ඊශ්‍රයලය විශ්වාසය පාවාදුන් බව අමෙරිකාව කියයි

මෙතෙක් කලක් ඊශ්‍රායලයේ ආරක්ෂකයා ලෙස කටයුතු කළ ඇමෙරිකාව විසින් ඊශ්‍රායලය විශ්වාසය පාවා දුන් බවට වන චෝදනාවක් එල්ල කර තිබේ.

ඊශ්‍රායලයට මෙම චෝදනාව එල්ල කිරීමට හේතු වී ඇත්තේ පලස්තීනයට අයත් බටහිර ඉවුරේ ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් ජනාවාස ඉදිකිරීමත් සමගය. පසුගිය දිනෙක එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතාද මෙම ඊශ්‍රායල බලහත්කාරය නතර කරන ලෙසට දැනුම් දී තිබියදී එයද තැකීමකට ලක් නොකරමින් මෙම ජනාවාස ඉදිකරමින් තිබේ.

ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය සීමන් පෙරස්ගේ අවමඟුල් උත්සවයටද ඇමෙරිකානු ජනාධිපතිවරයා සහභාගී වී තිබුණේ මීට දින කිහිපයකට ඉහතදී වන අතර මෙතෙක් කලක් ලෝකයේ සියලුම රටවලින් ඊශ්‍රායලට එරෙහිව හඩක් නැගෙද්දී  ඇමෙරිකාව ඊශ්‍රායලය ආරක්ෂා කරමින් ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියා අනුමත කරමින් සිටියේය. මෙම ජනාවාස ඉදිකිරීමේ හේතුවෙන් පලස්තීනය සමග සාමය ගොඩනගා ගැනීමේ උත්සාහය හා යුදෙව් රාජ්‍යයක් ගොඩ නැගීමේ අනාගත අපේක්ෂාවද හානිකර වී ඇතැයි ඇමෙරිකානු රජයේ ප්‍රකාශකයකු වන මාක් වෝනර් ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකාව මීට ආසන්න දිනෙක ප්‍රකාශ කර සිටියේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ඩොලර් බිලියන 38ක දැවැන්ත යුද ආධාරයක් ඊශ්‍රායලට ලබා දීමට තීරණය කර ඇති බවයි. මිහිපිට එළිමහන් සිරකඳවුරක ජීවත් වන පලස්තීනුවන් වෙනුවෙන් කිසිදු උපකාරයක් ලබා නොදෙන ඇමෙරිකාව,  පලස්තීනයට ආධාර ලබා දෙන අනෙකුත් රටවලටද බලපෑම් සිදු කරමින් සිටී. එසේ තිබියදී මෙවැනි මතුපිට ප්‍රකාශයන් තුළින් සිදු ඇමෙරිකාව සිදු කරමින් සිටිනනේ සිය මුග්ද ප්‍රතිරූපය වසන් කර ගැනීමේ උත්සාහයක් දැයි යන්න සැක සහිත බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *