අවසාන ප්‍රතිපලය “යහපාලනය යම පාලනයක්” වීමයි – හිටපු ජනපති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ සැබෑ ස්ථාවරය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා සිදුකළ සම්පූර්ණ කතාව පහත පරිදිය.

මෙවර අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සඳහන් කළේ එය සම්ප්‍රදායික අයවැයක් නොවන බවයි.එය පසුගිය කාලවල අප ඉදිරිපත් කළ අයවැය සම්ප්‍රදායට වෙනස් බව පැහැදිලියි. මෙය ණය බර, බදු බර, දඩ බර ඇතුළත් රාජ්‍ය දේපල විකුණන, රට විජාතීයකරණය කරන අයවැයක්. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති හා ජනතා සහන අහිමි කරන, ජනතාවට බර පටවන, ජාතික සම්පත් විකුණන, ජාතික ආර්ථිකය විදේශීයකරණය කිරීමේ සැබෑ එ.ජා.ප සම්ප්‍රදාය යළි හිස එසවූ  අයවැයක්.

මෙම රජය සිය ප්‍රචාරණ මාධ්‍ය මගින් පෙන්වා දෙන්න උත්සහ කරන්නේ රජයේ ණය බර පිළිබඳවයි. 2002 වසරේ “යළි පුබුදමු ශ්‍රී  ලංකා” වැඩසටහන මේ රටේ ජනතාවට සාධාරණීය කිරීමට උත්සහ ගත්තේත් මෙවැනිම ණය ගැන කතා කරමිනුයි. එවිට රජයේ ණය ජාතික අයවැයෙන් සියයට 105ක්ව තිබුණා.
ණය බර කියමින් බදු බර පැටවිමට සියයට 20ක වැට් බදු හඳුන්වා දුන්නේද ඒ අවුරුද්දේ එ.ජා.ප රජයයි. ඒවිදිහ‍ටම රාජ්‍ය සේවය ලක්ෂ 3ට කප්පාදු කිරීමට දකටයුතු කළා.

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ද අහෝසි කළා. රක්ෂණ, බැංකු, ඛනිජ තෙල්, CTB, සතොස වැනි රාජ්‍ය ව්‍යාපාර විකිණිම ආරම්භ කළේත් 2002 අවුරුද්දෙයි. විදේශිකයින්ට අපේ රටේ ඉඩම් විකිණීම ආරම්භ කළේත් ඒ අවුරුද්දෙමයි. ණය බර හා රාජ්‍ය ව්‍යපාර වල පාඩු පෙන්වමින් ඉතා ලාභදායි රක්ෂණ සංස්ථාව, රාජ්‍ය  ඉස්කාගාර සංස්ථාව, රාජ්‍ය වැවිලි සමාගම්, සීනි සංස්ථාව, රජය සතු වටිනා හෝටල් හා ඉඩම්, ගෑස්, දුරකථන,වානේ, සිමෙන්ති, ටයර්, පෙහෙකම්හල් ආදී රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරණය කිරීම එ.ජා.ප සම්ප්‍රදායයි.

රජයේ ව්‍යාපාර 80කට වැඩියෙන් ඒ විදිහට 2004 දක්වා විකිණුවත් ණය බර අඩු වුනේ නැහැ. ඇතැම් ව්‍යාපාර වැසී ගියා.1977 ණය බර ජාතික ආදායමෙන් සියය‍ට 68.6ක් වුණා. රාජ්‍ය ව්‍යාපාර විකුණලත් 1994 එම රජය ඉවත්වන විට ණය බර ජාතික ආදා‍යමෙන්  සියයට 95ට වැඩිවී තිබුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ද පුද්ගලීකරණය ඉදිරියට ගෙන ගියත් 2002 වන විට ණය ප්‍රමාණය සියයට සියය ඉක්මවා තිබුණා. 2002-2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ණය බර සියයට102ක් වුණා. මෙසේ ණය බර සියයට සියය ඉක්මවා තිබුණේ ටෙලිකොම්, රක්ෂණ, ගෑස් වැනි ආදායම් උපදවන රාජ්‍ය සංස්ථාද විකිණිමෙන් පසුවයි.

2005 -2014 අපේ පාලන කාලය තුළ පුද්ගලීකරණයට තිත තැබුවා. 2015 ජනවාරි මස මා ආණ්ඩුව භාර දෙන විට ණය බර සියයට 70.7ට අඩුකර තිබුණා. මේකයි මහ බැංකුව 2015වේ වාර්ෂික  වාර්තාවේ සඳහන් කරන සැබෑ තත්ත්වය. මේ අයවැයෙන් නැවත ණය බර ගැන කියන්නේ 2002-2004 කතාව අලුත් කරමින් එ.ජා.ප. න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර එහි ස්චාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවට සමස්ත මුල්‍ය ගෙවීම් ක්‍රමයම පුද්ගලික සමාගමකට පැවරීමට යෝජනා කර තිබෙනවා. මෙය බැංකු ක්ෂේත්‍රම අස්ථාවර කිරීමක් හා ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු දුර්වල කිරීමක්. මහ බැංකු කටයුතුවල සිට වරාය, අනෙකුත් පාඩු ලබනවා යැයි කියන සංස්ථා පෞද්ගලීකරණය කිරීමටද ප්‍රවේශයක් ගෙන තිබෙනවා. මේ න්‍යාය මත අධිවේගි මාර්ගත්, දුම්රිය මාර්ගත් පමණක් නොව මොරගහකන්ද ජලාශයද ණය ගෙවීමට කියා පෞද්ගලීකරණය කරාවි. එම විනාශකාරී න්‍යාය පත්‍රයකට ශ්‍රී.ල.නි.ප.යේ කොටසක්ද කරගසා තිබීම ජාතියේ අවාසනාවක්. සැබෑ වෙනස එයයි.

එංගලන්තයේ මෑත පැවති ජනමත විචාරණයෙනුත්, ඇමරිකාවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙනුත් එම රටවල ජනතාව වෙළඳපල ආර්ථිකය, ගෝලීයකරණය  හා ජාත්‍යන්තර වෙළද ප්‍රතිපත්ති,එම රටවලට අහිතකර ලෙස බලපා ඇති සැටි පාලකයින්ට තේරුම්කර දුන්නා. “රිජීම් චේන්ජ්”(Regime Change) නිර්මාතෘවරු එම රටවල පාලකයින් ලෙස ප්‍රතික්ෂේප කළා. ජාතික අවශ්‍යතාවයන් ඉක්මවා එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළා. ජාතික අනන්‍යතාවය, දේශීය ව්‍යාපාර, දේශීය ව්‍යවසායකයන් හා ජාතික ආර්ථිකය රැකගනිමින් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාව එම ජනතාව පෙන්වා දුන්නා.

අන්ධානුකරණයෙන් මේ රජය එම ප්‍රතිපත්ති තව තවත් වැළද ගනිමින් ජාතික ආර්ථිකය, ජාතික නිෂ්පාදනය, දේශීය ව්‍යාපාරිකයන් අවතක්සේරු කිරීම මේ අයවැයෙන් නැවත පණ ගැන්වූවා. විදේශ ආර්ථික කොලනියක් ඇතිකිරීමට මඟ පෑදුවා. ණය ආපසු ගෙවීමට සිදුවී ඇති නිසා අතිරේක බදු පැනවීමටත්, තවදුරටත් ණය ගැනීමටත් සිදු වී ඇති බව ප්‍රකාශ කරනවා. ණය ගනු ලබන්නේ ණය පියවීමට නම් රටේ ණය ප්‍රමාණය තවදුරටත් වැඩිවීමට ඉඩ නැහැ. එසේ වුණත් යතාර්ථය වී ඇත්තේ මේ රජය ණය ආපසු ගෙවීමටත් වඩා වැඩි ප්‍රමාණයක් ණය ගෙන ඇති බවයි.  2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා ඇ.ඩො.බිලියන 3.6ක් විදේශ වෙළඳපළෙන් පමණක් ණය ලබා ගෙන තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලිනුත් ඇ.ඩො. බිලියන 1.5ක් ලබා ගෙන තිබෙනවා. මේ ණය වලින් ඉන්දියාවෙන් තාවකාලිකව මේ රජය විසින් ගනු ලැබූ ඩොලර් බිලියන 1.2 ප්‍රමාණය ගෙවනු ලැබුවා. වෙළඳපළෙන් අප වර්ෂයකට උපරිම ලෙස ගනු ලැබුයේ ඇ.ඩො.බිලියනයක් පමණි. අප ගත් සෑම ණය මුදලකටම ජාතික සංවර්ධනය‍ට අවශ්යය යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ඉදිකළා.

2014 වර්ෂය අවසානයේ පැවති රු.බිලියන 7,391 වූ මුළු  ණය ප්‍රමාණය 2015 අවසාන වන විට රු.බිලියන8,503 දක්වා වැඩි කර තිබෙනවා. එම ප්‍රමාණය 2016 ජූනි වන විට රු.බිලියන9,062 දක්වා වැඩි වී තිබෙන බව අයවැයේද සඳහන් කර තිබෙනවා. එය වර්ෂය අවසානයේ රු.බිලියන 10,000 ඉක්මවන බව පෙනී යනවා. ණය ගනු ලබන්නේ ණය ගෙවීමට පමණක් නම් මේ අකාරයට පසුගිය අවුරුදු 2 තුළ පමණක් රු.බිලියන2,600ට වැඩි ප්‍රමාණයකින් ණය තොගය වැඩි වුනේ කෙසේද?

එපමණක් නොව ජාතික ආදායමට අනුව 2015 අවසන් වන විට රජයේ ණය 2014 සියයට 70.7 සිට සියයට 76 දක්වා වැඩි වී තිබෙනවා. එය මේ වර්ෂය අවසාන වන විට සියයට 78 පමණ මට්ටමකට පැමිණීමට ඉඩ තිබෙනවා. එක් අවස්ථාවක සඳහන් කළේ ඇතැම් ණය පොත්වල සටහන් වී නොමැති බවයි.පොත්වල සටහන් වී නොමැති ණය දෙනු ලැබුවේ කව්ද? ගිවිසුම් නැති ණය ආපසු ගෙවන්නේ කුමකටද?  IMF වාර්තාවෙන් හෙළිවුනේ කුමක්ද? මේවාට පිළිතුරු සපයා නැහැ.
ඊට පසු සඳහන් කළේ සංස්ථාවල ණය ගෙවීමට තිබෙන බවයි. මේවා එම සංස්ථාවල වාණිජමය කටයුතු වලට අදාළ ණය මුදල්. මහ බැංකු වාර්තාවල මේ සියල්ල සඳහන් වෙනවා. ඒවා එම ආයතන වල ආදායම් වලින් ගෙවන ණය. ඉතිහාසය පුරා රාජ්‍ය  ව්‍යාපාරවල ණය එම ආයතනවල ගිණුම්වල මිස අයවැයට ඇතුළත් වන්නේ නැහැ.

අයවැයට ඇතුළත් වන්නේ රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව මගින් ගනු ලබන ණය පමණයි. ඒවා සියල්ල බැංකුවේ වාර්තා ගත වෙනවා. රාජ්‍ය ව්‍යාපාර ගනු ලබන ණය එම ව්‍යාපාරවල වාර්ෂික ගිණුම්වල සෑම වර්ෂයකම වාර්තා කරනවා. සියලු භාණ්ඩාගාර ඇපකර පාර්ලිමේන්තුවටද වාර්ෂිකව වාර්තා කරනවා.  එම නිසා ණය ගෙන ඇත්තේ ණය ගෙවීමට පමණක් යැයි කරනු ලබන මේ ප්‍රකාශය පාර්ලිමේන්තුව මෙන්ම මේ රටේ අහිංසක මහජනතාව මුළුමනින්ම නොමඟ යැවීමට ගොතනු ලබන අසත්‍යයක්.

රජය වසර 2ක් තුළ ණය ලබා ගෙන ණය තොගය වැඩිකර තිබුණත් මේවනතෙක් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් තවම අපට දැකගත නොහැකි වී තිබෙනවා. අයවැය මගින් රුවන්පුර අධිවේගි මාර්ගය බදුල්ලට දීර්ඝ කරන බව ප්‍රකාශ කළා. මෙය හොඳ යෝජනාවක්. එසේ වුනත් වසර 2ක් ගතවෙලත් බදුල්ලට තබා රත්නපුර අධිවේගි මාර්ගයේ කටයුතුවත් තවම ආරම්භවී නැහැ.ණය ලබා ගැනීමට බලාපොරොත්තු වන චීනයේ
පොලී වැඩියි කියා එම රජයටත් දෝෂාරෝපණය කරනවා.

උතුරු අධිවේගි මාර්ගය නමින් කොළඹ සිට මහනුවර කුරුණැගල, දඹුල්ල සම්බන්ධ කිරීමට අප සැලසුම් කර තිබූ අධිවේගි මාර්ගය වියදම් වැඩියි කියා වසර 2ක් අතපසුකළා.නම “මධ්‍යම අධිවේගී මාර්ගය” කියා වෙනස් කළා. අවසානයේ අපගේ ප්‍රතිපත්තියම පිළිගනිමින් දේශීය ඉදිකිරිම්කරුවන්ගෙන් එම මාර්ගයේ කොටසක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. ජපානයෙන්ද, චීනයෙන්ද ඉතිරි කොටස් වලට ණය ගන්නවා.කෙරවලපිටිය – කඩවත අධිවේගි මාර්ගය සැලසුම් කර තිබූ පරිදි ක්‍රියාත්මක කළේ නම් දැනට වඩා ඉතා අඩු වියදමකින්, මංතිරු 6කින් යුතුව, එම ප්‍රදේශයේ ගංවතුර හා පරිසර අවදානම් වළක්වා ගනිමින්,මේ වන විට නිම කිරීමටද තිබුණා.

ඉදිකිරීම් අත්හිටවූ එම අධිවේගි මාර්ගය මංතිරු ප්‍රමාණය අඩු කර, ගංවතුර අවදානම් ගැන නොසලකා දැන් ඉදිකරනු ලබන්නේ මුලින් ඇස්තමේන්තු කළ වියදමටත් වඩා වැඩියෙනුයි. රත්තරන් වලින් ඉදිකරනවා යැයි චෝදනා කළ අධිවේගී මාර්ගය දැන් ප්ලැටිනම් වලින් ඉදිකරන බව සමහරු කියනවා. ඉදිකරන්නේද කලින් සමාගමමලු. ණය සපයන්නෙත් චීනයෙන්මයි. ආපසු ගෙවීමේ කාලය හා පොලියේ වෙනසක්වීත් නැහැ.
කොළඹ වරාය නගරය ක්‍රියාත්මක කිරීම අත්හිටවූවේ නැතිනම් මේ වන විට අක්කර 400ක් පමණ ප්‍රමාණයක් රජයට අයිති  කර ගැනීමට ද තිබුණා. එයද යළි අරම්භ කළේ චීනය හා ශ්‍රී ලංකාව තුළ පැවති විශ්වාසනීයත්වයද පළුදු කර ගෙනයි.

චීනයෙන් 2015 අවසන් වන විට ලබාගෙන තිබූ ණය ඇ.ඩො.බිලියන  3,800ක් පමණ වෙනවා. ඒවායෙන් විදුලි බලාගාර, වරාය, අධිවේගී මාර්ග, වාර්මාර්ග ආදී දිගුකාලීන යටිතල පහසුකම් ආයෝජන සිදු කර තිබෙනවා. මොරගහකන්ද වාරිමාර්ග ක්‍රමය ඉදිකරන්නෙත් චීන ණය යටතේයි. එයිනුත් ආර්ථික ඵලදාව ලබා ගන්න කල්යනවා. ණය ගෙවන බව කියා මේවා විකිණීම රජයක වගකීමද?මහින්දෝදය විද්‍යාගාර ඇතුළු පාසැල් සංවර්ධනය, සති පොල ඉදිකිරීම්, ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධන කටයුතුද නතර කළා. ඒවා දිගටම කරගෙන ගියේ නම් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාගන්න තිබුණා. පාසැල් සිසුන්ට ටැබ් දීම හොඳ යෝජනාවක්. නමුත් පසුගිය අයවැයෙන් විශ්ව විද්‍යාල සිසුන්ට දෙනවා යැයි කියූ ටැබ් තාමත් ලැබී නැති බව වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි අන්තර්ජාල ගාස්තු සියය‍ට 25කින් වැඩි කර තිබෙන නිසා ටැබ් නොමිලයේ ලැබුණත් එම දරුවන්ට ඒවා පාවිච්චි කිරීම‍ට මුදල් සොයා ගැනීමට සිදු වෙනවා.

2015 සඳහා අපඉදිරිපත් කළ අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා දීමනා ලබාදීම ක්‍රියාත්මක නොකර 2017 වසරේ සිට හෝ නැවත ක්‍රියාත්මක කිරීම අගය කළ යුතුයි. එහෙත්  වෙන්කර ඇති ප්‍රතිපාදන එම අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාගේ අඩකටවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලුම් කරනවා. සීනි කර්මාන්තය, කුකුල්මස් නිෂ්පාදනය, දේශීය කිරි නිෂ්පාදනය හා මත්ස්‍ය නිෂ්පාදනයට අපේ රජය ගෙන ගිය ප්‍රතිපත්ති මේ අයවැයෙන් පිළිගෙන තිබෙනවා. මේ ප්‍රතිපත්ති වැරදියි කියා කිරි ගවයන් 20,000ක් ගෙන්වීම නතර කළා. කිරිපිටි මිල පහත දමා දේශීය ගොවියා අධෛර්ය කළා. නිවැරදි ප්‍රතිපත්ති කවුරු කළත් නිවැරදියි.

යහපාලනයෙන් මේවා ඉදිරියට ගෙන ගියේ නැහැ. එසේ ඉදිරියට ගෙන ගියා නම් සීනි, කිරි, මාළු, කුකුල් මස් දේශීය නිෂ්පාදන තව දුරටත් ඉහළ යවා ගත හැකිව තිබුණා. ස්වයංපෝෂිතවී තිබූ බඩඉරිඟු නිෂ්පාදනය කඩා වැටුණා. දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුණා. මෙම අයවැයෙන් දේශීය කිරි, උක් දඩු සඳහා සහතික මිලක් නියම කිරීම අගය කළ හැකියි. කිරි ගවයින් 20,000ක් 2017 හෝ ගෙන්වීම ඉතා වැදගත් පියවරක්. කුකුල් මස් නිෂ්පාදනය දිරි ගැන්වීම වගේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීමට ගෙන ඇති යෝජනා ද අගය කරනවා. දේශීයව නිෂ්පාදනය කළ හැකි අනවශ්‍ය  ආනයන අඩු කිරීම‍ට කළ යුත්තේ එයයි.

පසුගිය රජයන් සියල්ලම පාහේ සැලසුම් කර තිබූ එහෙත් ඉටු කරගත නොහැකි වූ හම්බන්තොට වරාය, තෙල් ගබඩා සංකීර්ණය හා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අප රජය විසින් චීන ණය අධාර යටතේ ඉදිකරනු ලැබුවා. දකුණු අධිවේගී මාර්ගයට ජපානය හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලින් කරගත හැකි වුනේ කොළඹ සිට ගාල්ල දක්වා පමණයි. ගාල්ල සිට හම්බන්තොට දක්වා එම අධිවේගී මාර්ගය ඉදිකෙරුනේ චීන ණය ආධාර යටතේයි. හම්බන්තොට මෙන්ම බොහෝ ප්‍රදේශ වල ආයෝජන ආකර්ශනය වැඩි කළේ මේ ආකාරයටයි. ඒවා  දිගුකාලීන ජාතික ආයෝජනයන්. අවුරුදු 15-20 අතර කාලයක් මෙම ණය ගෙවීමට ඉඩ ලබා දි තිබෙනවා. චීනයෙන් මේ දක්වා ලබාගත් මුළු ණය ප්‍රමාණයවන ඇ.ඩො.බිලියන 3,800න් ඇ.ඩො.මිලියන 300 හැර ඉතිරි සියල්ල සඳහා පොලිය සියයට 2ක් පමණ වෙනවා. ඩො.මිලියන 300 සඳහා දෙනු ලැබූ පොලිය අඩු කිරිමට මා කළ ඉල්ලීමද චීන රජය එවකට සලකා බලමින් සිටියා. හම්බන්තොට ආයෝජන කලාපයක් වුනේ මෙවැනි ආයෝජන නිසයි.

එසේ තිබියදීත් වරාය සුදු අලියෙක් යැයි ප්‍රකාශ කරමින් වරාය හා තෙල් ගබඩා සංකීර්ණය දැන් ඇ.ඩො.මිලියන1,200කට චීනයේ සමාගමකට විකිණීමට රජය කටයුතු කරනවා.මුලින් ගුවන්තොටුපොල වී ගබඩාවක් කර එහි ජාත්‍යන්තර වටිනාකම විනාශ කළා. මේවා සුදු අලි නම් ආයෝජකයින් ඒවා ඉදිකිරීමේ වියදමටත් වඩා වැඩි මුදලක් ගෙවා මිලදි ගන්නේ ඇයි? ‍මේ ආයෝජන සඳහා මොලය කාගේදැයි සහ විකිණීමේ මොලය කාගේදැයි මේ අයවැයෙන් හොඳට පැහැදිලි වෙනවා.

මේවා ජාතික සම්පත්. අපේ සෑම යටිතල පහසුකමක්ම ඉදිකර තිබෙන්නේ මේ වගේ ණය මුදල් චීනයෙන්, ජපානයෙන්, ඉන්දියාවෙන්,කොරියාවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන්,යුරෝපා රටවලින් සහ මැද පෙරදිගින් ණය අරගෙන. ඒ ජාතික සම්පත් විකිණීම අපරාධයක්. එය එක් රටක සමාගමක ඒකාධිකාරියක් බවට පත් කිරීම තවත් විශාල තර්ජනයක්. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට නාවික ක්ෂේත්‍රයට සම්බන්ධ වී එහි වාසි රටට ලබා ගැනීමට එය දැඩි තර්ජනයක් වෙනවා. කොළඹ වරායත්, වරාය අධිකාරියේ මෙහෙයුම් තටාංගන පවත්වා ගනිමිනුයි පුද්ගලික නැව් ත‍ටාංගණ පවත්වා ගැනීමට ඉඩ දි තිබෙන්නේ.

එපමණක්නොව එම වරාය හා ගුවන්තොටුපොල ආසන්නව මේ රටේ ජනතාවට අයිති අක්කර 15,000ක ඉඩම් විදේශිකයන්ට දීමේ සාධාරණයක් තිබෙනවාද? අපේ රටේ මෙවැනි ජාතික සම්පත් විදේශ රටවල සමාගම් වලට විකිණීම දේශීය ව්‍යාපාරිකයින්ට විශාල අවාසියක්. එම රටවල ‍ආයෝජකයන්ට එම රටවලම ආයෝජන පහසුකම් තිබෙනවා. ඒවා අපේ ආයෝජකයන්ට දෙන්නේ නැහැ. අපේ ව්‍යවසායකයන් නැගිටින්න ඕන මේ රටේම ආයෝජනය කරලා. ඒ ශක්තිය ඔවුන්ට තිබෙනවා. මේ නිසයි ඉන්දියාව සමඟ එට්කා වැනි ගිවිසුම් හෝ වෙනත් රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට පෙර අපේ රටට දැනටමත් එම රටවල් සමඟ කරන ගණුදෙනු වලින් ඇති වී ඇති වෙළද අවාසි ඉවත්කර, එවැනි අවාසි ඇති වීම වැලැක්වීම‍ට අවශ්යි නීති සකස් කර ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කළ යුත්තේ.

අපේ රටේ කටුනායක නිදහස් වෙළඳ කලාපය ප්‍රමාණත්වයෙන් අක්කර 530ක පමණ භූමියක්. බියගම අක්කර 450යි. අනෙකුත් සියළු ආයෝජන කලාප අක්කර 400ට අඩුයි. ආයෝජන කලාප 12ම රජය සතුයි. මේ ආයෝජන කලාපද තවමත් මුළුමනින්ම පිරී නැහැ. මෙසේ තිබියදී එක රටක එක සමාගමකට වරායත්, ගුවන් තොටුපොළත් අක්කර 15,000ක භූමි ප්ර මාණයකුත්  ලබාදීම මේ රටේ ස්වාධිනත්වයට, ජාතික ආරක්ෂාවට, දේශීය නිෂ්පාදකයින්ට හා ආයෝජකයින්ට එල්ල කරනු ලබන  බලවත් තර්ජනයක් ලෙස අපි දකිනවා.

හම්බන්තොට වරාය ජාත්‍යන්තර නාවික සිතියමේ කේන්ද්‍රස්ථානයක්. මෙවැනි මධ්‍යස්ථානයක් එක සමාගමකට විකිණීම මුළු රටම විකිණීම හා සමානයි. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිතුමා සිය රජයේ පළමු කාර්ය කරගත්තේ කටුනායක ගුවන් තොටුපොල හා ත්‍රීකුණාමල වරාය විදේශිකයන්ගෙන් නිදහස් කර ගැනීමයි. එයයි ශ්‍රී.ල.නි.ප ප්‍රතිපත්තිය. මේවාට ඉදිරිපත්වන ආයෝජකයින්, රක්ෂණ සංස්ථාව, නැව් තෙල් සමාගම, වෝටර්ස් එජ් වැනි ආයතන රජයට පවරා ගත් ආකාරය සිහි කර ගැනීම සුදුසු බව මට පේනවා. පෞද්ගලීකරණය කරනු ලබන වරාය ඇතුලු සියලු රාජ්යැ සම්පත් අපට ආපසු ගැනීමට සිදු වෙනවා. එ.ජා.ප.ය පෞද්ගලීකරණය කර තිබූ ත්රිසකුණාමලයේ තෙල් ගබඩා සංකීර්ණය අප රජය ඛනිජ තෙල් සංස්ථාවේ අයිතියේ තබා ගැනීමට සැලසුම් කළේත්එය ජාතිය සතු විය යුතු සම්පතක් ලෙස බණ්ඩාරනායක අගමැතිතුමාගේ සිහිනය වූ නිසයි. කොයිම රටකටවත් අපේ ජාතික යටිතල පහසුකම් විකිණීම අප අනුමත කරන්නේ නැහැ. හම්බන්තොට ජනතාව  අක්කර 15,000ක සිය නිජබිම් ඉඩම් වෙනත් රටක‍ට විකිණිමට ඉඩ නොදෙන බවත් ම‍ට විශ්වාසයි. මෙවැනි පෞද්ගලීකරණ වැඩපිළිවෙළින් වැලකි දිගු කාලීන මිත්රකත්වය පලුදු නොකර පවත්වා ගැනීමට කටයුතු කරණු ඇතැයි මා ගැණුම් කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අයවැය මගින් ණය බර හුවා දක්වමින් පුද්ගලීකරණයට අමතරව බදු බරද වැඩි කර තිබෙනවා. පසුගිය කාලය තුල නැගී එන ආර්ථික ක්ෂේත්‍රයන් වූ සංචාරක, තොරතුරු තාක්ෂණ,  ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා වල ‍අදායම් බදු සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. අපනයනයට මුල්තැන දෙනවයි කියන මේ රජය භාණ්ඩ අපනයන බද්ද සියයට 12 සිට සියයට 14 දක්වාත්, සේවා අපනයන 0 සිට සියයට 14 දක්වාත් වැඩි කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය සඳහා සියයට 10ක්ව පැවති ආදායම් බද්ද සියයට 14 කර තිබෙනවා. එපමණක් නොව, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල ආදායම් බද්ද වැඩි කර තිබෙනවා. කුකුල් ගොවිපලවල් සඳහාද ආදායම් බද්ද සියයට 12 සිට සියයට 28 දක්වා වැඩි කර තිබෙනවා. මෙම සියළු කර්මාන්තවල බහුල වශයෙන් නිරතව සිටින්නේ දේශීය ව්‍යාපාරිකයන්. ඔවුන් දිරි ගැන්වීම වෙනුවට ඔවුන්ට වැඩි බදු බරක් පටවා මේ අයවැය සිදු කර ඇත්තේ  විදේශිකයන් දිරි ගැන්වීමයි. විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමේ අයිතිය, නිවාස ලබා ගැනීමේ අයිතිය ලිහිල් කර තිබෙනවා. රජයේ ප්රීධාන හා මූලික වගකීම දේශීය ව්යාමපාර හා දේශීය ව්යාතපාරිකයන් දිරිගැන්වීමයි. ඔවුන්ට උදව් කිරීමයි.

මේ අයවැය මගින් පරිභෝජනය සඳහා වැට් බදු,NBT,නිෂ්පාදන බදු, ආනයන බදුආදී සියල්ලද වැඩි කර තිබෙනවා. බැංකු වලින් මුදල් ආපසු ගැනීම  සඳහාද බදු පැනවී තිබෙනවා. මේ නිසා බදු ක්‍රමය සංකීර්ණවී තිබෙනවා. ඇස්තමේන්තු ගත මුළු බදු ආදායම වන රු. බිලියන 1,821න් රු. බිලියන 1,564ක් එනම් සියයට 85ක් වක්‍ර  බදු වලින් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ නිසා සියලු ආහාර පාන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වියදම් වැඩි වෙනවා. පරිභෝජන ඉල්ලුම අඩු වෙනවා. දේශීය ව්යාඩපාර විශේෂයෙන් සුලු හා මධ්යිම පරිමාණ ව්යා පාර පසුබෑමකට ලක් වෙනවා.

පරිභෝජනයට පමණක් නොව ඉතිරි කිරීම් වලටද බදු වැඩිකර තිබෙන අයවැයක්. සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, විශ්‍රාම අරමුදල් සඳහාද ආදායම් බද්ද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩි කර තිබෙනවා. ඒවායේ ලාභය සේවකයන්ට පවරනවා වෙනුවට සේවකයන්ගේ ජීවිත කාලය තුළකළ ඉතිරිකිරීම් ඉහළ බදු මගින් රජයට ගැනීම සාධාරණද?

භාණ්ඩාගාර සුරකුම්පත් වල පොලිය සඳහා ඇති බද්දද සියයට 10 සිට සියයට 14 දක්වා වැඩිකරතිබෙනවා. ඒ නිසා ඒවායේ ආයෝජනය කරන්නන්ගේ පොලිය අඩුවෙනවා. එපමණක්  නොව සමෘද්ධිලාභියාගේ සිට සමාන්‍ය ජනතාවගේ ඉතිරි කිරීම් සඳහා රු.60,000ක පොලී ආදායම් සඳහා වූ වාර්ෂික බදු සහනය ඉවත් කර තිබෙනවා. සියයට 2.5ක්ව පැවති පොලී මත බද්ද සියයට 5 දක්වා වැඩි කර තිබෙනවා. එම නිසා අඩු ආදායම්ලාභීන්ගේ  සිට දරුවන්, වැඩිහිටියන් අතුළු සියළු දෙනාගේම ඉතිරි කිරීම් වලින් ලැබෙන පොලියට සියයට 5ක බද්දකට යටත් වෙනවා.

සමෘද්ධිලාභීන්ට සහල් කිලෝ 5ක් දෙනු ලබන්නේද සමෘද්ධිදීමනාවෙන් මුදල් කපාගෙනයි. සමෘද්ධිලාභීන්ට දෙනු ලබන දීමනාවෙන් සහල් හෝ ධාන්යන හෝ වෙනත්  පරිභෝජන භාණ්ඩයක් ලබා ගැනීම ඔවුන්ගේ මූලික  අයිතියක්. එම අයිතියද මෙම අයවැයෙන් උදුරා ගෙන තිබෙනවා. හාල්මැස්සන් කිලෝවක් සඳහා රු.5ක්ද, සීනි කිලෝවක් සඳහා රු. 2ක්ද මිල අඩු කලබව අයවැයෙන් සඳහන් කලත් සමාන්යද මිනිසුන්
මෙවැනි භාණ්ඩ එදිනෙදා මිලදි ගන්නේ ග්රෑසම් 100 /200 ප්රාමාණ වලින්. මේ මිල අඩු කිරීම් වලින් ඔවුන්ට නම් කිසිසේත් සහනයක් වෙන්නේ නැහැ.

පෞද්ගලික අංශයේ හා රාජ්යඅ අංශයේ සේවකයන්ගේ උපයන විට බදු සඳහා පැවති බදු නිදහස් දීමනාදඉවත් කිරීම මගින් ඔවුන්ටදබදු බර වැඩි කර තිබෙනවා.  රජයේ නිළධාරීන් හා රාජ්යම ව්යාතපාරවල නිළධාරීන්ටත් ඉහළ බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වෙනවා.එහෙත් මෑත කාලවල අයවැයෙන් සම්ප්රහදායිකව කළ රාජ්යය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම මේ අයවැයෙන් යෝජනා කර නැහැ. වැටුපට එකතු කරනවා යැයි කී රු.10,000ක දීමනාවද දැන් අමතක වී තිබෙනවා. එයත් අධ්‍යාපනයට  ජාතික අදායමෙන් සියයට 6ක්
වෙන් කළා වගෙයි.

ලෝක වෙළඳපලේ තෙල් හා ගෑස් මිල සීඝ්‍ර ලෙස අඩු වී තිබුනත් භූමිතෙල් හා ගෑස් මිල අඩුකර ‍තිබෙන්නේ ඉතා සුළුවෙනුයි. රු.25කින් ගෑස් මිල අඩු කර, අයවැයට පිටින් ජලය සඳහා අවම ජල ගාස්තුව රු. 200කින් වැඩි කර තිබෙනවා. එය දැන් ඇමති අනුකාරක සභාවකට පරීක්ෂා කිරීම සඳහා  තාවකාලිකව අත්හිටුවා තිබෙන බව කියනවා. ඇමති අනුකාරක සභාව මේ ගැන පරීක්ෂා කිරීමට තිබුනේ ගැසට් කරන්න පෙර නොවේද?

ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලයේද ණය ගැනීම් වැඩි වී ඇති බව ද වාර්තා වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේද පාඩු තිබෙන බව අයවැය ඇස්තමේන්තු වලින් පෙන්නුම් කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේදි දුම්රිය ගාස්තු, විදුලි ගාස්තු ද වැඩිවනු නොඅනුමානයි. මේ ගාස්තු වැඩි කළත් අයවැයට පිටින් බියර් සමාගම්වලට මිලියන ගණනින් තීරුබදු සහන දී තිබෙනවා.2015 සිට ලෝක වෙළඳපලේ තෙල් මිල ගණන් බැරලයකට ඇ.ඩො.40ක පමණ මට්ටමක තිබෙනවා. 2014 දක්වා එම මිල ගණන්  ඇ.ඩො.80-100 වැනි ඉහළ මට්ටමක තිබුණේ. 2015 මහ බැංකු වාර්තාවට අනුව තෙල් ආනයන වියදම ඇ.ඩො.මිලියන 4,597යි.එය 2015 ඇ.ඩො.මිලියන 2,700ට අඩුවී තිබෙනවා. එය වර්ෂයකට ඇ.ඩො.මිලියන 1,900ක ඉතිරියක්. රුපියල් කෝටි 27,500 ක්. 2016 දීද ඒ හා සමාන ඉතිරියක් තෙල් ආනයනයෙන් ඇති වී තිබෙනවා. ඒ අනුව වසර 2ක තුළ ඇ.ඩො.මිලියන 3,800ක පමණ ඉතිරියක් නැතහොත් රුපියල් කෝටි 55,100ක පමණ ඉතිරියක් ඇති වී තිබෙනවා. මේ ඉතිරියට මොකද කළේ?

විදේශ සංචිත ඇ.ඩො.මිලියන 6,500ට පහත වැටී තිබෙනවා. 2004 දී විදේශ සංචිත ප්රේමාණය ඩො.මිලියන 2,200ක්  වූ අතර එය 2014 වන විට ඩො.මිලියන 8,200ක් බවට අප පත් කළා. 2009 දක්වා යුධ වියදම්,2014 දක්වාම අධික තෙල් වියදම් හා යටිතල පහසුකම් හා ග්රාොමීය සංවර්ධනය සඳහා වියදම්, රජයේ සේවාවන් සඳහා සේවකයන් බඳවා ගැනීම් හා වැටුප් වැඩි කිරීම් අප කළමනාකරණය කළා.
පොහොර සහනාධාරය, පාසැල් නිලඇඳුම් වැනි සහන  වසර 10ක් තුළ අඛණ්ඩව පවත්වා ගත්තා. රණවිරුවන් හා ඔවුන්ගේ මාපියන්ට සහන සැලසුවා.

යුද්ධය නිමා කිරීමත් සමග උතුරේ බිම් බෝම්බ ඉවත් කර A9 මාර්ගය, දුම්රිය මාර්ග ඇතුළු මූලික යටිතල පහසුකම් සම්පූර්ණ කළා. නැගෙනහිර පළාත සංචාරක කලාපයක් ලෙස සීඝ්‍ර  දියුණුවකට පත් කළා. කොළඹ හා තදාසන්න ප්රදදේශ පරිසර හිතකාමී ආසියාවේආකාර්ශණීය නාගරීක ප්‍රදේශයක් බවට පත් කළා.මේ අතර 2004 ජාතික ආදායමෙන් සියයට 7.5ක් ව පැවති අයවැය හිඟය 2014 වන විට සියයට 5.7 දක්වා අඩු කලා. උද්ධමනය සියයට 3කපමණ මට්ටමකට අඩු කළා. ණය පොලී අනුපාත සියයට 10ට අඩු මට්ටමකට ගෙන එනු ලැබුවා.  එසේ වුවත් වසරක් ඇතුළත යහපාලනය විසින් අයවැය හිඟය 5.7 සිට 7.4 දක්වා වැඩි කළා. මේ සියල්ල කළේ රටට දැරිය නොහැකි පොරොන්දු රාශියක් වගකීමෙන් තොරව “දින 100 වැඩසටහන” යටතේ ඉටු කිරීමට කටයුතු කළ නිසයි. එම පොරොන්දු ක්‍රියාත්මක කිරීම නිසා ඒවායින් ප්‍රතිලාභ ලැබූ රජයේ සේවකයන්ගෙන් ඔවුන්ගේ  විශ්‍රාම වැටුප නැවතීමෙනුත්, සමස්ත ජනතාවගෙන් ඉහළ වැට් බදු ලබා ගැ‍නීමටත්, සංවර්ධන වියදම් කපා හැරීමටත් දැන් සිදු වී තිබෙනවා.ණය පොලී අනුපාත සියයට 14 ඉක්මා තිබෙනවා. විදේශ සංචිත අඩුකර ගත්තා.එයට අමතරව භයානකම ක්‍රියාමාර්ගය වී ඇත්තේ  වි‍දේශිකයන්ට රටේ යටිතල පහසුකම් සහ ඉඩම් විකිණීමයි.

2017 වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම 2016 වර්ෂයට වඩා රු. බිලියන 440ක වැඩිවීමක්. එය රු.බිලියන 200ක පමණ අධි තක්සේරුවක්. ජත්යයන්තර මුල්‍ය  අරමුදලේ ඉලක්කයන් සපුරා ගැනීමට අයවැය සකස් කර ඇතත් 2017 ආදායම් ඇස්තමේන්තුව ලඟා කර ගැනීම සදහා අතිරේක බදු පැනවීමේ අවධානම මතු වෙනවා. අයවැය හිඟය සඳහා ඇති ඉලක්කය වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් කපා හැරිම‍ හෝ තවදුරටත් ණය ගැනීමටද සිදු වෙනවා. විදේශ වාණිජ ණය පමණක් රු. බිලියන 220 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. එය රු. බිලියන 230ක අනෙකුත් විදේශ ණය වලට අමතරවයි. මෙම ආදායම් අවිනිශ්චිතභාවය නිසා මෙන්ම දැනටමත් ක්රිණයාත්මක වැට් හා අනෙකුත් බදු වලින් පොලි අනුපාත හා උද්ධමනය ද වැඩි වෙනවා. විනිමය අනුපාතය අස්ථාවරත්වය ද දැකිය හැකියි. මේ නිසා ජීවන වියදම් මට්ටම තවදුරටත් දුෂ්කර වීම මේ අයවැයෙන් ඇතිවන තවත් ප්රහතිථලයක්.

අවසාන වශයෙන් මේ අයවැය විසින් එ.ජා.ප සම්ප්‍රදායික යථාර්ථයක් කර තිබෙනවා. එයට ශ්‍රී.ල.නි.පයෙන් කොටසකුත් සම්මාදම් වෙලා. මේ පාප කර්මයට සැබෑ ශ්රීත ලංකා නිදහස් පාක්ෂිකයන්ට සිය හෘද සාක්ෂියට අනුව දායකවිය නොහැකියි. රාජ්යේ ආයතන පෞද්ගලීකරණය,  සුභසාධන වියදම් කපා හැරීම, රාජ්‍ය සේවය දුර්වල කිරීම, දේශීය ව්‍යාපාරිකයන් අධෛර්ය කිරීම, දේශීය පාරිභෝගිකයන්ට බදු බර පැටවීම, විදේශිකයන්ට වැට් බදු ආපසු ගෙවීම මෙන්ම ඉඩම් හා නිවාස ලබාදීමට කටයුතු කර තිබෙනවා. විදේශ කොලනියක් බවට අපේ රට පත් කිරිම මෙහි භයානකම පියවර බව පැහැදිලි වෙනවා.

හම්බන්තොට වරාය විකුණා ඔවුන්ට අක්කර 15,000ක භූමිය ලබාදීම විදේශකරණය කිරීමේ භායානක පියවරක්. ත්රි0කුණාමල වරාය ආශ්‍රිත ප්‍රදේශද මේ අයුරින්ම විදේශකරණය කිරීමේ පියවරක්. අධිරාජ්‍යවාදීන් උඩරට වතු අයිති කර ගනිමින් එම ප්‍රදේශ වල ජනතාවට ඉඩම් අහිමි කළ අයුරින්ම හම්බන්තොට,ත්‍රීකුණාමල ප්‍රදේශවල ජනතාවටද ඒ ඉරණම මේ අයවැයෙන් අත්පත් කර දී තිබෙනවා. එම ප්‍රතිපත්ති ජනතාවට සාධාරණය කරන්නේ රූපවාහිනිය මගින් තම ප්රනචාරණ කටයුතු මෙහෙයවන සමාගමට මුදල් ගෙවා නැති ණය බරක්  හා දූෂණ ගැන මවාපෑම මගිනුයි. මෙයට ඉඩ දිය නොහැකියි. ණය ගෙවීමට බැරිනම් ඒ සඳහා කල් ගැනීමට මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීමට අපේ විදේශ ප්‍රතිපත්තිය යොදා ගැනීම රටක්, ජාතියක් විකිණීමට වඩා උතුම් බව තේරුම් ගත යුතුයි.
මෙම අයවැය ගැන ගැමියන් කියන්නේ “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” අයවැයක් කියලයි. තවත් සමහර අය කියන්නේ “නිර්මාංශ ආහාර ඉල්ලන පුද්ගලයන් KFC එකට ගෙන ගොස් ඕනෑ තරම් කන්න” යැයි කියපු අයවැයක් බවයි. මෙහි අවසාන ප්‍රතිපලය “යහපාලනය යම පාලනයක්” වීමයි. අපේ රටට නොගැලපෙන එංගලන්තය ඇමරිකාව වැනි රටවල් පවා යළි සලකා බැලීමට තීරණය කර ඇති ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ප්‍රගතිශිලි දේශපාලන පක්ෂ වල යුගයේ වගකීමක්.

එම නිසා රාජ්‍ය අයෝජනය වැඩි කිරීම, ජනතාවගේ ඉතිරිකිරීම් දිරි ගැන්වීම, රජය හා පෞද්ගලික අංශයේ මනා මැදිහත්වීම,  කෘෂිකාර්මික හා ග්‍රාමිය ආර්ථිකය ශක්තිමත් කිරීම,රාජ්‍ය ව්‍යාපාර කළමණාකරණය ස්වාධීනකර කාර්යක්ෂම කිරීම, දේශීය ව්යාමපාරිකයන් දිරි ගන්වා අපනයන වැඩිකිරීම, ආනයනය අඩු කරන නිෂ්පාදන වැඩි කිරීම ඇතුළත් ආර්ථික ප්‍රතිපත්ති අපේ විකල්ප විය යුතුයි. මේ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් මෙන්ම විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමෙන් සිය පක්ෂයේ සැබෑ ස්ථාවරය තහවුරු කරනු ඇතැයි මා විශ්වාස කරනවා

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *