තායිලන්තයේ නගර කිහිපයක බෝම්බ පිපුරුම්…

තායිලන්තයේ නගර කිහිපයක සිදුවූ බෝම්බ පිපුරුම්වලින් අවම වශයෙන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ යැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

‍ෆුකිට් දූපත,ස්වාට්තානි,ක්වා හිං,ප්හාන්ග් නගී ආදී නගරවල මෙම පිපුරුම් සිදුව ඇති බවත්,තාමත් පිපුරුම්වල  හානිය පිළිබඳ තක්සේරු කරගත නොහැකි බවත් විදෙස් පුවත් සේවා උපුටා දක්වයි.

අද දිනයේ තායිලන්ත රැජිනගේ උපන්දිනය යෙදී ඇති බැවින් දේශීය කඩාකප්පල්කාරීන්ගේ ත්‍රස්ත ක්‍රියාවන් මිස විදේශීය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව තායි පොලීසිය සඳහන් කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *