ISIS ලංකාවේ අය නැද්ද ? – අනුර සොලමන්ස්‌

මාතලේ දිස්‌ත්‍රික්‌කයට අයත් අඹේපුස්‌ස ත්‍රිකුණාමල පාරේ (A6) මැදක්‌ හරිය යන විට ගලේවෙල නමැති නගරය හමුවෙයි. මේ ගමේ ජීවත්වන ජනගහනය හැත්තෑ දහසකි. ඉන් 56201 ක්‌ බෞද්ධයෝ ය. 9233 ක්‌ ඉස්‌ලාමියයෝ ය. 3215 ක්‌ රෝමානු කතෝලිකයෝය. 872 ක්‌ හින්දුය. ඉතිරි හරිය අදේවවාදීහු වෙති. උනට ආගමක්‌ නැත.

මුස්‌ලිම් ආගමට මහත් සේ ගරු කරන, ඌරුමස්‌ නොකන, මත්පැන් පානය නොකරන දවසට පස්‌වතාවක්‌ යාඥා කරන, සිකුරාදාට පල්ලි යන, සුවිශේෂ දස්‌කම් ඇති ඉස්‌ලාම් ආගමික තරුණයෙක්‌ මේ ගමේ ජීවත් විය. සය දරු පියෙක්‌ ද තිස්‌ හත් හැවිරිදි තරුණයෙක්‌ ද වූ ඔහුගේ නම අබුq සුරයි ය. ඔහු සතු සුවිශේෂ දස්‌කම වූයේ කරාටේ ක්‍රීඩාව කෙරෙහි වූ නිපුණත්වය ය. ඔහු මුදලට කරාටේ පන්ති කළේය. ඊට අමතරව ගලේවෙල නගරයේ තිබූ ජාත්‍යන්තර පාසලක විදුහල්පති ලෙස ද වැඩ කළේය. මෙය ඉස්‌ලාමීය පාසලකි. අපේ කතා නායකයා, එනම් අබු සුරයි ඉංග්‍රීසි බස ඉතා හොඳින් කතා කළ සිංහල පාසලකින් උගත් කෙනෙකි. ඔහුගේ මවු බස සිංහලය. දෙවන බස දෙමළය. තෙවන බස අරාබිය. ඒ අතර ඔහු ප්‍රංශ බස ද ජර්මන් බස ද උගනිමින් සිටියේය.

මේ ඡායාරූපයේ සිටින දැරියගේ ගෙල,ඇය තුරුලු කරගෙන සිටින ISIS තරුණයා විසින් විනාඩි කිහිපයකට පසු කපා දමන ලදී

අබු සුරයිගේ ඡායාරූප දෙකකි මේ. දෙවැනි ඡායාරූපය ISIS සටන් බිමේදී ගන්නා ලදී

 
අබු සුරයිට ගලේවෙල වෙනම නිවසක්‌ද, මහනුවර ද නිවසක්‌ විය. ළමා වියේ සිටම ඉස්‌ලාම් ධර්මයට මහත් ආසාවක්‌ දැක්‌වූ ඔහු වැඩිවියට පත් වූ පසු ඉස්‌ලාමයේ විද්‍යාත්මක අභ්‍යන්තරය ගැන උගත්තේය. ඊළඟට පාකිස්‌තානයට ගොස්‌ එහි පිහිටි ඉස්‌ලාමීය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයෙන් ෂරියා නීතිය පිළිබඳ එල්.එල්.බී. උපාධියලබාගත්තේය. මෙතැන් සිට ඔහුට ෂරියා නීතියෙන් නඩු අහන සවුදි අරාබිය, ඉරානය වැනි රටවල නඩුවලට පෙනී සිටීම සඳහා බලපත්‍රයක්‌ ලැබිණ.

වසර 2014 දී අබුq සුරයි සිය දරු පවුල ද සමඟ හිටි ගමන් අතුරුදන් විය. ඔහු මුලින්ම ගියේ ඉන්දියාවටය. එතැනින් දේශ සීමාව පැනගත් ඔහු සිය දරු පවුල සමඟÊපාකිස්‌තානයට ඇතුළු විය. වීසා නැතිව ඉන්දු – පාකිස්‌තාන බෝඩරය පැනීම වෙඩි කන වරදකි. එහෙත් දේශ සීමාව යටින් කපා ඇති බිංගෙවල් දිගේ පාකිස්‌තානයට පැන ගැනීමට පුළුවන. මේ සඳහා මඟ පෙන්වන ඒජන්තවරු ඉන්දු පාකිස්‌තාන දේශ සීමාවේ සිටිති. ඔවුහු ඒ සඳහා මුදලක්‌ අයකරති. මෙසේ පනින්නට යන අය ඉන්දියාව පැත්තේ දේශ සීමාරක්‍ෂක පොලිසියට හසු වුවහොත් එකෙනෙහිම වෙඩි තබා මරනු ලැබේ. ඉන්දියානුවන්ගෙන් බේරී පාකිස්‌තානයට පැන ගත් විට එහි පොලිසියට හසු වුවහොත් එවිට ද වෙඩි කන්නට සිදුවේ. ඕනෑම රටක දේශසීමා පොලිසිය, තුච්ඡ කෲර හා නීච පොලිසියකි. තමන්ට හසුවන වැරදිකරුවන් පනපිටින් හම ගැසීSමේ සිට දරුණු දඬුවම්වලට යටත් කිරීමට ඔවුනට පුළුවන. ඒ වද විඳිනවාට වඩා මරණය යෙහෙකි.

කෙසේ හෝ වේවා 2014 දෙසැම්බර් මාසයේ දවසක අබු සුරයි සිය දරු පවුල සමග, වීසා නැතිව දේශසීමා පොලිසියේ ඇස්‌වලින් බේරී පාකිස්‌තානයට පැන ගත්තේය. ඔහු එතැනින් නැවතුනේ නැත. ගොඩබිම් මාර්ග දිගේ ගිය ඔහු සිරියාවට ඇතුළු වී එරට ISIS සංවිධානයේ ශාඛා කාර්යාලයකට රපෝර්තු කළේය. අබු සුරයි සහ ඔහුගේ දරු පවුලත් භාරගත් ISIS සංවිධානය දරු පවුලට ජීවත් වීම සඳහා පහසුකම් ලබා දී සටන් බිමට ඔහු යෑව්වේය. අබු සුරයි කරාටේ ශිල්පය සම්බන්ධයෙන් දක්‌වන නිපුනතාව සහ ඔහුගේ භාෂාත්මක දැනීම සිරියානු ISIS ත්‍රස්‌තයන්ගේ මහත් වූ ගෞරවයට හේතු විය.

මේ අතර එයින් මාස 7 කට පමණ පසු දවසක ඉන්දියන් පුවත්පත් දෙකක ශ්‍රී ලංකාවට වැදගත් වූ පුවතක්‌ පළවිය. ඉන් කියෑවුණේ ශ්‍රී ලාංකික ISIS ත්‍රස්‌තයකු වූ අබු සුරයි සෛලාන් නමැත්තා සටනකට සහභාගි වී ආපසු ගෙදර එමින් සිටියදී ගුවන්aaa ප්‍රහාරයකින් මළ බවය. ඔහුගේ මරණ දැන්වීම Facebook වල පළ විය. එය දුටු ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරෝ ඔහුගේ ත්‍රස්‌තවාදී අනන්‍යතාව පසෙකලා වැලපුනාහ. හේතුව, ලංකාවේදී ඔහු හොඳ මිනිහෙක්‌ වීමය. අනුන්ට උදව් කරමින් ජීවත් වීමය.

ඊළඟ ප්‍රශ්නය වූයේ ඇත්තටම මිය ගියේ ලංකාවෙන් ගිය අබු සුරයි ද යන්නය. එය විස¹ ගන්නා ලද්දේ ද Facebook හරහා ය. ලංකාවේ ජීවත්ව දැන් සිරියාවේ ජීවත්වන තරුණයෙක්‌ තමන් අබු සුරයිගේ මිත්‍රයකු බවත්, ඔහු මියගිය බවත් තහවුරු කළේය. ISIS සංවිධානය පිටරටවලින් සිරියාවට විත් තමන්ට එකතුවන අයගේ නම අගට ඔවුන්ගේ මවුබිමේ නම යෙදීම සිරිතකි. ඒ අනුව අබු සුරයි ට සිරියාවේදී ලැබී තිබූ නම අබු සුරයි සෛලානි ය. සෛලානි යනු සිලෝන් යන නම අරාබි ක්‍රමයට අනුව උච්ඡාරණය කිරීමය. මේ අනුව ISIS සංවිධානයට බැඳී සිටි පළමු වැනි ශ්‍රී ලාංකිකයා ලෙස වාර්තා පොත්වලට ඇතුළු වන්නේ ඔහුය.

*************************

ISIS ත්‍රස්‌ත සංවිධානයේ ආරම්භකයා වූ කලී අබු මුසාඩ් අල් සර්කාවි ය. 1966 දී ජෝර්දානයේ ඉපිද එහිම හැදී වැඩී ඇµaගනිස්‌ථානයට ගොස්‌ යුද අවි පුහුණු ලබා අතුරු සන්නද්ධ කල්ලියක්‌ හදාගත් ඔහු ඇµaගනිස්‌තානය සහ ඉරානය යන යුද බිම්වලදී ඇමරිකන් හමුදාවට විරුද්ධව සටන්කර එම කලාපය තුළ ප්‍රසිද්ධියක්‌ දිනා ගත්තේය. මේ දෙරට තුළට, විශේෂයෙන් ඉරාකය තුළදී ඉස්‌ලාම් අන්තවාදයට විරුද්ධ වූ ඉස්‌ලාම් භක්‌තිකයන් ද ඇමරිකන් හමුදා සෙබළුන් ද රැසකගේ හිස්‌ පුද්ගලිකව ගසා දැමූ ඔහු තම විරුද්ධවාදීන් දරුණු වධ බන්ධනයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් අනුන්ගේ පිළිකුලට ලක්‌ විය. ඒ අතර ඔහු ජමාත්a අල් තවීඩ් අල් ජිහාඩ් නමැති නම තම සන්නද්ධ අතුරු කල්ලියට තැබුවේය. පසු කාලයේදී එනම් 2004 දී ISIS යන නම ලබන්නේ මේ සංවිධානය ය. 2010 දී ඇමරිකානුවෝ ගුවනින් බෝම්බ හෙළා ඔහු මරා දැමූහ. එතැනින් පසු අබු මුසාඩ් අල් සර්කාවිගේ සංවිධානය භාර ගන්නේ ඔහුටත් වඩා දරුණු සහ අන්තවාදී ඉස්‌ලාමිකයකු වූ අබු බකර් අල් බග්ද්‍රdදි ය. අල් සර්කාවිගේ අරමුණ වූයේ ඉරාකය පමණක්‌ ඉස්‌ලාමීය රාජ්‍යයක්‌ බවට පත් කිරීමය. එහෙත් අබු බකර් අල් බග්දදි සැලසුම් කළේ ඉරාකය පමණක්‌ නොව, මුළු මහත් අරාබිකරයත්, යුරෝපයෙන් කොටසකුත් ඉන්දියාවත්, ලංකාවත් ISIS රාජ්‍යයට ඇතුළත් කිරීමටය.

ISIS යන අකුරු හතර යොදන්නේ Islamic state of siriya  යන්නය. මෙය තනි රාජ්‍ය සංකල්පයකි. එනම් කලින් ඡේදයේ සඳහන් රටවල් සියල්ලෙහි ආගම ඉස්‌ලාමය. එහි පාලකයා කාලිµaවරයෙකි. නායකයා දෙවියන් වහන්සේ ය. මෙහි අරමුණ වන්නේ තනි මිනිසකු යටතේ නොව තනි දෙවියකු යටතේ මිනිසුන් එකතු කිරීමය. දෙවියන් යනු සර්වබලධාරියෙකි. දෙවියන් රාජ්‍යනායකයා වූ විට මනුෂ්‍යයන්ට ඒ නායකත්වය ප්‍රශ්න කළ නොහැක. කෙසේ වුවද ISIS සංවිධානයේ වැඩපිළිවෙළ පිරිසිදු ඉස්‌ලාම් ආගමට සම්පූර්ණයෙන් ම විරුද්ධය. ඉස්‌ලාමය නොවන ආගම් අදහන මනුෂ්‍යයන්ගේ බෙලි කැපීම, ඔවුන් පණපිටින් පිළිස්‌සීම හෝ ඇසිඩ් බාල්දිවල ගිල්වා මැරීම කළ යුතු බව මහම්මත්තුමා කිසිදුÊඅවස්‌ථාවක කියා නැත. එසේම එය දේව වාක්‍යයද නොවේ. ඒ අතර ජ්‍යෙෂ්ඨ ඉස්‌ලාමීය පූජකවරුන් සහ ඉස්‌ලාම් ආගම පිළිබඳ විශේෂඥයන් මේ මනුෂ්‍ය ඝාතනයට සම්පූර්ණයෙන් ම විරුද්ධය.

ශ්‍රී ලංකාවෙන් ගිය ඉස්‌ලාම් භක්‌තිකයන් 32 ක්‌ පමණ ISIS සංවිධානය තුළ සිටින බව අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කීවේය. එහෙත් කැබිනට්‌ ප්‍රකාශක සහ සෞඛ්‍ය ඇමැති වන රාජිත සේනාරත්න මහතා එයට විරුද්ධ විය. ඔහු කියන්නේ එම සංවිධානය තුළ ශ්‍රී ලාංකිකයන් නැති බවය. මේ කතන්දර දෙකෙන් කොයික ඇත්ත වුවද ඇමරිකාවේ නව ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් කියා ඇත්තේ ඉදිරි කාලය තුළ ISIS සංවිධානය විනාශ කර දමන බවය. කෙසේ වුවද මෙම සංවිධානයේ බලය පසුගිය කාලයේදී අඩු විය. වසර 2014 දී ලෝකයේ ගොඩබිම්වලින් වර්ග සැතපුම් 24000 ක්‌ එම සංවිධානය මගින් පාලනය කරන ලදී. අද එම ප්‍රමාණය 30% කින් අඩු වී ඇත.

 

උපුටා ගැනීම – දිවයින

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *