලෙස සලකන ආබ්‍රහම්ට පෙර තමන්වහන්සේ සිටින සේක, යන ප්‍රකාශනය, උන්වහන්සේ පුර්වයේ සිට වැඩ වසන බවට දෙනු ලැබු සාක්ෂියක් විය. එමෙන්ම ජේසුස්වහන්සේ තමන්ගේ පියාණන්වහන්සේට යාච්ඤා කරමින් මෙසේ ප්‍රකාශ කරන ලදී. එනම්,
“දැන් පියාණෙනි, ලෝකය තිඛෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුන මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව”.
“ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේම කල සේක”.
කිතුණු සභාවේ මහත් ධර්ම දුතයෙකු වු ප්‍රථමයෙන් කිතුණු සභාවට පීඩා කල පාවුල් අපොස්තුළුතුමාගේ 1 කොරින්ති 15:47 යැවුම් පත්‍රයේ ජේසුස්වහන්සේ ගැන සඳහන් කරමින් දක්වන්නේ, පළවෙනි මනුෂ්‍යා (එනම් ආදම්) භුමියෙන්ය. දෙවැනි මනුෂ්‍යයා (ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ) ස්වර්ගයෙන්ය යනුයි. ජේසුස්වහන්සේ මාංශගත වීමට පෙර දෙවියන්ව වැඩ සිටි බවට නව ගිවිසුමේ පිලිප්පි යැවුම් පත්‍රයේ දක්වන කරුණු වන්නේ ,ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ —උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරණ සේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන්වහන්සේ විසින් අල්ලාගෙනම සිටිය යුතුවු වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක”. ජේසුස්වහන්සේ දාසයෙකුගේ ස්වරූපය ගැනීමට පෙර දෙවියන්වහන්සේගේ ස්වභාවය දැරූ බව ජෝන් පි්‍රයර්සන් බිෂොප්තුමා සඳහන් කරයි.
ජේසුස්වහන්සේගේ ශ්‍රී උපත නැවත ඉපදීමකි. දේව ධර්මාචාර්ය ඔරිගන් ජේසු ක්‍රිස්තුස්වහන්සේගේ සදාකාලික පරම්පරාව ගැන සඳහන් කරන ලදී. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ , “මම (පියවු) දෙවියන්වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමියි පවසන ලදී”.
වාර්ෂිකව සමරනු ලබන ක්‍රිස්තු උත්පත්තිය, කිතුණුවන්ගේ ආගමික නායකතුමාගේ උපත ලෙස මුළු ලොව මෙන්ම අප දේශයේද සියලූ ජනයා හා ආගමිකයන් අතර ගෞරවයට පත්ව තිබීම ගැන කිතුණුවන් සතුටු වනු ඇත.
කිතු දහම ප්‍රචාරය කිරිම හා ඒ පිළිබඳ එකිනෙක කිතුණු නිකායන්ගේ ක්‍රමවේදයන් නිතර කතිකාවන්ට මෙන්ම මත ගැටුම්වලටද හේතුවන අවස්ථා ඇත.
ජේසුස් ක්‍රිස්තුස් නම් තැනැන්වහන්සේ පිළිබඳ එතුමන් මනුෂ්‍ය ස්වභාවය ගැනීමේදී අයත්වු යුදෙව් ජනයා, ජන නායකයින් හා පුජකයින් අතරද විවිධ මතයන් විය. එක්වරක් ජේසුස්වහන්සේ තමන් ශ්‍රාවකයින් අමතා තමන්වහන්සේ කව්රුන්ද කියා ජනයා ප්‍රකාශ කරන්නේද යන ප්‍රශ්ණය විචාරණ ලද අතර එයට නිවැරදි පිළිතුර ලෙස පිළිගන්නා ලද්දේ ධිවර සමාජයෙන් පැමින එතුමන්ගේ ශ්‍රාවකයෙක වු පේදුරුතුමාගේ පිළිතුරය:
සීමොන් පේතෘස් උත්තර දෙමින්ඔබ ක්‍රිස්තුස්වහන්සේය. ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවේය. ජේසුස්වහන්සේ උත්තර දෙමින්, සීමොන් බර්යෝනා ඔබ ආශිර්වාද ලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේ මිස මාංශය හා රුධිරය මෙය ඔබට එලිදරව් නොකලේය. (මතෙව් 16:16) යනුවෙන් ප්‍රකාශ කරන ලදී.
මේ පිළිබඳව සලකන විට එදා සිටි යුදෙව් ආගමික නායකයින්, පරිසි, සද්දිසිවරු, ලියන්නෝ වැනි ආගමික නායකයින් හට නොවු ආගමික එලිදරව්වක් ධිවරයෙකු වු පේදුරු හෙවත් පේතෘස්ට ලැබීම විශේෂ සැලකිල්ලට ගත යුතුව ඇත. වර්තමාන කිතුණු ලෝකයේ ආගමික මතගැටුම් අතර මෙම සත්‍යතාවයන් අවබෝධ කරගත යුතු අතර, ඉහත පේදුරුතුමා ලද එළිදරව්වීම හා එතුමාව පිළිගැනීම පදනම් කොටගෙන නව කිතුණු සභා නායකයින් හෝ ජනයා ඓතිහාසිකව කිතුණු සභාවේ දුෂ්කර යුගයන්හි දුර්මතයන්ට පිළිතුරු සපයා සම්මත ධර්මය ආරක්ෂා කරගත් ධර්ම රක්ෂකයින් හා බොහෝ අයුරින් තමන් සභාව ගොඩනැඟීමට සභාවේ ප්‍රධානියා හා මහා එඬේරාණන් වන ජේසුස් ක්‍රිස්තුස් රජාණන් විසින් දේව අනුග්‍රහය දෙනු ලැබු සිය ලූම කිතුණු ආගමික නායකයින් හා ගුරුවරුන් හට අපගේ ගෞරවය හිමිවිය යුතුය.
ඉහත දැක්වු ලෙස මෙම යේසුස් ක්‍රිස්තුස් නම් ,”මහා කුඩා තැනන්වහන්සේ” අපරිමිත සදාකල් තැනන්වහන්සේ නව ගිවිසුමේ සඳහන් කරන ලද දෙවියන්වහන්සේගේ , “මැවිල්ලක්” නොව පියවු දෙවියන්වහන්සේගෙන් , “ජනිතවු” එකම දේව පුත්‍රයාණෝය.
දේව ධර්මාචාර්ය සී.එස්. ලූවිස් පවසන ලෙස ඔබ ජනිත කරන විට, ජනිත කරන්නේ ඔබ මෙන්ම ඔබගේ වර්ගයේම අයෙක්ය. දෙවියන්වහන්සේ ජනිත කරන්නේ දෙවිකෙනෙකුමය. දෙවියන්වහන්සේ මවන්නේ දෙවිකෙනෙකු නොවේය.ශුද්ධ ලියවිල්ල 6 වතාවකට වඩා ජේසුස්වහන්සේ ගැන සඳහන් කරමින් , “ඒකජාතක” ලෙස සඳහන් කර ඇත. බයිබලය තවත් ආශ්චර්‍ය්මත් උපත් වන ඊසාක්, සැම්සන්, යොහාන් බෞතිස්ත ගැන සඳහන් කර ඇති නමුත් එය ජේසුස්වහන්සේගේ උපත මෙන් අද්විතීය නොවේය. මෙලොව ජීවත්වු සෑම මනුෂ්‍යයෙක්ම මේ ලෝකයෙන්ම උපන් අය වෙති. සියල්ලන්ගේ පැවැත්ම ආරම්භ වුයේ මෙහිය. නාසරෙත්හි ජේසුස්වහන්සේ එසේ නොවීය. උන්වහන්සේගේ ජීවිතය ආරම්භ වුයේ ඛෙත්ලෙහෙමේදී නොවේය. ජේසුස්වහන්සේ ගිණිය නොහැකි යුගයන් පුරා සදාකාලයේ සිය පියාණන් තුළ වාසය කරන ලදී. උන්වහන්සේගේ කාලයේදී තමන් භුමික මවගෙන් උපන් සේක. ජේසුස්වහන්සේගේ පිළිසිඳ ගැනීම (Conception) අප හට කිව හැක්කේ උන්වහන්සේගේ ආරම්භය හෙවත්(Inception) නොවුු බවය. ක්‍රි.පු. 10 වැනි සියවසේදී ජේසුස් ක්‍රිස්තුස් නම් තැනන්වහන්සේ නම් මනුෂ්‍යය තැනන්වහන්සේ මෙලොව නොසිටි සේක. එහෙත් ජේසුස් ක්‍රිස්තුස් නම් තැනන්වහන්සේ නොසිටි යුගයක් නොවීය. උන්වහන්සේ සදාකාලිකය.
දේවධර්මාචාර්ය තෙහිල්හාඩ්ස් චාඩින් පවසන ලෙස —පළමු නත්තලට පෙර පැතිර පැවති යුගයන් ක්‍රිස්තුස්වහන්සේ නොමැති යුගයක් නොවීය. එම යුගයන් උන්වහන්සේගේ බලයෙන් යුක්ත විය. උන්වහන්සේ මරියතුමියගේ දෑතට පත්වීමට පෙර ඒ වන විටම ලොව ප්‍රබෝධකර තිබුණි.
දේවගැති බැසිල් කැනීෂියස් ප්‍රනාන්දු
අපෝස්තලික දේව සභාව
වැල්ලවත්ත කොළඹ -06

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *