ලේඅවුට් වොරියර්ස් පිල ශූරතාව දිනයි

විජය පුවත්පත් සමාගමේ ඞී.ටී.පී. දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ඩී.ටී.පී.එල්. විශිෂ්ටයන්ගේ සංග‍්‍රාමය කි‍්‍රකට් තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවැනි වතාවටත් දිනා ගැනීමට ‘ලේ අවුට් වොරියර්ස්’ කණ්ඩායම සමත් විය.

බොරැල්ල දුම්රිය ක‍්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වණු මෙම තරගාවලිය සඳහා ඞී.පී.පී. දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 7 ක් තරග වැදුණු අතර ඒ අතුරින් ‘ලේ අවුට් වොරියර්ස්’ සහ ‘ෆොටෝ එඩිට් පයරේට්ස්’ කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූහ.

අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනු ‘ලේ අවුට් වොරියර්ස්’ කණ්ඩායමේ නායක තුෂාර සම්පත් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර සාලින්ද විතානගේ සහ සුසාර සංජීව ‘ලේ අවුට් වොරියර්ස්’ ඉනිම ආරම්භ කළහ. නියමිත පන්දු ඕවර 8 තුළදී  කඩුළු 6 ක් දැවී ලකුණු 85 ක් රැස්කර ගැනීමට ‘ලේ අවුට් වොරියර්ස්’ සමත්විය.

පිළිතුරු ලෙසින් ‘ෆොටෝ එඩිට් පයරේට්ස්’ කණ්ඩායමට  ඕවර 7.3 ක් තුළදී සියලූ දෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 43 ක් පමණකි.

‘ලේ අවුට් වොරියර්ස්’ කණ්ඩායමට ලකුණු 42 ක පහසු ජයක් හිමිවිය.

ලකුණු 26 ක් රැස්කරගනිමින් උඩ පන්දු 2 ක්ද රැකගත් සුසාර සංජීව අවසන් මහා තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.

තරග තුනකදී ලකුණු 63 ක් ලබාගත් සාලින්ද විතානගේ තරගාවලියේ දක්‍ෂතම පිතිකරු සම්මානයද, තරග තුනකදී ලකුණු 81 ක් සහ කඩුළු 4 ක් ලබාගත් ධනුෂ්ක විජේසිරි තරගාවලියේ වීරයා සම්මානයද දිනාගත්හ. තරග 3 කදී කඩුළු 10 ක් දවා ගත් ‘ලේ අවුට් වොරියර්ස්’ නායක තුෂාර සම්පත් තරගාවලියේ හොඳම පන්දු යවන්නා සම්මානය දිනාගනු ලැබීය.
‘ලේ අවුට් වොරියර්ස්’  ඕවර 8 කදී කඩුලූ 6 ක් දැවී 85
(සුසාර සංජීව ලකුණු 26, ධනුෂ්ක විජේසිරි 13, චන්න කස්සප 14/1, චානක කරුණාසිංහ 14/3)

‘ෆොටෝ එඩිට් පයරේට්ස්’ ඕවර 7.3 කදී 43
(චන්න කස්සප 10, තුෂාර සම්පත් 16/2, චරිත් ඉඳුනිල් 04/2, ලලින්ද පි‍්‍රයංකර 12/4, ධනුෂ්ක විජේසිරි 11/2)

 

– See more at: http://kelimandala.lankadeepa.lk/article/62406/%E0%B6%BD%E0%B7%9A%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%A7%E0%B7%8A-%E0%B7%80%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BD-%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%92#sthash.B9QP6VJc.dpuf

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *