බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා…” – මාලිංග

පාදයේ අබාධ තත්වය හේතුවෙන් මාලිංග ඉකුත් ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිළ නියෝජනය කළේ එක් තරගයකට පමණයි. ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලියද ඔහුට අහිමි වීමට බලපෑවේද මෙම පාදයේ අබාධයයි.
එවන් පසුබිමක පසුගියදා IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග මාලිංග එක් වී ඇති බවට විවිධ ප්‍රචාර සිදු වුණා.
මේ වන විට ආන්දෝලනාත්මක ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්ව සිටින ලසිත් මාලිංග පසුගියදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රතිචාර දැක්වුවා.
එම සංවාදය පහතින් දැක්වේ.
ප්‍ර – මාලිංග ඔබ මුම්බායි ඉන්දියන්ස් පිළ සමග එක් වී හර්බජාන් සිං සමග ගත් ඡායාරූපයක් සමාජ ජාල ඔස්සේ සංසරණය වුණා. ඒ ගැන මොකද කියන්නේ.?
පි – ඇයි මට ලෝකෙ වටේ යන්න බැරිද?. මට වීසා තියෙනව නම් යාළුවො හම්බවෙන්න යන්න පුළුවන්. අනෙක් අයත් ඔය ඕන තරම් යන්නෙ.
ප්‍ර – ඔබට එල්ලවන චෝදනා ගැන මොකද හිතෙන්නෙ ?
පි – ලංකාවේ ක්‍රිකට්වලට එකම ජෝගිය මමනෙ. ඔහොම යං කෝ.. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. ඕක තමයි රට යන විදිහ. මිනිස්සුන්ට ඕන දේ ඕක තමයි. මම බලං ඉන්නෙ.. කවදා හරි තේරෙයිනෙ

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *