ජේසුස් ක්‍රිස්තුස් රජාණන්ගේ උපතේදී ශාස්ත්‍රවන්තයින්ට මඟපෙන්වු වල්ගාතාරකාව

ජේසුස් ක්‍රිස්තුස් රජාණන්ගේ උපතේදී ශාස්ත්‍රවන්තයින්ට මඟපෙන්වු වල්ගාතාරකාව
වාර්ෂිකව සමරනු ලබන ජේසුස් ක්‍රිරස්තුස් උතුමාණන්ගේ උපත ලොව පුරා උත්සව ශ්‍රියෙන් පවත්වනු ලැඛෙයි. ජේසුස්වහන්සේගේ උපත පාදකකොටගෙන විවිධ අංග ඉතිහාසය පුරා සමාජගතවී ඇත. සමහර කිතුණුවෝ කුඩා ගව මඩුවක් ඉතා චාම් ලෙස සාදා එහි ජේසුස්වහන්සේගේ උපත සිදුවු ස්ථානය පිළිබඳ සිහිපත් කිරිමක් කරති. එමෙන්ම එම ගවහලට ඉහළින් වල්ගාතරුවක් එල්ලා එය ආලෝකමත් කරති. නත්තල් ගස් සහ නත්තල් සීයා වැනි අංගද ඇත.

මෙම ලිපිය මගින් පාඨක ඔබගේ අවධානයට ඇරයුම් කරන්නේ ඓතිහාසකිව ජේසුස්වහන්සේ උපන් විට පායා තිබු තාරකාව සහ කිතුදහම තාරකා විද්‍යාව ගැන දක්වන ආකල්පය වෙත යොමුවීමටය. මීට වර්ෂ 2016 කට පමණ පෙර ජේසුස්වහන්සේ¦
—හෙරොද් රජු දවස ජුදයේ ඛෙත්ලෙහෙමෙහි ජේසුස්වහන්සේ උපන් කල, පෙර දිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත් යුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ කොතැන්හිද අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිගදී දැක එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමුයි කීහ. (මතෙව් 2:1-2)

ක්‍රි ස්තියානි ධර්ම පුස්තකයේ උත්පත්ති පොතෙහි විශ්වය මැවීම පිළිබඳ වාර්තාවේ ඉර, සඳ, තාරාකාවන් මැවීම සහ —දවාල රාති්‍රයෙන් වෙන්කිරිම සඳහාත් දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේවා !කියාද …….. තාරකාද සෑදු සේක. යනුවෙන් දක්වා ඇත.
මිනිස් දිවි පැවැත්ම සඳහා සුර්යා සහ චන්ද්‍රයා ඉටුකරනු ලබන කාර්්‍යයන් නොමැතිව මිනිස් වර්ගයාට පැවැත්මක් නොමැත.
අහසේ දිළෙන විවිධ පරිමාණයෙන් යුත් ගිනිය නොහැකි මහත් තාරකා හා තාරකා පංතීන් පිළිබඳ මානව ඉතිහාසයේ සිදු කරන ලද අධ්‍යාපනය —තාරකා විද්‍යාව˜ මහත් දැනුම් සම්භාරයක් ලබාදී ඇත.
මේ පිළිබඳ කිතුණු දෘෂ්ඨිය ගැන විමසීමේදී තාරකා මණ්ඩල ගැන කිතුණු ධර්ම පුස්තකයේ බොහෝ කරුණු දක්වා ඇත. ශුද්ධ ලියවිල්ල තාරකාවන් සහ ඒවා ශුභාරංචියට සම්බන්ධවීම ගැන නිහඬ නැත. යෝබ් 9:9 මෙලෙස දක්වා ඇත. —මහාවළසාද, මුවසිරසද, හත්දින්නද, දකුණු දිග තාරකාද දෙවියන්වහන්සේ මැවු බව සඳහන් කරයි. නැවතද …. නියම කලට ග්‍රහරාශි ලග්නවල පිහිටුවන්ට නුඹට හැකිද? මහවලසා සහ කුඩා වලසා නම් තරුවැල් හසුරුවන්ට නුඹට හැකිදැයි අසයි. අහසේ නක්ෂස්ත්‍ර නීති නුඹ දන්නෙහිදැයි අසයි. (යෝබ් 38:31-33)

christmas-crib-cut-out-from-plywood-over-white-backgroundක්‍රිස්තු පුර්ව යුගයන්හි විසු ජනයා විශ්ව පාලක දෙවිඳුන්ගේ අහසේ තාරකා මණ්ලයේ තාරකාවන් පිහිටුවීමෙන් තමන්, අරමුණු අහසේ සටහන් කර ඇති බව හා ඒවා මගින් ජීවිතයට මඟපෙන්වනු ලබන බව විශ්වාස කලහ. —අහස දෙවිඳුන්ගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි.(ගිතාවලිය 19:1) ඊශ්‍රායෙල් දෙවියන්වහන්සේ තාරකාවන්ට නම් තැබු බව දක්වා ඇත්තේ මෙසේය. —එතුමාණෝ තාරකා ගණන නියම කල සේක. ඒ සියල්ලට නම් තබන සේක. (ගිතාවලිය 147:4)

පුරාතන හෙබ්‍රෙව් ජනයා විසින් තාරකා හැඳින්වු නම් සමහරක් ඔවුන් විසින් විශ්වාස කරන ලද මිදුම්කරුවාණන් හා එතුමන්ගේ ජීවිතයට අදාලව දක්වා තිබු බව ඔවුන් විශ්වාස කලහ. රාශීන් දොලස පිළිබඳ අනාගතවාක්‍යමය නියම අර්ථ දැක්වීමක් ලෙස, කෙනත් ප්ලෙමිං ඔහුගේ “God’s voice in the Stars.” තාරකාවන්හි දේව හඬ.
1. කන්‍යා රාශිය – ස්ති්‍රයගේ බීජය – මාංශගතවු දේව පුත්‍රයාණෝ
2. තුලා රාශිය – අවශ්‍ය මිලය ගෙවන ලදී – ක්‍රිස්තුස් විමුක්තිදායකයාණෝ
3. විශ්චික රාශීය – මාරාන්තික ගැටුම – ක්‍රිස්තුස්වහන්සේගේ දුක් විඳීම
4. ධනු රාශීය – අවසන් ජයග්‍රහණය -ක්‍රිස්තු ජයග්‍රාහකයාණෝ
5. මකර රාශීය – මරණයෙන් ජීවනය – ක්‍රිස්තුස්වහන්සේගේ පුජාව
6. කුම්භ රාශිය – ජයග්‍රහණයේ ආශිර්වාදය – ක්‍රිස්තුස්වහන්සේගේ ජීවන ජලය
7. මීන රාශීය – වහල්කමින් මිදීම – ක්‍රිස්තුවිමුක්ති දායකයාණෝ
8. මේෂ රාශිය – පහත් වීමෙන් මහිමවත්වීම – ක්‍රිස්තුස් ඔටුණු පැළදි බැටළුපැටවාණෝ
9. වෘෂභ රාශීය – උන්වහන්සේගේ මහිමවත් පැමිණිම -ක්‍රිස්තු විනිශ්චයකරුවාණෝ
10. මිථුන රාශීය – පොලවේ උන්වහන්සේගේ පාලනය -ක්‍රිස්තු රජාණෝ
11. කටක රාශිය – උන්වහන්සේගේ උරුමය රැකගැනීම – ක්‍රිස්තුස් ආරක්ෂකයාණෝ
12. සිංහ රාශිය – සතුරන්ගේ පරාජය – ක්‍රිස්තු ජයග්‍රාහකයාණෝ

තාරකා විද්‍යාව ඉතා දියුණු වෙමින් පවතින යුගයේ තාරකාවන්ගේ හා ග්‍රහවස්තුන්ගේ ගමන් මග ඒවායේ ලෝකයට ඇති බලපැවැත්ම ගැන විද්‍යාත්ම තොරතුරු පිළිබද අප දැනුවත් කරනු ලැබේ. එමෙන්ම ඉතා පුරාණ කාලයේ සිට ජ්‍යෙතිශය ශාස්ත්‍රය හෙවත් නක්ශ්‍රාස්ත්‍රය, චන්ද්‍ර, සුර්ය ආදි ග්‍රහ වස්තුගේ සංචාරය මිනිස් ජීවිත කෙරේ බලපාන ආකාරය උගන්වන ශ්‍රාස්ත්‍රය මුළු ලොව පුරා පෙරදිග මෙන්ම බටහිර ජනයා අතර පැවත එන්නෙකි. ශ්‍රී ලංකාවේද මේ පිළිබද කථිකාවන් හා මත ප්‍රචාරණය වී ඇත.

මෙම කරුණු පිළිබඳ අපගේ දැනුවත්වීමට බොහෝ කරුණු ඒ ඒ කාරණා පිළිබඳ විශාරදයන් දක්වා ඇති අතර මෙම ලිපියෙන් සියල්ල දැක්විය නොහැක. සමහර විශාරදයන්ගේ මතය වන්නේ ප්‍රථම තිබු නිවැරදි හා පවිත්‍ර දැනුම පසුව වැරදි හා ව්‍යාකුල බවට බවට පත්ව ඇති බවය. රථ වාහන ගමනා ගමනයේදී සකස් කොට ඇති ආලෝක සංඥා පිළිබඳ ස්වයංකී්‍රය පිළිවෙලක් ඇති නමුත් එය පොලිස් නිළධාරින්ට, බළධාරින්ට වෙනස් කල හැකිය. එලෙස විශ්වයේ පැවැත්ම සඳහා ඇති කර තිඛෙන සියලූ වැඩපිළිවෙල ඉර, සඳ ග්‍රහවස්තුන්ගේ ගමන් මඟ සියල්ල පාලනය වන්නේ සිහිකල්පනාවක් නැති ස්වභාව ධර්මයද නැතිනම් ප්‍රඥාවන්ත පාලකයෙකුද?

අප දකින ලෙස කිතුණු ධර්ම පුස්තකයේ ප්‍රකාශ වන දෙවිඳුන් ස්වභාව ධර්මයේ, මිනිසුන්ගේ හා රාජ්‍යයන්ගේ ඉරණම කෙරෙහි සාමාන්‍ය බලය ඉක්මවා අධි ස්වභාවික බලය ප්‍රකාශ කොට ඇත.

ඉහත පසුබිම යටතේ නැවතද ජේසුස්වහන්සේගේ උපත සිදුවු කාල යුගයේ අහසේ දිස්වු විශේෂ තාරකාව හෙවත් වල්ගා තාරකාව ජේසුස්වහන්සේට නමස්කාර කිරිමට පැමිණි ශ්‍රාස්ත්‍රවන්තයින්ට මගපෙන්වීම අපගේ ලිපියේ විශේෂ ප්‍රස්තුතය වෙයි. ඒ අනුව එම ශ්‍රාස්ත්‍රවන්තයින් Magi නමින් හඳුන්වා ඇති අතර ඔවුන් මේදීය ග්‍රෝතකයින් හා පර්සියානු අධිරාජ්‍යයේ සිටි පුජක ගෝත්‍රයක් ලෙසත් විලියම් බාක්ලේ Daily Study Bible හි දිනපතා අධ්‍යාපන බයිබලයේ දක්වා ඇත.

එම ශාස්ත්‍රවන්තයින්ගේ ප්‍රකාශනය අනුව ඔවුන් යුදෙව් ජනයාට රජව උපන් තැනන්වහන්සේගේ තරුව දුටු බව පවසති. ඔවුන් දුටු තාරකාව කුමක්ද? කි්‍ර.පු. 11 වෙනි වර්ෂයේදී හේලිගේ වල්ගා තාරකාව ඉතා දීප්තිමත්ව අහසේ දිස්වු බවට වාර්තා වේ. මෙම ලිපිය සකසන මා විසින්ද මාගේ ළමා කාලයේ 1955-1960 පමණ කාලයේ (මා හට මතක ඇති ලෙස) ශ්‍රී ලංකාවටද දිස්වු වල්ගා තාරකාවකින් එහි දීප්තිමත්ව ඉතා පැහැදිලි ලෙස දැනගැනීමට හැකිවීම සිහිපත් වේ. කි්‍ර.පු. 7 වැනි වර්ෂයේදී ජුපිටර් සා සැටර්න් ග්‍රහයින්ගේ සංගමනයක් සිදු වු බවට වාර්තා ඇත. කි්‍ර.පු. 5 සිට 2 දක්වාද විශේෂිත තාරකාවන් පිළිබඳ සිදුවීම් වු බවට වාර්තා වෙයි. එම කාලයේදී ඊජිත්තු පළමු මාසය වන මෙසෝරි මස (Mesori) – හෙලිප්සීය හැඩයෙන් දිස්වු බවට වාර්තා වේ. එය හිරු උදාවෙද්දී අතිශයින් දීප්තිමත් බැවින් දිස්වු බවට වාර්තාවී ඇත. මෙහිදී මෙසෝරි (Siruc) – යන වදනේ අර්ථය කුමාරයෙකුගේ උපතය. එම පුරාණ නක්ශාස්ත්‍ර විශාරදයින්ට මෙම තාරකාව මහත් රජෙකුගේ උපත දන්වනු ලැබීමක් විය හැකිය.

ඉහත දැක්වු ශ්‍රාස්ත්‍රවන්තයින් දුටු තාරකාව කුමක් වුවද ඔවුන් ආකාශය නිරික්ෂණය කල බවට පැහැදිලිය. එම නිරික්ෂණය ලොවට මහත් රජෙක් ඉපදී සිටින බවට සාක්ෂියක් විය. නැගෙනහිර සිට රජෙකුගේ උපත දැකීමට මෙම ශාස්ත්‍රවන්තයින් පැමිණෙන විට ලොව පුරා රජ කෙනෙකුගේ උපත පිළිබඳව පුදුම උනන්දුවක් විය. රෝම ඉතිහාසඥයෝද මෙය දැන සිටියහ.(Life of Vespasians 4:5)- වෙස්පාසියන්ගේ ජීවිත කථාවේ මෙසේ දක්වා ඇත. මුළු පෙරදිග පුරා පුරාතණ විශ්වාසයන් ස්ථාපිතව ඇත. යුදාවෙන් පැමිණෙන අයෙක් ලොව පාලනය කරන බව ටැසිටස් ද එම විශ්වාසය ගැන දක්වන්නේ —මෙම කාලයේදී නැගෙනහිර දේශය බලවත් වී යුදාවෙන් පැමිණෙන පාලකයෝ විශ්ව ආධිපත්‍ය ලබන බවය. :(Tasitus: Histories 5:13) – යුදයින්ගේ විශ්වාසය වුයේ එම කාලයේදී ඔවුන් අතරින් බිහිවන අයෙක් මිනිස් වාසය ඇති භුමිය පාලනය කරන බවය. ජේසුස්වහන්සේ උපන් යුගයේ සිටි රෝම අධිරාජ්‍ය ඔගස්ටස් සීසර් ලෝක ගැලවුම්කරු ලෙස රෝම කවියන් දක්වා ඔවුන්ගේ ස්වර්ණමය යුගය අපේක්ෂාවෙන් සිටියහ.

ක්‍රිස්තු උපතේදී එතුමාණන් බැහැ දැකීමට ශාස්ත්‍රවන්තයින් පැමිණීම ප්‍රබන්ධ කථාවක් ලෙස නොසැලකිය යුතුය. එය පුරාතණ ලෝකයේ සිදුවිය හැකිව තිබු කරුණකි. ජේසුස්වහන්සේ මෙලොවට පැමිණෙන විට ඒ පිළිබඳව උනන්දු උද්යෝගයෙන් සිටි අය වුහ. මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේට ලංවීමට ආශාවෙන් සිටියහ. ඔවුන්ගේ හෘද ඒ පිළිබඳව උනන්දුවෙන් වුහ.

තමන් හට ස්වර්ණමය යුගයක් දෙවිවු ස්වාමින්වහන්සේ නොමැතිව ගොඩනැඟිය නොහැකි බව ඔවුන් දැන සිටියහ. ජේසුස්වහන්සේ පැමිණියේ ඔවුන් ගැන බලා සිටින ලෝකයකටය. උන්වහන්සේ පැමිණි විට මුළු ලොව උන්වහන්සේ උපන් ස්ථානයට පැමිණීම ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීමෙන් සංකේතවත් කරයි. ඔවුනට ඒ සඳහා අහසේ දිස්වු තාරකාව මඟපෙන්වන ලදී.

ජේසුස්වහන්සේ මෙලොවට පැමිණි පලමු පැමිණීමේදී දේව දුතයා මරියතුමියට ප්‍රකාශ කරන ලද්දේ: —බලව, නුඹ ගර්භනීව පුත්‍රයෙකු ප්‍රසුත කරන්නේය. උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. උන්වන්සේගේ පියවු දාවිත්ගේ සිංහාසනය දෙවිවු ස්වාමින්වහන්සේ උන්වහන්සේට දෙන සේක. උන්වහන්සේ යාකොබ්ගේ වංශය කෙරෙහි සදාකාල රජකම් කරන සේක. (ලූක් 1:32-33)

ඉහත දේව වාක්‍ය ලෙස ජේසුස්වහන්සේ මෙළොවට පැමිණි පලමු ප්‍රස්ථාවේදී දාවිත්ගේ සිංහාසනයේ වාඩිවී රාජ්‍ය කරන නොලද්දේය. ඊශ්‍රායෙල් ජනයාට රජෙකු ලෙස ප්‍රකාශ වු නමුත් ඔවුන් උන්වහන්සේව ප්‍රතික්ෂේප කොට කුරුසපත් කරන ලදී. කුරුසියේ ඉහළ දක්වා තිබු ප්‍රකාශය වුයේ —ජේසු නසරේනු යුදයින්ගේ රජය˜ යන ප්‍රකාශනයය. ඉහත දේව වාක්‍ය නිශ්එල වී නැත. මුළු ලොව පුරා වර්තමානයේ ඇති මහත් උද්යෝගය කි්‍රස්තුස්වහන්සේ නැවත මෙලොවට පැමිණීම ගැන උන්වහන්සේ කල ප්‍රකාශය ඉටුවීමය. ඒ පිළිබඳ ප්‍රකාශිත අනාගත වාක්‍යයන් ඉටුවෙමින් පවතී.

ජේසුස්වහන්සේගේ දෙවෙනි පැමිණීමට පෙර —තවද ඒ දවස්වල පීඩා පසුවු කෙණෙහිම ඉර අඳුරු වන්නේය. හඳ එලිය නොදෙන්නේය. තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය. අහසේ බල පරාක්‍රමද සෙලවෙන්නෝය. එකල මනුෂ්‍යය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය යනුවෙන්. (මතෙව් 24:29)

වර්තමනා යුගයේද ජේසුස්වහන්සේගේ නැවත පැමිණීමට පෙර ලකුණු වඩ වඩාත් ඉටුවී ඇති අතර සද රතු පැහැගැන්වීම ගැන ප්‍රවෘත්ති පලවීය. පඬිවරුන්ට ඛෙත්ලෙහෙම කරා තාරකාව මගපෙන්වු ලෙස උන්වහන්සේගේ පැමිණීම බලා සිටින අය හට උන්වහන්සේ නිවැරදි මගපෙන්වීම දීමට සමර්ථය. ජේසුස්වහන්සේ ගැන අනාගත වාක්‍යයන් වුයේ —යාකොබ්ගෙන් (ඊශ්‍රායෙල්) තාරකාවක් නික්මෙන්නේය. ඊශ්‍රායෙල්ගෙන් ජය කොන්තයක් නික්මෙන්නේය යනුවෙනි.

ජේසුස්වහන්සේගේ උපතේදී දේවදුතයන්ගේ පණිවිඩය ලැබු එඬේරු උන්වහන්සේ බැහැ දැක බිළිදු ජේසුස්වහන්සේට නමස්කාර කලහ. ශ්‍රාස්ත්‍රවන්තයෝද තාරකාවෙන් මඟපෙන්වනු ලැබ පැමින නමස්කාර කලහ. හෙරොද් රජුගේ අභිප්‍රාය වුයේ සිය රජකමට අභියෝගයක් වු මෙම බිළිදා ඝාතනය කිරිමය. එය නොහැකි වු විට කෘෘර ලෙස එම ප්‍රදේශයේ බිළිඳුන් ඝාතනය කරන ලදී.

ජේසුස්වහන්සේ අද ප්‍රේමයෙන් හදවත් තුළ රජ කරන්නේය. කිතුණුවෝ ඔබගේ රාජ්‍ය පැමිණේවායි වසර දෙදහසකට ආසන්න කාලයේ සිට යදින්නෝය.

උන්වහන්සේ විදුලි සැරයක් මෙන් පැමිණෙන බවත්, සොරෙක් මෙන් හදිස්සියෙන් පැමිණෙන බවත්, ස්ති්‍රයකට විලිරුජාව සැදී දරුවෙකු ප්‍රසුත කරන ලෙස හදිසියේ ඉටුවන බවක් දක්වා ඇති බැවින් නිතර සුදානම්ව සිටිමට කිතුණු ජනයාට අනුශාසනා කොට ඇත.
දේවගැති බැසිල් කැනීෂියස් ප්‍රනාන්දු
අපෝස්තලික දේව සභාව
වැල්ලවත්ත කොළඹ – 06.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *